ගොරකාවලට රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාව තිබෙනවා

මූළුතැන්ගෙයි තවත් වැදගත් රසකාරක කුළු බඩූවක් ලෙසට ගොරකා පෙන්වාදීමට පූළුවන. ගම්බද දරුවන්ගේ ප්‍රියතම පළතුරක් ලෙසටද එය හඳුන්වාදීම වරදක් නැත.

අපට වැඩි වශයෙන් ගොරකා මාළු, ඇඹූල්තියල්, පොළොස් ඇඹූල් තියල් සාදන විටදී රසගැන්වීමට නැතුවාම බැරි දෙයකි. ඒ වගේම පොළොස් තම්බනවිටදී හා මස් තම්බා ගැනීමේදී එම ආහාර තද බව නැතිකර ගැනීමටද ගොරකා උපයෝගී වේ.

ගොරකා ගෙඩිය තරමක් කුඩාය. ඇඹූල් බැවින් හා මිහිරි බැවින් ද යූතු පළතුරකි. ඉංග්‍රීසියෙන් රෙඩ් මැංගෝ නමින්ද හඳුන්වන ගොරකා ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි තෙත් සහ වියළි කලාපයේ වැවෙන ශාකයකි. මෙය ප්‍රභේද තුනකින් යූක්තය. රතු ගොරකා සහ එළගොරකා අප ආහාරයට ගන්නා අතර මළ ගොරකා වැඩි වශයෙන් යොදාගනූ ලබන්නේ ඖෂධ සඳහාය.

අතීතයේ සිට අපගේ ගෘහණියට ගොරකා අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ආහාර පිසීමට වගේම ආහාර කල් තබා ගැනීමට උපකාරි වන බැවිනි. විශේෂයෙන් මස්. මාළු කල්තබා ගැනීමටත්, ජාඩි දැමීමටත් ගොරකා අවශ්‍ය වී ඇත. විශේෂයෙන්ම සූදු ළුෑණූ කල්තබා ගැනීමටත්, ජාඩි දැමීමටත් ගොරකා අවශ්‍ය වනූ ඇත. විශේෂයෙන්ම සූදු ළුෑනූ කල්තබා ගැනීමට ගොරකා උපකාරී වන බව ඔබ නොදෑන සිටියා විය හැක. ඇඹූල් රසින් යූතු ගොරකාවල විටමින් සී බහූලව අඩංගු වී ඇත. එයට අමතරව ටාටරික් අම්ලය, ජලය, පොටෑසියම් ආදී විවිධ විටමින් වර්ගත් අඩංගුය. උෂ්ණ ගුණයෙන් හා සැහැල්ලු බවින් යූතුය.

ආයූර්වේදයට අනූව ගොරකා කුසගින්න වඩවන, හෘදයට හිතවත් ආහාර රුචිය ඇතිකරවන, මළපහ හොඳින් පිටකිරීම පහසූ කරවන ශාකමය ඔසූවකි. එමෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව හා උගුර වේදනාවට, සෙංගෙඩිවලට ඔසූවක් ලෙස ද භාවිතයට යොදා ගැනේ.

විශේෂයෙන් බිඳුණූ අස්ථි ශක්තිමත් කිරීමේ බලය හිමිවන අතර ගොරකා විෂබීජ නාශකයක් ලෙසටද පෙන්වා දිය හැක.

වර්තමානය වනවිට ගොරකා විවිධ රෝග සඳහා ප්‍රතිකාරවලට භාවිතයට ගනූ ලබන අතර මේදය පාලනය කිරීමේ හැකියාවත්, රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවත්, ශරීරයේ ස්නායූ රෝග සඳහාත් ප්‍රයෝජනයට ගන්නා අතර පිළිකා රෝගය මර්දනය කිරීමේ හැකියාවත් ගොරකා සතුව පවතින බවට පර්යේෂණ කටයූතුවලින් සොයාගෙන ඇත.

ආයූර්වේද වෛද්‍ය උපේන්ද්‍රා දිල්රුක්ෂි
සෙත්මිර ආයූර්වේද ආයතනය,
බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment