ආහාර අරුචිය නැති කරන අත් බෙහෙත්



ආහාර අරුචිය බොහෝ දෙනකු අතර දකින්නට ලැබෙන රෝගී තත්ත්වයකි. මෙම ආහාර අරුචිය පිළිබඳව ආයූර්වේදය වෛද්‍ය ක්‍රමයේ එන ප්‍රතිකර්ම ගැන අයූර්වේද වෛද්‍යවරයෙකු ගේ උපදෙස් විමසීමට අපි තීරණය කළෙමූ.

- ආහාර අරුචිය ඇති අයෙකු තුළ දක්නට ලැබෙන රෝග ලකෂණ මොනවාද?
"සබ්බේ සත්තා ආහාරථිඨීතිකා" යනූවෙන් බූදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියළු සත්වයන් ආහාරය නිසා ජීවත් වන බවයි. ජිවිතය ගෙන යාමේ මූලික ම අවශ්‍යතාවය වන ආහාර ක්‍රමවත්ව ගන්නා ආකාරය ආයූර්වේදයේ මැනවින් දක්වා තිබෙනවා.

"සවස් වන විට මගේ බඩ පූරවා දමනවා. බඩ ගලක් වගේ. හූස්ම ගන්නත් අමාරුයි. ඔක්කාර ගතියට උගුරට එනවා. බඩගින්න දැනෙන්නේ නෑ. කරකැවිල්ල වගේ. ඔළුව උස්සගෙන ඉන්න අමාරුය.ි හරිම අසහනකාරි තත්ත්වයන් තමයි දැනෙන්නෙ..."් කියල බොහෝ අය පවසනවා ඔබ අසා ඇති. මේ තමයි ආහාර අරුචිය හඳුනාගත හැකි ලකෂණ.

ආහාර අරුචිය ඇතිවීමට හේතුවිය හැකි කරුණූ මොනවාද?
දහවල් තෙල් අධික බර ආහාරයක් ගත්තොත් මේ වගේ තත්ත්ව ඇති වෙනවා. මෙවැනි ආහාර නිතර නිතර ගැනීමෙන් මෙම තත්ත්වය දිගටම පැවතිය හැකියි. ඒ වගේම තමන් ගන්නා ආහාර ප්‍රමාණයත් මෙම තත්ත්වයට බලපානවා. ආහාර ගැනීමෙන් පසූ වැඩි වේලාවක් එක තැන වාඩි වී සිටීම නිසාත් මෙම තත්ත්වය ඇතිවිය හැකියි.


ආහාර අරුචියට හේතුව කුමක් ද?
අප ගත් ආහාරය හොඳින් දිරවීමට භාජනය නොවීම නිසයි මේ වගේ තත්ත්වයන් ඇති වන්නේ.

මේ තත්ත්වයෙන් මිදීීමට කළ යූතු දේ සඳහන් කළොත්?
මේ තත්ත්වයන් ඇති වන පූද්ගලයන් ආහාර ගැනීමට පැය භාගයකට පමණ පෙර සහිද ලූණූ සමග ඉඟුරු කැබැල්ලක් සපා යූෂ බීම හොඳයි. ඒ වගේම කෑමට පැය භාගයකට පමණ පෙර තැම්බූම් හොඳි ටිකක් බොනවා නම් හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා.

සූදුරු, කොත්තමල්ලි. සූදු ළුෑණූ, රතු ළුෑණූ කරපිංචා, කුරුදු පොත,ුු ගම්මිරිස්, සියඹලා ටික ටික ගෙන තලා වතුර සමග එක්කර තැම්බූණූ පසූ ලූණූ ටිකක් එක්කර ගැනීමෙන් තැම්බූම් හොදි සාදා ගත හැකියි.


ආහාර අරුචියට බලපාන වෙනත් හේතු තියෙනවාද?
තෙල් අධික ආහාර ගැනීම නිසාත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. තෙල් අධික ආහාරයක් ගන්න සිදුවූනොත් වෙනදාට වඩා අඩූ ආහාර ප්‍රමාණයක් ගන්න ඕනෑ.

ආහාර ගත් පසූ එක තැන වාඩි වී ඉඳීම හෝ නිදා ගැනීම නිසා ආහාර හොඳින් දිරවීමට ඇති අවස්ථාව නැති වෙනවා. ආහාර ගැනීමෙන් පසූ ටික වේලාවක් ඇවිදීම නිසා තරබාරු බව අඩූ වන අතර ම දීර්ඝායූෂ ලැබීමට හේතු වන බව පැරැණි පොත්වත්වල සඳහන් වෙනවා.

ආහාරයෙන් පසූ අතුරුපස ලෙස ගැනීමට යෝග්‍ය කවර දේ ද?
ආහාර වේලකින් පසූ කෙසෙල් ගෙඩියක,් අන්නාසි පෙත්තක්, ගස්ලබූ කෑල්ලක්, අඹ වැනි පළතුරක් ගැනීම ඉතා හොඳයි.

ආහාර පිළියෙල කිරීමේල දී රස සහ දිරවීම පහසූ කිරීම සඳහා යොදන කුළුබඩූ වර්ග නිසි පරිදි යෙදිය යූතුයි. කොත්තමල්ලි, සූදුරු, මාදුරු, උළුහාල්, ගම්මිරිස්, ආහාරවලට අවශ්‍ය පමණ එකතු කිරීම වැදගත් වෙනවා. රතුළුෑණූ, සූදුළුෑණ,ූ කරපිංචා, රම්ප මගින් ආහාරයේ සූවඳ ඇති කරනවා වගේම ආහාර දිරවීමත් පහසූ කරන බව අප අමතක නොකළ යූතුයි.

බඩ පූරවා දමන අවස්ථාවල සූදු ළුෑණූ ගෙඩියක් අළු යට දමා පූළුස්සා කෑම අපේ ගම්බද පැරැණි අය අතරේ පවතින හොඳ අත් බෙහෙතක්.

මේ වගේ ආහාර ගැනීම ගැන සැලකිලිමත් වෙනවා නම් කෑම අරුචිය වළක්වා ගන්න අමාරු නැහැ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment