ප්‍රසව වේදනාව නැතිකරන බැවිල

බැවිල පිළිබඳව නූතන සමාජයේ බොහෝ අය නොදන්නවා වූණාට එය ඉතා ඖෂධීය ශාකයක් ලෙස පෙන්වාදීමට පූළුවන. නූතන ගැබිනි මවූවරු ප්‍රසව වේදනාව ඇතිවිට විවිධ ඖෂධ පෙති වර්ග භාවිත කළ ද අතීතයේ අපේ ආච්චි අම්මලා ප්‍රසව වේදනාව සමනය වීම සඳහා බැවිල සහ සූදු ළුෑනූ තම්බා පානය කළහ.

බැවිල ශාකයේ සියලුම කොටස් ඔසූ සඳහා ප්‍රයෝජනයට ගනූ ලබයි. මෙහි ශාර පදාර්ථ, පිච්චිල ද්‍රව්‍ය (රසායනික ද්‍රව්‍ය), පොටෑසියම්, නයිටිඩේ්‍රටි, දුම්මල, අන්තර්ගතය.

ආයූර්වේදයේදී බැවිල ඉතා වටිනා බෙහෙතක් විදියට බොහෝ රෝගවලට ගනූ ලබයි. මෙය අප එතරම් සැලකිල්ලක් නොදැක්වූවත් අපගේ සිරුරට ශක්තිය වඩවාලීමේ හැකියාව තිබේ. අපේ සීයලා, ආච්චී අම්මලා කියනවා මට හන්දිපත් රුදාවද කොහෙද? බැවිල ටිකක් තම්බලා බිව්වොත් හොඳයි කියලා. එසේ පවසන්නේ බැවිලවලට වාතය, පිත සමනය කිරීමේ ගුණය තිබෙනව නිසාය.

ඒ වගේම මූත්‍රා ආසාදන තිබෙන අයට ඉතා හොඳ මූත්‍රාකාරක ඖෂධ පැළෑටියකි. මළ පිටකිරීම අපහසූ අවස්ථාවලදී ද ගුණදායක බැවිල අපගේ හෘදයට ද සමීප බවට හඳුන්වන්නට හැක.

විශේෂයෙන් සඳහන් කළ යූතු වන්නේ ගර්භනී මව්වරුන්ගේ ගර්භාෂය ශක්තිමත් කිරීමේ හැකියාව මෙය සතු බවයි. ඒ වගේම කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම වැඩි කිරීමේ බලයත්, ගැබිනි මව්වරුන්ගේ ආරක්ෂාකාරී වේදනා නාශකයක් විදියටත් බැවිල ක්‍රියාකරයි. සන්ධි රෝග වගේම සිරුර පෘෂ්ටිමත් කිරීමේ හැකියාවත් රක්ත, පිත සමනය කිරීමේ ගුණයත් බැවිල සතුව පවතී.

බැවිල වර්ග කිහිපයකින් යූතු වන අතර කේසර බැවිල ඖෂධයක් විදියට ගනූ ලබන්නේ සිරුරේ හටගෙන තිබෙන ගෙඩි පැසවීම සඳහා වේ. මෙහි පත්‍ර සිහින්ව අඹරා ආලේප කිරීමෙන් සූවයක් ලැබේ.

රුධිරය වහනය වන අර්ශස්වලටද කොළ පළා මැල්ලුමක් විදියට ආහාරයට දෙනූ ලබයි. ඒ වගේම බැවිල ස්වභාවික ශාකමය විෂබීජ නාශකයක්. සිරුරේ තුවාල සෝදා පිරිසිදු කිරීමට ආයූර්වේදයේදී යොදාගනී.

ආයූර්වේද වෛද්‍ය උපේන්ද්‍රා දිල්රුක්ෂි
සෙත්මිර ආයූර්වේද ආයතනය,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment