ඉවත දමන පොල් කටූවලට මූදල්


මූළුතැන්ගෙය කියන්නේ දිනපතාම අපද්‍රව්‍ය එකතු වෙන තැනක් කිව්වොත්. ගෙදරට රැගෙන එන සිලි සිලි බෑග්, විවිධ ඇසූරුම්, පොලිතින් සහ එදිනෙදා උයන පිහන දේවල් නිසා එකතු වෙන අපද්‍රව්‍යත් මූළුතැන්ගෙයි එකතු වෙන කුණූ මූල්ලේ කොටස්කාරයන් වෙනවා.

උයන පිහන දේවල් නිසා එකතු වෙන දෙයක් තමයි පොල්කටූ කියන්නේ. සමාජය ජනාකීර්ණවීමත් සමග ජීවත් වෙන්නට ලැබෙන ඉඩකඩ සීමාවීම තුළ නිවසේ එකතු වෙන අපද්‍රව්‍ය බැහැර කිරීම විසඳාගත නොහැකි ප්‍රශ්නයක් වෙලා තිබෙන බව පිළිගන්නට වෙනවා. මෙසේ පරිසරයට එකතු වෙන පොල්කටූ මිලට ගන්නත් එයින් පොල්කටූ අඟුරු ආශ්‍රිතව සකී්‍රය කාබන් නිපදවන්නත් පූරෝගාමී වූ ආයතන ලංකාවේ තියෙනවා. එයින් මූල් තැනක් ලබාගන්නේ හේලීස් සමූහ ව්‍යාපාරය තුළ තිබෙන හේකාබ් ආයතනය. 1973 වසරේ ආරම්භ කළ හේකාබ් ආයතනයේ මෙම ක්‍රියාවලිය ගැන නවලියට අදහස් ඉදිරිපත් කළේ ඇසූරුම් සහ අමූද්‍රව්‍ය, පිළිබඳ කළමනාකරු ලෙස කටයූතු කරන සංජය පෙරේරා මහතා.

ලංකාවේ වගා කරනූ ලබන පොල් නිෂ්පාදනයෙන් සියයට හැත්තෑවක් මිනිසූන් පරිභෝජනය සඳහා යොදා ගන්නවා. ඒ නිසා විශාල පොල්කටූ ප්‍රමාණයක් එදිනෙදා පරිසරයට එකතු වෙනවා. නිවෙස්වල, හෝටල්වල, රෝහල්, වෙනත් ආහාර නිෂ්පාදන ආයතනවල මහා පරිමාණයෙන් එකතු වෙන පොල් කටූ පරිසරයට හානි කර අන්දමෙන් එකතු වීම වළක්වන වැඩසටහනක් ලෙසයි අපි පොල්කටූ මිලට අරගෙන කාබන් ලෙස ප්‍රතිචක්‍රියකරණය කරනූ ලබන්නේ. පොල්කටූ විතරක් නෙවෙයි පොල්කටූ අගුරුත් අපි මිලට ගන්නවා.

පාසල් මටිටමෙන්, එක් එක් ප්‍රදේශවල පවත්වන සමිති මටිටමෙන් සහ පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශවල පොල්කටූ එකතු කිරීමේ ව්‍යාපාරය පවත්වා ගෙන යන ගැනූම්කරුවන් මටිටමෙන් එකතුකර ගන්නා පොල්කටූ අප මිලට ගනූ ලබනවා.

මෙතනදී කියන්න ඕන දෙයක් තියෙනවා අපට නිවෙස්වල වෙන වෙනම එකතු වෙන පොල්කටූ කිලෝ ගණනට මිලට ගත නොහැකියි. අප මිලට ගැනීම සිදු කරන්නේ මහා පරිමාණයෙන් නිසා නිවසේ එකතු වෙන පොල්කටූ ගෘහනියන්ට එකතු වෙලා ප්‍රදේශයේ තිබෙන මහිලා සමිති, කාන්තා සංවිධාන මටිටමෙන් හෝ නිවෙස්වල දුවා දරුවන් මාර්ගයෙන් පාසල් ව්‍යාපෘතියක් ලෙස හෝ මහා පරිමාණයෙන් එකතු කරලා අපට ලබාදීම කළ හැකියි. එසේ ලබා දෙන පොල්කටූ අපේ කර්මාන්තශාලා දෙකෙන් කටාන පාරේ දහනව වෙනි සැතපූම් කණූව ලෙස හඳුන්වන බඩල්ගම ප්‍රදේශයේ තිබෙන කර්මාන්තශාලාවේදී මිලට ගැනීම කරනූ ලබනවා. අපගේ කර්මාන්තශාලාවල පොල්කටූ සකී්‍රය කාබන් තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා රිකෝජන් යනූවෙන්. මෙය ඉතාම මිල අධික ක්‍රියාවලියක්. නමූත් පරිසර හිතකාමියි. මෙම ක්‍රියාවලියේදී පොල් කටූ දහනය වීමේදී ඇතිවන දුමෙහි තිබෙන ඉන්ධනය ගෙන එය බොයිලර් එකක් මාර්ගයෙන් ටර්බයිනයකින් විදුලිය නිෂ්පාදනය කරලා එම විදුලිය ජාතික විදුලිබල පද්ධතියට අපි යොමූ කරනවා. මෙම ක්‍රියාවලිය සඳහා දවසට පොල්කටූ ටොන් 30 ඃ 35 ක් අතර අවශ්‍ය වෙනවා. ඉදිරියේදී මෙය ටොන් 90 ක් දක්වා විශාල කරන්න අපි කටයූතු කරගෙන යනවා.

එම නිසයි අපි මහා පරිමාණයෙන් පොල්කටූ එකතු කරන්නේ. පොල් ත්‍රිකෝණය අවට අපිට ගැණූම්කරුවන් සියයක් එකසිය පනහක් විතර ඉන්නවා. දකුණූ පළාතේ කොප්පරා කර්මාන්තය කරගෙන යන නිසා අපට සැපයූම්කරුවන් දහයක් පහළොවක් විතර ඉන්නවා.

නමූත් අපට පොල්කටූ අඟුරු මිලට ගැනීම තමයි ලාබදායක වෙන්නේ. කුඩා පරිමාණයෙන් වළවල් හදලා පොල්කටූ පූච්චලා අඟුරු හදන කර්මාන්තයෙන් පිටවෙන දුම ඉතාම අහිතකර නිසා දෑන් දෑන් පරිසර අමාත්‍යාංශයෙන් කුඩා පරිමාණයෙන් නිවෙස්වල කරගෙන යනූ ලබන පොල්කටූ අඟුරු සෑදීම තහනම් කරගෙන යනවා.

පොල්කටූ මිලට ගැනීමේ ක්‍රියාවලිය ගැන තවදුරටත් පැහැදිලි කළොත් මම මූලින් කිව්වනේ අපේ කර්මාන්තශාලා දෙකෙන් බඩල්ගම කර්මාන්තශාලාවේදී පොල්කටූ මිලට ගන්නේ මහා පරිමාණයෙන් කියලා. වරකට පොල්කටූ ටොන් හතරක් හතරහමාරක් හෝ ඊට වැඩි විය යූතුයි. නැතිනම් දුර බැහැර ඉදලා පොල්කටූ එකතු කරලා ප්‍රවාහන ගාස්තු වියදම් කරලා පොල්කටූ එකතු කරලා අරගෙන යන එක පාඩූයි. උදේ 8.00 ඃ සවස 3.00 අතර අපේ කර්මාන්තශාලාවේදී පොල්කටූ මිලට ගන්නවා. දහවල් දොළහෙන් ඉස්සර වෙලා ගෙනාවෙත් එදාම සල්ලි ගන්න පූළුවන්. චෙක් පතක් මාර්ගයෙන්. දෑනට අපි පොල්කටූ ටොන් එකකට රුපියල් 4500 ක මූදලක් ලබා දෙනවා. සමහර කාලවලට පොල් කටූ ටොන් එකක් රුපියල් 6000 ක මූදලට පවා අපිට ගන්න වෙන අවස්ථා තියෙනවා. එක් එක් හේතුන් මත මෙම මූදල වෙනස් වෙනවා. මේ ලැබෙන මූදල ලැබෙන්නේ ඉවත ලන පරිසරයට බැහැර කරන ද්‍රව්‍යයක් නිසයි. පරිසර ව්‍යාපෘති ලෙස පාසල්වල පොල්කටූ එකතු කරලා විකිණීමෙන් අඩූ ආදායම් ලැබූ පාසල් මූදල් ලබා ගෙන පාසල් සංවර්ධන වැඩසටහන් වලට දායක කළ අවස්ථා තියෙනවා. මෙවැනි ව්‍යාපෘති කළ පාසල් කිහිපයක් තමයි ඔලබොඩූව සොයිසා විද්‍යාලය, නූගේගොඩ අනූලා විද්‍යාලය, කොළඹ සංඝමිත්තා විද්‍යාලය වැනි පාසල්. පොල්කටූ මිලට ගැනීම මගින් පොල්කටූ අඟුරු සක්‍රිය කාබන් තත්ත්වයට පත් කරන්නේ ලංකාවේ අපි පමණයි. නමූත් පොල්කටූ අඟුරු මිලට අරගෙන සක්‍රිය කාබන් නිෂ්පාදනය කරන ආයතන තවත් දෙකක් තියෙනවා. දීර්ඝ, පරිසරයට හිතකර අධික පිරිවැයකින් අපි නිෂ්පාදනය කරනූ ලබන සක්‍රිය කාබන්වලින් සියයට අනූවක් පමණ අපි අපනයනය කරනූ ලබනවා. සක්‍රිය කාබන් යොදා ගන්නේ ජලය පිරිසිදු කරන්න. ලංකාවේ අපට බොන්න ලැබෙන පානීය ජලය සක්‍රිය කාබන් යොදා පිරිසිදු කළ ඒවා. ඒ වගේම වෝටර් ෆිල්ටර්වලට රන් කර්මාන්තයේ, සපත්තු අඩිවලට වැනි බොහෝ කර්මාන්තවලටත්, භාණ්ඩවලත් සක්‍රිය කාබන් පාවිච්චි කරනවා. සක්‍රිය කාබන් ඉතාම මිල අධිකයි. ලංකාවේ කාට හෝ යම් කර්මාන්තයක් සඳහා සක්‍රිය කාබන් මිලට ගන්න අවශ්‍ය වෙනවා නම් අපෙන් මිලට ගන්න බැහැ. කර්මාන්ත අමාත්‍යාංශයට ගිහිල්ලා ඒ හරහා අනූමැතියක් අරගෙන ඒම කළ යූතුයි. සක්‍රිය කාබන් කැබලි නිෂ්පාදනයේදී කාබන් කුඩූ හැදෙන නිසා එම කොටස් අපි එකතු කරලා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට

ලබා දෙනවා. එහි ඇති විෂ උරා ගැනීමේ ගුණය නිසා පසූගිය දවස්වල ප්‍රශ්නයක් වෙලා තිබූණ වස විස කාලා රෝහල් ගත කරන රෝගීන්ගේ ඖෂධයක් ලෙස පාවිච්චි කරන්න. එම නිසා පොල්කටූ සක්‍රිය කාබන් බවට පත් කරන ක්‍රියාවලිය තුළ වක්‍රව රැකියා අවස්ථාවන් සපයනවා වගේම ජාතික විදුලිබල පද්ධතියට යම් දායකත්වයක්ද සෞඛ්‍ය අමාතයාංශයට දායකත්වයක්ද විශාල විදේශ විනිමයක්ද ලංකාවට ලැබෙනවා.

සංජය පෙරේරා
ඇසූරුම් සහ අමූද්‍රව්‍ය කළමනාකරු
හේකාබ් ආයතනය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :