මස් තෝරන්නේ කොහොමද?


උත්සව සමයක් අත ළඟටම ඇවිල්ලා. මේ කාලයේදී නිවසට එන නෑ හිතමිතුරන්ට සංග්‍රහ කරන්න විශේෂ කෑම වේලක් සූදානම් කරන්න ඔබ අමතක කරන්නේ නෑ නේද? ඒ කෑම වේලට මස් වර්ගයක් එකතු කරන්නට ඔබ අදහස් කරනවා නම් මේ උපදෙස් ගැනත් මදක් අවධානය යොමූ කරන්න.

ඕනෑම මස් වර්ගයක් මිලදී ගැනීමේදී මස්වල ස්වභාවය ගැන අවධානය යොමූ කළ යූතුයි. නිල් හෝ කලු පැහැ වූණූ, දුර්වර්ණ වූ මස් මිලදිගන්න එපා. විශේෂයෙන්ම හරක් මස් නිල් පැහැ වී ඇත්නම් ඒවා නරක් වෙලා.

කුකුළු මස් හැර අනෙක් සියලුම මස් වර්ග තද රතු පාටින් තිබිය යූතුයි. කුකුළු මස්වල එතරම් තද වර්ණයක් නෑ. ඒ වගේම මස් තද ගතියකින් තිබෙන්නට ඕන. ඇතැම් විට වෙළෙඳ පොළේ තැලුණ, ලිහිල් හැලෙන ස්වභාවයේ මස් තිබෙනවා. මේවා මිලදී ගන්න එපා.

කුකුළු මස් තෝරාගන්නා විට එය ගඳකින් යූතුනම් ගන්න එපා. එදිනම රැගෙන ආ කුකුළුමස් නම් හොඳයි. ශීතකළ ඒවානම් ඉතා හොඳින් අධි ශීතකරණ පහසූකම් ඇති ස්ථානයකින් මිලදී ගත යූතුයි. නිතරම හොඳ වෙළෙඳාමක් ඇති තැනකින් මස් මිලදී ගැනීමෙන් නරක් වූ මස් ලැබෙන්නේ නෑ. එවැනි තැන්වල මස් පරණ වෙමින් තබා ගන්නේ නෑ.

හරක් මස් හා එළු මස්වල තෙල් කොටස් තිබෙනවා. ඒවා ආහාරයට ගන්නේ නෑ. ඉවත් කළ යූතුයි. එවැනි තෙල් කොටස් තිබෙනවා නම් එම මස් ගන්න එපා.

සූපිරි වෙළෙඳ සැල්වලින් බොහෝ දෙනෙක් භාණ්ඩ මිලදී ගන්නේ නෑ. ඒවායේ මිල අධිකයැයි සිතා. නමූත් මෙවැනි වෙළෙඳ සැල්වල ඇති මස්වල ඉවත් කිරීමට දෙයක් නෑ. ඒවා පිරිසිදු කර පැකටි කරලයි තිබෙන්නේ. ඒ නිසා මිල මදක් වැඩි වූණත් එය වාසියක් වේවි.

සූපවේදිනි අසෝකා ජයසේකර
සැකසූම චාමරි බණ්ඩාර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment