උගුරට ඇවිත් හදවත ලෙඩ කරන සතුරා


අද අපි රූමැටික් උණ කියන රෝගී තත්ත්වය ගැන කතා කරමූ. විශේෂයෙන් මෙම රෝගය බහූලව වැළඳෙන්නේ ළමා කාලයේදී. අවූරුදු පහත් පහළොවක් අතර දරුවන්ට තමයි රූමැටික් උණ බහූලව හැදෙන්නේ. උගුර ආසාදනය කරනූ ලබන ස්ටෙප්ටොකොකස් පයෝජනීස් නමින් හඳුන්වන බැක්ටීරියා විශේෂය වෙනූවෙන් සහ ඊට විරුද්ධව ඇඟ ඇතුළේ හදන ප්‍රතිශක්තියේ වැරදි ක්‍රියාවලියක් නිසා තමයි මෙම ආසාදන තත්ත්වයන් ඇතිවෙන්නේ.

එතකොට මෙම රෝග තත්ත්වය වළක්වා ගන්න මූලික පරමාර්ථය විය යූත්තේ උගුර ආසාදනය කරනූ ලබන ස්ටෙප්ටොකොකස් බැක්ටීරියාව උගුරෙන් අතුගා දෑමීම. අනෙක් එක තමයි මෙම බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට යෑම පාලනය කිරීම. උගුරේ ආසාදනය සූළු කොට නොතකා ඒ සඳහා මූලික වශයෙන් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගැනීම මගින් රෝගයට ප්‍රතිකාර ගැනීම.

අපි හිතමූ ස්ටෙප්ටොකොකස් පයෝජනීස් බැක්ටීරියාවේ යම් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට යන්න ඈත අතීතයේ තිබූ යම් යම් සාධකයන් හේතු වූ බව හඳුනාගෙන තියෙනවා.උදාහරණයක් තමයි කුඩා කාමරයක පොඩි ඉඩක වැඩි ජනගහනයක් ජීවත් වීම. එම කාමරයේ එක් අයෙකුට ස්ටෙප්ටොකොකස් බැක්ටීරියාව ආසාදනය වෙලා නම් අනෙක් කොනාට යන්න වැඩි වෙලාවක් නොගොස් එය තවත් කෙනෙකුට ආසාදනය වෙනවා. නමූත් නිවාසවල කුඩා පවූල් ජීවත් වෙන්නට පටන් ගැනීමත් සමාජ ක්‍රමය දියූණූවන්නත් නව ප්‍රතිජීවක සොයා ගැනීමත්, සමග මෙම තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ප්‍රතිජීවක ඖෂධ ඉහළින්ම භාවිත කරන රටවලත් මෙම බැක්ටීරියාව සීග්‍රයෙන් තුරන් වෙලා යනවා. මෙම හේතුන් දෙක නිසා ස්ටෙප්ටොකොකස් බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම අවම වෙලා තියෙනවා.

මම මූලිනූත් කිව්වනේ ස්ටෙප්ටොකොකස් පයෝජනීස් බැක්ටීරියාවට ශරීරයෙන් ඇතිවන ප්‍රතික්‍රියාවේ වැරැද්දක් නිසා තමයි මෙම තත්ත්වය ඇති වෙන්නේ කියලා. එය අපි හඳුන්වනවා හයිපොසෙන්සිටියූ තත්ත්වයක් කියලා. එම බැක්ටීරියාවේ තිබෙන ප්‍රෝටීනයක් හෘදයේ තිබෙන කපාටවල ප්‍රෝටීනයකට සමානබවක් දෑක්වීමයි මෙතනදී වෙන්නේ. එම නිසා බැක්ටීරියාවට හදන ප්‍රතිදේහ ආසාදිතයෙකුගේ ආසාදනය කරන්නේ හෘදයේ වස්තුවේ කුටීරයක්. මෙතනදී බැක්ටීරියාව මැරෙනවා ඇති. නමූත් මෙතනදී බැක්ටීරියාවට අමතරව හෘද වස්තුවත් තුවාල වෙනවා. බොහොම බහූල වශයෙන් තුවාල වෙන්නේ හෘදයේ කපාටයන්. මූලින්ම තුවාල වෙන්නේ ද්විතුණ්ඩ කපාටය. ඊළඟට මහාධමනි කපාටය. ත්‍රිතුණ්ඩ කපාටය සහ පූප්පූෂිය ධමනි කපාටය තමයි ඊළඟට තුවාල වෙන්නේ.

මෙතනදී ප්‍රශ්නේ වෙන්නේ මේකයි. මෙම තුවාලවීම සූළුවෙන් තිබූණොත් අපට පූළුවනි පෙන්සිලින් කියන ප්‍රතිජීවකය තවදුරටත් බැක්ටීරියා ආසාදනය වැළැක්වූවහොත් එම රෝගී තත්ත්වය තවදුරටත් නරක අතට හැරීම සෑහෙන්න දුරට නතර කරන්න. හැබැයි පෙන්සිලින්වලට අසාත්මිකතාවක් දක්වන අයට පූළුවනි දෙන්න වෙනත් ප්‍රතිජීවක ඖෂධ. . උදාහරණයක් තමයි එරිත්ත්‍රොමයිසින් වැනි ඖෂධ. හැබැයි මොනයම් හේතුවක් නිසා රූමැටික උණ හැදිලා කපාට යම් තාක් දුරකට තුවාල වූවාට පසූව කපාට සඳහා විශේෂ ප්‍රතිකාර කළ යූතුයි.

එතනින් පළමූ එක තමයි සිහින් වූ කපාට සඳහා නවීන ක්‍රම උපයෝගි කරගෙන බැලුනයක් ආධාරයෙන් සිහින් බව නැති කරන්න. බැලුනයක් යොදාගෙන සිහින් බව නැතිකරන්න නොහැකි අවස්ථාවලදී අපට සිද්ධ වෙනවා ශල්‍යකර්මයක් මගින් එම තත්ත්වය වෙනස් කරන්න. මෙතනදී වෙන්නේ ශල්‍ය කර්මයක් මගින් සිහින් වූ කපාටය වෙනූවට අලුත් කපාටයක් දෑමීම.

අපි දන්නවා හෘද වස්තුවේ කපාට තියෙන්නේ එක දිශාවකට විතරක් ලේ ගමන් කරන විදිහටයි. නමූත් කාන්දුවෙන කපාටයක් තිබූණොත් වෙන්නේ වෙනත් තත්ත්වයක්. කාන්දු වෙන කාපටයක් සඳහා අපට පූළුවන් වූණේ මෙතෙක් ශල්‍යකර්මයක් මගින් නව කපාටයක් බද්ධ කිරීමක්. මෙය ලොකු ශල්‍යකර්මයක්. දෑන් එම ක්‍රමය සඳහාත් බැලුනය යොදාගෙන විකල්ප ක්‍රම නවීන වෛද්‍ය විද්‍යාව තුළ භාවිත කරනූ ලබනවා.

රූමටික් උණ ලෙස හඳුන්වන රෝගයේ රෝග ලක්ෂණ තමයි මූලින්ම ඇතිවෙන්නේ උගුරේ අමාරුවක්. ඊට පස්සේ සූමාන දෙකක් තුනක් ගියාම උණ හැදෙන්න පටන් ගන්නවා. එය ටිකක් සැරයි.මේ උණත් එක්ක ශරීරයේ විශාල හන්දි ඉදිමෙන්න පටන් ගන්නවා. ඇඟෙ රතුපාට ලප දකින්න ලැබෙනවා. මෙය තාවකාලික ලප වර්ගයක්.

රූමැටික කොරියා තත්ත්වයට බහූලව බලපාන රෝග ලක්ෂණ වෙන්නේ ඇගේ වළක්වා ගත නොහැකි ආකාරයට ඇතිවීය හැකි වෙනස්වීම්. ඊට අමතරව සමෙහි යටින් අතිවිය හැකි ගෙඩි ආකාරයක් හඳුනගන්න පූළුවන්.

යම් යම් පරීක්ෂණ කරද්දි වෛද්‍යවරයාට උගුරේ ඇති ආසාදන තත්ත්වය දෑන්වූ විට පරීක්ෂා කිරීමේදී හඳුනා ගන්න පූළුවන් රූමැටික උණ තිබෙනවාද කියලා. මෙම රෝග තත්ත්වය ඇතිවීමේ අවධානම ගැහැනූ අයට වැඩියි.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය
කනිෂ්ක කමලදාස

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment