මොකක්ද මේ හාටි ඇටෑක්

හෘදයාබාධයක් ලෙස අපි හඳුන්වන්නේ හෘදයේ තිබෙන කිරීටක ධමනියක කොලෙස්ටරෝල් තැන්පතුවක් මත ඇතිවන රුධිර කැටියක් නිසා රුධිර නාලය සම්පූර්යෙන්ම අවහිර කරවන තත්ත්වයයි. එසේ රුධිර නාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වූණාම වෙන්නේ හෘදය වස්තුවේ එම රුධිර නාලය මගින් රුධිරය සපයන කොටස මියයෑම. එය තමයි හෘදයාබාධයක ඇති මූලික ලකෂණය.

හෘදයාබාධයක් ඇතිවෙන්නේ කිරීටක ධමනියක් සම්පූර්ණයෙන්ම අවහිර වූණාම කියල මම කිව්වනේ. එතනදී වෙන්නේ කිරීටක ධමනය තුළ තිබෙන කොලෙස්ටරෝල් තැන්පතුව පූපූරායාම මත මෙම කොලෙස්ටරෝල් රුධිරයේ ඇති යම් යම් සංඝටක සමග ගැටෙන්න පටන් ගැනීමයි. එසේ ගැටීමේදී එතනදී ඇති වෙනවා ප්‍රතික්‍රියාවක් රුධිර කැටිගැසීමේ. මෙතනදී වෙන්නේ රුධිරය කැටි ගැසීමට දායකවන රුධිර පටිටිකා මත ෆයිබ්‍රිරීන් කියන තන්තුමය පටකය හැදෙන්න පටන් ගන්නවා. එම පටකය හරියට මකුණූ දැලක් වගේ. එම කෙදි අතරට ඇවිල්ලා රුධිර ෙසෙල හිරවෙන්නට පටන් ගන්නවා. මෙම රුධිර කැටිය හැදෙන්නේ කිරීටක ධමනියේ කුහරය තුළ. එතනදී වෙන්නේ කුහරය තුළින් ගමන් කළ ලේ ගමනාගමනය අඩාලවීම. එය තමයි හෘදයාබාධයක් ඇතිවීමේ ක්‍රියාවලිය.

මෙසේ රුධිර නාලය අවහිර වෙන්න හේතු සාධක කාරණා තමයි අපි කලින් සතියේ ලිපියේදී කතා කළේ. වයසට යෑම, පිරිමි අය ගැහැනූ අයට වඩා තුන් ගුණයකින් වැඩියෙන් කොලෙස්ටරෝල්වලට ගොදුරුවීම, දුම්පානය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් බව, අඩූ ්‍යෘඛ ප්‍රමාණය, පරම්පරාවෙන්, ස්ථූලභාවය, මානසික ආතතිය, ව්‍යායාම් රහිත දින චර්යාව තමයි සාධක වෙන්නේ. හැබැයි කෙනෙකුට හෘදයාබාධයක් හැදුනාම මෙයින් එකක් නිසා හෘදයාබාධය හැදුනා කියලා නිශ්චිතව කියන්න බැහැ. මෙවැනි සාධකවල සංකලනයක් මගින් තමයි මෙම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නමූත් මෙවැනි එක් සාධකයක් තිබූණාම වූනත් හෘදයාබාධයක් ඇති වෙන්න පූළුවන්. නමූත් අධික රුධිර පීඩනය වැඩියෙන් තියෙන කෙනෙකුට වඩා සාධක ගණන වැඩි වෙන්න වැඩිවෙන්න උදාහරණයක් විදිහට අධික රුධිර පීඩනය පාලනය කරමින් සිටින කෙනෙකුට වඩා රුධිර පීඩනය දියවැඩියාව සහ කොලෙස්ටරෝල් යන්තම් තිබෙන කෙනෙකුට හෘදයාබාධයක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළයි. එක සාධකයක් තිබීමට වඩා වැඩියි සාධක කිහිපයක් සම්පූර්ණවීම තුළ හෘදයාබාධයක් අතිවීමේ ප්‍රවණතාව.

අපි එදිනෙදා ගන්නා ආහාරත් හෘදයාබාධයක් ඇතිවීමට බලපෑමක් ඇති කරවනවා. විශේෂයෙන්ම මිනිසාට කොලෙස්ටරෝල් සහ දියවැඩියාව කියන රෝග තත්ත්වය ඇති කරන්න බලපාන ආහාර හෘදයාබාධ ඇතිවීම කෙරෙහිත් බලපානවා. දියවැඩියාවට බලපාන්නේ අපි ගන්නා සීනි ප්‍රමාණය. ඒකට හේතුව තමයි අපි ගන්නා පිෂ්ඨය ප්‍රමාණය ඉහළවීම.

කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යන්න බලපාන මස්, බිත්තර, චීස්, බටර්, පොල් තෙල් වැනි සංතෘප්ත මේද අම්ල අඩංගු ආහාරත්, කෂණික ආහාර සංස්කෘතිය නිසා අපි ගන්නා කෂණික ආහාරත් හඳුන්වා දෙන්න පූළුවනි. තවත් දෙයක් තමයි තෙල් ආහාර වැඩිවීමත්, තන්තු ආහාර අපේ කෑම වේලෙන් ටිකෙන් ටික ඉවත්වීමත් හඳුන්වන්න පූළුවනි. ලුණූ අධික ආහාර කාලයක් තිස්සේ ආහාරයට එකතු කර ගැනීමෙන් අධික රුධිර පීඩන තත්ත්වය ඇති වෙනවා.

ආහාරවල ගුණාත්මකභාවයත් ප්‍රමාණාත්මකභාවයත් වෙනස්වීම හෘදයාබාධ ඇති වෙන්න බලපෑමක් ඇති කරනවා.

හෘදයාබාධයක් ඇතිවෙන්න වයස් සීමාවක් බලපාන්නේ නැහැ. අපි දන්නවා අවූරුදු විස්සේ, විසිපහේ අයටත් හෘදයාබාධ ඇති වෙනවා. අපේ සමහර පිරිමි අය තරුණ කාලේදී හිතනවා මම තාම තරුණයි. දැන් මම දුම් බිව්වට කමක් නැහැ. මම තව ටිකක් වයසට ගියාම දුම්බීම අත්හරිනවා කියලා. විශේෂයෙන් අප දකින අඩූ වයසින් හෘදයාබාධවලට ගොදුරු වන බොහෝ පිරිමි අය දුම්පානය නිසයි මෙම තත්ත්වයට ගොදුරුව ඇත්තේ. එමනිසා හෘදයාබාධයක් ඇතිවෙන්න වයස් සීමාවක් නැහැ. හැබැයි අපි මූලින් සඳහන් කළ සාධකවලින් එකක් හෝ කිහිපයක් තිබේ නම් වයසට යාමත් සමග හෘදයාබාධයක් ඇතිවීමේ සම්භාවිතාව වඩාත් වැඩිවෙනවා.

හෘදයාබාධයක් ඇතිවෙන්න රෝග ලකෂණ විවිධාකාරයි. ඇතැම් අයට පපූවේ මැද වේදනාවක් ඇති වෙනවා. තවත් කෙනෙකුට පපූවේ වේදනාව ඇතිවෙලා අත දිගට ගමන් කරනවා වගේ දැනෙන්න පූළුවන්. මෙය තමයි බහූලව තිබෙන රෝග ලකෂණය වෙන්නේ. ඇතැමූන්ගේ පපූවේ වම් පැත්තෙන් රිදෙන්න පටන්ගෙන දකුණූ පැත්ත දක්වා රිදීම පැතිර යනවා. සමහර වෙලාවට බඩ දැවිල්ලක් ඇවිල්ලා ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ලෙස දැනෙන්න පටන් ගන්නවා. මෙවැනි යම් යම් ඉඟි තමයි සපයනූ ලබන්නේ හෘදයාබාධයක් ඇතිවීමේදී මූලිකව අපට දෑනෙන්නේ පපූවේ වේදනා තත්ත්වයක් පමණයි. නමූත් අපි නිතර නිතර කතා කරන පපූවේ මහන්සිය එන්නේ ඇන්ජයිනා ලෙස හඳුන්වන තත්ත්වවලදීයි. හෘදයාබාධයක සහ ඇන්ජයිනා කියන රෝග දෙකෙහි ඇතිවන රෝග ලකෂණ වෙනස් වෙනවා.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය
කනිෂ්ක කමලදාස

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment