ආහාර රස නැහැ කියන්නේ පිළියෙල කරන ක්‍රමයේ වරද නිසයි

පලා වර්ග බොහොමයක් පිළිබඳව පසූගිය සතියේ සටහන් කළෙමූ. එයින් මැල්ලුමක්, වෑංජනයක් සාදා ගත්තා අයූරු පිළිබඳව ඔබ දෑනූවත් කළෙමූ.


දෑන් අපි සලාදයක් හදමූ

කොහිල දළු සලාදයදණ්ඩත් එක්කම කොහිල දළු ග්‍රෑම් 200ක්


(කටූ සූරා හීනියට කපාගන්න.) වතුර ටිකක් ලිප තබා කහ ලුණූ ටිකක් එයට එක්කර වතුර ටික උතුරනවිට ලිපෙන් ඉවතට ගන්න. ඉන්පසූ කපාගත් කොහිල දළු ටික උතුරන වතුරට දමා විනාඩියක් පමණ වසා තබා දිය පෙරා ගන්න)


අවශ්‍ය ද්‍රව්‍යසිහින්ව ලියාගත් රතුළුෑනූ ග්‍රෑම් 30
විනාකිරෙන් අඹරාගත් අබ තේ හැඳි 1
විනාකිිරි තේ හැඳි 1
සීනි තේ හැඳි 1�4
ගම්මිරිස් කුඩූ ස්වල්පයක්
ලුණූ අවශ්‍ය පමණ
ඇට ඉවත් කරන ලද තක්කාලි මදය ගිනිකූරු හැඩයට කපාගන්න.
එයින් ග්‍රෑම් 30

සාදාගන්නා ක්‍රමය
විනාකිරි අබ, ලුණූ, සීනි ගම්මිරිස් කුඩූ එකට මිශ්‍ර කරන්න. ලුණූ ඇඹූල් බලා ළුෑනූ මිශ්‍ර කර සකස් කරගත් කොහිල දළු දමා පොඩි නොකර යන්තම් මිහ්‍ර කර බදුනක දමා උඩින් තක්කාලි ටික අතුරා ලස්සන කර කෑම මේසයට යවන්න.


කොහිල දළු හැමදාම එකම ආකාරයට ආහාරයට ගෙන ඇති ඔබේ නිවසේ අයට කොහිල දළු සලාදය අමූතු රසයක් ගෙන දේවි. ඔවූන් එය හරිම රසවත් බවට ඔබට ප්‍රශංසා කරාවි.


ඉතින් ඔබත් හැමදාම කොහිල දළු උයන්නේ නැතිව කොහිල දළු සලාදය හදන්න උත්සාහ කරන්න.


පොල් සම්බෝලයට තමයි අපේ නිවෙස්වල ලොකුම තැනක් ලැබෙන්නේ. ටිකක් වෙනස් සම්බෝලයක් සකස් කර ආහාර වේල රසකර ගන්නට පූංචි උපදෙසක් මේ.


කරපිංචා දළු සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය
කරපිංචා (නොමේරු) කොළ ග්‍රෑම් 200
උම්බලකඩ කුඩූ මේස හැඳි 1අමූමිරිස් කරල් 2
සූදුළුෑනූ බික් 2
අවශ්‍ය පමණ ලුණූ
ගම්මිරිස් කුඩූ ඉතාම ස්වල්පයක්

සාදාගන්නා ක්‍රමය
මේ සියල්ල එකට අඹරා හෝ බ්ලෙන්ඩර් කර ගන්න.
බ්ලෙන්ඩර් කරනවා නම් උතුරුවා නිවාගත් උණූවතුර මේස හැඳි එකක් පමණ මිශ්‍ර කර බ්ලෙන්ඩර කරගන්න.
ගලේ අඹරනවා නම් උණූවතුර අවශ්‍ය නැත.
අවසානයට දෙහි යූෂ එක්කර ගන්න.

තෙම්පරාදුව

හැමදාමත් හදන තෙම්පරාදුවත් නෙමෙයි මේ. වත්තේ පිටියෙන් පහසූවෙන් හොයාගන්න පූළුවන් බේත් හේත් නොගන්න කොළ වර්ගයක් මේ. ඇට ටිකක් වත්තේ කොණකට දමා පැල ටිකක් පහසූවෙන් හදා ගන්නත් පූළුවන්.

පෙනෙල කොළ තෙම්පරාදුවයි මේ.
අවශ්‍ය වන්නේ
පෙනෙල කොළ ග්‍රෑම් 200
රතුළුෑනූ ග්‍රැම් 50
කෑලි මිරිස් හෝ හැඳි 1
උම්බලකඩ කුඩූ මේස හැඳි 1
සූදු ළුෑනූ බික් 2
සිහින්ව ලියාගත් කරපිංචා
තේ හැඳි 1
රම්පෙ කෑල්ලක්, කරපිංචා,
කුරුඳු පොතු
දෙහි බෑගයක්
ඇති පමණට ලුණූ
එළගි තෙල් හෝ පිරිසිදු පොල් තෙල්
මාගරින් වූව යෝග්‍ය වේ.
අමූමිරිස් කරල් 2 (සිහින්ව ලියාගන්න)

සාදා ගන්නා ක්‍රමය

භාජනයක් ලිප තබා තෙල් ටික හෝ මාගරින් එයට එක් කරන්න. එය රත්වන විට ළුෑනූ, රම්පෙ, කරපිංචා, කුරුඳු, සූදු ළුෑනූ, රන්වන් පාට වනතුරු බදින්න.


බැදෙනවිට කෑලි මිරිස් සහ ලුණූ දමා අඩූ ගින්දරේ බැදගන්න.
උම්බලකඩ කුඩූත් එයටම එක් කරන්න.
ඉන්පසූ කොළ දමා යන්තමින් මලවා ගන්න.
ලිපෙන් ඉවතට නෙ දෙහි යූෂ දමා රස කර ගන්න. අවශ්‍ය නම් තවත් ලුණූ එක්කර ගන්න.
ඔබ කැඳ හදලා ඇති. ඒත් හරිියටම කැඳ හදලා තිබෙනවාද?
හරියටම කැඳ හදන්න උපදෙස් දෙන්නටයි මේ සූදානම.
අවශ්‍ය ද්‍රව්‍යහාතාවාරිය කොළ ග්‍රෑම් 200
සූදු කැකුළු හාල් ග්‍රෑම් 50
සූදු ළුෑනූ බික් 2
ගාගත් පොල් ග්‍රෑම් 50
අවශ පමණ ලුණූ

සාදාගන්නා ක්‍රමය
හාල් සෝදා ගරා තරමක් කොටා වතුර දමා හොඳින් තම්බාගන්න. කොළ සෝදා වංගෙඩියේ දමා හොඳින් කොටා යන්තමින් වතර දමා යූෂ ටික පෙරා ගන්න.

ඉන්පසූ රොඩූ ටිකට පොල් මිශ්‍ර කර නැවත කොටා දෙපාරක් පමණ වතුර දමා මිරිකා ගන්න.

හාල් තැම්බෙන්නට තබන විට සූදුළුෑනූ පෙතිකපා දමා තම්බා ගන්න. තැම්බූණූ විට තලපයක් මෙනි. එයට පොල් සමග කොටාගත් කොළවලින් සාදාගත් මිශ්‍රණය දමා ලුණූ ඒක් කර හොඳින් උතුරවා ගන්න.

උතුරන විට ගින්දර අඩූ කර හාතාවාරිය කොළ යූෂ ටික දමා විනාඩියක් පමණ මදගින්නේ තබා ලිපෙන් ඉවතට ගෙන තවත් විනාඩි 2 පමණ නොකඩවා හැඳිගාන්න.

එසේ හැඳි ගාගත යූත්තේ කැටි නොගැවීමටයි.

කොළ යූෂ එකවරම කැඳවලට නොදමන්නේ එහි පෝෂණ කොටස් විනාශ වී යාම වළක්වා ගැනීමටය.ි තවද එවිට වර්ණය වෙනස් නොවන නිසා රසය වෙනස් වන්නේද නැත.

අද ඉඳලා කැඳ හදනකොට අපි සටහන් කළ ක්‍රමයට කැඳ හදලා බලන්න.



පබිලිස් සිල්වා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment