පත්තෑයෙක් කාලා ඉදිමූණාම

විශේෂයෙන්ම ඉදිමීමක් ඇති වූ අවස්ථාවලදී එවැනි ප්‍රතිකාර වඩාත් වැදගත් වෙනවා. ඒ නිසාම මෙවර අත් බෙහෙත් තුළින් පැත්තෑ විෂට සූදුසූ තවත් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් සඳහන් කරනවා.

ඉදිමූම ඇති අවස්ථාවලදී සූදුසූ ප්‍රතිකාර

ං තෝරා කොළ කොටා යූෂ දෙහි ඇඹූලෙන් කකාරා ඉදිමී ඇති ස්ථානයේ ආලේප කරන්න.

ං රසකිඳ කොළ, කහ, ලුණූ දමා කොටා මලවා බඳින්න.

ං එරඬූ කොළ, නික කොළ, දෙහි කොළ, කහ ලුණූ දමා කොටා මලවා බැඳීමද ඉතාම ගුණදායකය.

ං අරළු, බූළු, නෙල්ලි ගෙන දෙහි ඇඹූලෙන් අඹරා දෂ්ඨ කළ ස්ථානයේ සහ අවට ආලේප කරන්න.

එවැනි ප්‍රතිකාර ක්‍රම මෙන්ම දුම් ඇල්ලීමේ ක්‍රම ද එවැනි අවස්ථාවලදී භාවිත කරනවා.

ං තුත්තිරි මූල්, දුම්මල ස්වල්පයක් සමග මිශ්‍රකර පොල් කටූ අඟුරු දමා දෂ්ඨ කළ ස්ථානයට (දෂ්ඨ මූඛයට) දුම් අල්ලන්න.

ංහාල් මැස්සන්ගේ ඔලු (ඉවත් කරන ලද) පොල් කටූ අඟුරුවලට දමා දෂ්ඨ මූඛයට දුම් අල්ලන්න.

ංහීන් අරත්ත ගසක් ගෙන සිහින්ව කපා දෙහි කොළ, නාරං කොළ සමග මිශ්‍රකර වතුර දමා තම්බන්න. එහි දුම (වාෂ්ප) දෂ්ඨ කළ ස්ථානයට අල්ලන්න.

පත්තෑ විෂට මෙවැින ඕනෑම ආකාරයේ ප්‍රතිකාරයක් ඔබට නිවසේදීම කර ගැනීමට පූළුවන්. නමූත් එම ප්‍රතිකාරය නිසි පරිදි කිරමද ඉතා වැදගත් වෙනවා.




ආයූර්වේද වෛද්‍යාචාර්ය ජී. ඒ. ජී. නානායක්කාර
ශ්‍රී ලංකා රසායනාගාරය ඃ ගල්කිස්ස.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment