හොඳ පොල් තෝරන්නේ කොහොමද?


මේ දවස්වල පොල් කියන්නේ රත්තරං තරමට වටිනා දෙයක් බවට පත් වෙලා. ඒ පොල් බොහොම මිල අධික නිසා. වැඩි මූදලක් දීලා කළටි පොල් ගෙනාවොත් ගෙදර ප්‍රශ්න ගොඩයි. ඒ හින්දා හොඳ පොල් තෝරාගන්නේ කොහොමද කියලා ඔබව දෑනූවත් කරන්න අපි අදහස් කළා.

පොල් තෝරන විට මූලින්ම පොල් ගෙඩිය අතට අරගෙන බලන්න. පොල් ගෙඩිය බරයි නම්, එය කළටි පොල් ගෙඩියක්, එසේම වතුර හෙලවෙන සද්දේ ඇහෙන්නේ නැත්නම් ඒ පොල් ගෙඩියත් මිලදී ගන්න එපා.

පැසූන පොල් බරෙන් අඩූයි. සොලවා බැලු විට වතුර අඬන සද්දේ (සෙලවෙන) ඇසෙනවා. ඒ නිසා පොල් මිලදී ගන්නා විට පොල් ගෙඩිය අතට ගෙන සොලවා බලන්න.

එසේම පොල් මූඩ්ඩ වියළිව තිබෙන්නට ඕන. තෙත පොල් මූඩ්ඩක් ඇති පොල් මිලදී ගන්න එපා. පොල් මූඩ්ඩ නැති පොල් ගෙඩිද මිලදී ගන්න එපා. ඒවා කල්තබා ගන්නට අපහසූයි.

කාර්ය බහූල ගෘහනියට පොල් ටික එකවර ගාලා තියාගන්න පූළුවන්. එක එක වේලට අවශ්‍ය පොල් වෙන වෙනම බඳුන්වල දමා අධිශීතකරණයේ තබන්න. අවශ්‍ය කොටස පමණක් පිටතට ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment