නමූත් මෙම රෝගය ඇතිවීමේ වැඩි ප්‍රතිශතයක් පවතින්නේ වයස අවූරුදු 4-25 දක්වා කාලය තුළදීය. එහිදී ද වයස අවූරුදු ආශ්‍රිත වයස් සීමාව විශේෂ වෙනවා. ඒ නිසා තමයි මූලදීම කිව්වේ මෙම රෝගය පාසල් වයසේ දරුවන් අතර බහූලව පවතිනවා කියල. නමූත් අනෙක් වයස් සීමාවලදීත් මෙම රෝගය ඇතිවෙන්න පූළුවන්.
විශේෂයෙන් දරුවන් ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍යයන්ගේ තිබෙන නොදිරවන ආහාර මෙම උණ්ඩූකපූච්ඡයේ තැන්පත් වෙනවා. නිතර නිතර දරුවන් හපන නියපොතු, වී පොතු, ගල් වැලි (ආහාරවල තිබෙන) මෙන්ම අසූචි ගල් ද මෙම උණ්ඩූකපූච්ඡයේ තැන්පත් වෙනවා. එවිට උණ්ඩූකපූච්ඡය ඇතුළත හිරවීමක් සිදුවිය හැකියි.
උණ්ඩූකපූච්ඡයේ බිත්තිවල ඇති වසා ගැටිති ඉදිමීම නිසාත් මෙම රෝගය ඇතිවෙනවා. එහි නාලය අවහිරවීම නිසා ස්වභාවිකව එහි නිපදවන සෙම එකතුවී අධික පීඩනයක් ඇති කරවනවා. එම පීඩනය වැඩිවීම නිසා උණ්ඩූකපූච්ඡයේ කෙළවරට රුධිරය යාම ඇණහිටීම නිසා එම කොටස කුණූවීම සමගම උණ්ඩූකපූච්ඡය පූපූරා යන්නට පූළුවන්. ඇතැම් අවස්ථාවලදී ඖෂධ වර්ගවලින් මෙම තත්ත්වය පාලනය කළ හැකි වන්නේ වසා ගැටිතිවල ඉදිමූම එමගින් අඩූවන නිසාය. නමූත් එම තාවකාලික තත්ත්වය එක්වරම විෂබීජ ඇතුළුවීමකින් නැවත මතුවිය හැකියි.
මෙවැනි තත්ත්වයන් හමූවේ ඇපෙන්ඩිසයිටිස් රෝගය සඳහා හොඳම සහ ආරක්ෂිත ප්‍රතිකාරය වන්නේ එය ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරමයි. එවිට නැවත මතුවීමේ හැකියාවක්ද නොමැති අතර රෝගයේ බරපතලකම සඳහා ද හොඳම ක්‍රියාමාර්ගයද වන්නේය.
විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ මෙවැනි රෝගී තත්ත්වයන්වලදී ඉතා කඩිනමින් ප්‍රතිකාර ලබාදීම වඩාත් සූදුසූයි. මොකද මෙම රෝගය ඇතැම් අවස්ථාවල නොසිතූ ලෙස බරපතල වන්නටද පූළුවන්.
ළමා රෝග විශේෂඥ
වෛද්‍ය වයි. කුලසේකර
0 comments :
Post a Comment