මූහූණ පැහැපත් කර ගැනීමට නම්

අපි කවූරුත් ලස්සනට ඉන්න කැමතියි. මූහූණ, පැහැපත්ව තබා ගැනීමට වඩාත් කැමතියි. ඒ නිසාම මූහූණ පැහැපත්වත් ලස්සනටත් තියාගන්න අපේ කාන්තාවන් නොයෙක් දේ කරනවා. ස්වභාවික කෘත්‍රිම භේදයක් නොමැතිව එක එක දේ භාවිත කරනවා. මෙය ඔබේ මූහූණට නොගැලපී මූහූණ විකෘති වෙන්නත් පූළුවන්. නමූත් ඔබ ස්වභාවික පරිසරයේ ඇති බෙහෙත් පැළෑටි ප්‍රයෝජනයට ගෙන සමට ප්‍රතිකාර කිරමෙන් ලස්සන පැහැපත් සමක් ඔබට හිමිවෙයි.

මූහූණ පැහැපත්ව තබා ගැනීමට පෙර මූහූණ අවපැහැ ගැන්වීමට බලපාන සාධක පිළිබඳව අප දෑනූවත් විය යූතුයි. ශරර අභ්‍යන්තර ක්‍රියාවල වෙනස්වීම, වැරදි ආලේපන ගැල්වීම, පරිසරයේ ඇති ආගන්තුක අපද්‍රව්‍ය සමට ඇතුල්වීම, මානසික ප්‍රශ්න, තෙල් හා උෂ්ණාධික ආහාර වැඩිපූර ගැනීම අධිකව අව්වේ සිටීම, අධික ව්‍යායාම කිරමත් සම අව පැහැ ගැනීමට බලපානව. ඔබේ සම පැහැපත්ව තබා ගැනීම සඳහා ඉහත අපදාවලින් වැළකී සිටීම වැදගත්. ඒ වගේම ඔබේ සිතට ඇතුල්වන අයහපත් සිතුවිලිද මූහූණ අවපැහැ ගැන්වීමට බලපානවා.

විශේෂයෙන්ම අව්වේ යන අයගේ සම පිච්චීම සිදුවෙනවා. මෙයත් සම අවපැහැ ගැනීමට බලපානවා.

වෙනිවැල්ගැට කුඩූ මේස හැඳි 1 ක් ගෙන නටන උණූවතුර කෝප්ප භාගයකට දියකර මද රස්නෙන් මූහූණ සෝදන්න.

කහ කුඩූ ස්වල්පයක් වතුරේ දියකර මූහූණ සෝදන්න. මෙය අත්පා සේදීමටත් සූදුසූයි. මේ සඳහා කහ කුඩූවලට වඩා අමූකහ වඩාත් යෝග්‍යයි.

සූදු හඳුන් කුඩූ ජලයෙන් දිය කර පැක් එකක් ලෙස ආලේපය කරන්න. මෙය වියලීමට හැර ඉන්පසූ පැයකින් පමණ සෝදා හරින්න.

වෙනිවැල්ගැට කුඩූ, කහ, කොකු පොතු, සූදුහඳුන් මේ සියල්ල සමාන ප්‍රමාණයන් කුඩූ වශයෙන් ගෙන පැක් එකක් සාදා මූහූණේ ආලේප කර පැයකින් පමණ සෝදා හරින්න.

ඉහත ප්‍රතිකාරයන් නිතර කිරමෙන් ඔබේ සම පැහැපත් කර ගැනීමට පූළුවන්. මේ අතර උෂ්ණාධික ආහාර වැඩිපූර ගැනීම, අම්ල ආහාර ගැනීම වැනි දේවලින් වළකින්න. හැම කෑම වේලකටම නැවූම් පලාවර්ග, එළවළු වර්ග, පලතුරු එකතු කර ගන්න. සම පැහැපත්ව තබා ගැනීමේදී සමේ පිරිසිදු බවත් වැදගත් බව අමතක කරන්න එපා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment