දහදිය සූවඳ හමන හැටපස් වැනි මායම -මැදි වයසේ ගැහැනූන්ටද පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගත හැකි ක්‍රමයක්

ගැහැනූන්ගේ රූප සොබාව යනූ දුරාතීතයේ පටන්ම කතා බහට ලක්වූ මාතෘකාවකි. ඒ පිරිමින් ගැහැනූන් වෙත ආකර්ෂණය වන්නෙ ප්‍රධානකොටම ඇගේ රූසිරියේ මහිමයෙන් බැවිනි.

පිරිමින් වසඟයට ගන්නට ගැහැණූ හැට හතර මායම් ද පාවිච්චි කරන බව කියැවේ.
කොහොම කිව්වත් මේ සියලු දේ වලංගු වන්නේ තරුණ කාලයට පමණි. මැදි වයසට එළඹෙත්ම ගැහැනූන්ගේ රූසිරිය නැති වී යන්නට පටන් ගනී. එවිට පිරිමින්ට ඔවූන් අවලංගු කාසි ගාණය.

එහෙත් නවීන විද්‍යාවට කරන්නට බැරි දෙයක් නැත. මැදි වයසේ ගැහැනූන්ටද පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගත හැකි ක්‍රමයක් නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇති බැවිනි ඒ. ඇමරිකානූ විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇති එක්තරා රසායනිකයත් ඇඟ ගල්වා ගත් මැදිවියේ කාන්තාවන්ට නාඹර තරුණියන් වෙත මෙන් පිරිමින් ආකර්ෂණය වන බව පෙනී ගොස් තිබේ.
මේ ආකර්ෂණීය රසායනික සංයෝගය සොයා ගත්තේ විනිෆ්‍රෙඩ් කටිලර් නැමති ඇමරිකානූ විද්‍යාඥයෙකි. හාවඩි විශ්ව විද්‍යාලයේ ජොආන් ෆ්‍රීබල් සහ සූසාන් රේකෝ යන පර්යේෂකයන් දෙපල මේ රසායනික සංයෝගයේ සාර්ථක බව අත්හදා බැලුවෝය.
මේ රසායනික සංයෝගය තරමටම එහි සාර්ථක බව අත් හදා බැලීමේ පර්යේෂණයද හරිම අපූරුය. ජොආන් සහ සූසාන් රේකෝ යන පර්යේෂකයන් දෙපළ මේ පර්යේෂණය සඳහා ආර්ථවහරණයට ලක්වූ (ඔසප් වීම නැවතුණූ) මැදි වයසේ කාන්තාවන්14 දෙනෙකු සහභාගි කරවා ගත්හ. මේ කාන්තාවන් අතරින් 7 දෙනෙකුට ඉහත කී ආකර්ෂණීය රසායනිකය එක් කළ විලවූන් වර්ගයක් ලබාදෙනූ ලැබිණි. අනෙක් හත් දෙනාට ලැබූණේ සාමාන්‍ය සූවඳ විලවූන් වර්ගයකි. එහෙත් කාන්තාවන් කිසිම කෙනෙකුු තමන්ට ලබා දුන්නේ කවරාකාරයේ විලවූන් වර්ගයක් දෑයි දැන සිටියේ නැත. රහස දෑන සිටියේ ජොආන් සහ සූසාන් පමණකි.
ඊළඟට මේ කාන්තාවන්ට තමන්ට ලබාදුන් විලවූන් වර්ගය සතියක් තිස්සේ නිතිපතා ඇඟ ගල්වන ලෙසට උපදෙස් ලැබූණි. ඒ අතර ඔවූන් තවත් කාර්යක්ද කළ යූතුව තිබිණි. ඒ එම සති හයේදී තම තමන්ගේ සහකරුවන් සමග ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව දින පොතක සටහන් කොට එය පර්යේෂණකයන් වෙත ඉදිරිපත් කළ යූතු වීමයි.
සති හයකට පමණ පසූව ලැබූණූ ප්‍රතිඵලය පූදුමය. අර ආකර්ෂණීය රසායනිකය යෙදූ විලවූන් වර්ගය ඇඟ ගල්වා ගත් කාන්තාවන් අතරින් සියයට 41 ක් පමණම තම සහකරුවන් වෙතින් වෙනදාට වඩා උණූසූම් ලිංගික ප්‍රතිචාර තමන්ට ලැබූණූ බව දිනපොත්වල සටහන් කර තිබූණා. එම සූවඳ විලවූන් වර්ගය පාවිච්චි කළ කාන්තාවන් අතරින් සියයට 68 ක්ම තම සහකරු තමන් සමග වෙනදාට වඩා සමීප ලිංගික ඇසූරක් පැවැත් වූ බව දිනපොත්වල ලියා තිබිණි.
එහෙත් සාමාන්‍ය සූවඳ විලවූන් වර්ගය පාවිච්චි කළ කාන්තාවන්ට එවැනි ප්‍රතිඵලයක් ලැබී තිබූණේ නැති බව පර්යේෂකයන්ට පෙනී ගියේය.
මේ ආකර්ෂණිය රසායනිකය කුමක්ද? එය තවමත් හරියටම හෙළි කිරමට පර්යේෂකයෝ මැලි වෙති. ඒ ඔවූන් තවමත් මේ රසායනිකය යෙදූ සූවඳ විලවූන් වර්ගය වෙළෙඳ පොළට ඉදිරිපත් කර නැති බැවිනි.
එහෙත් මේ ආකර්ෂණිය රසායනිකය සොයා ගන්නා ලද්දේ තරුණ කාන්තාවන්ගේ කිහිලි යටින් නික්මෙන ඩහදියේ තිිබියදීය. දැන් පර්යේෂකයන් එය කෘත්‍රිවම නිෂ්පාදනය කළත් එය ස්වභාවිකව තරුණ කාන්තාවන්ගේ ඩහදියේ තිබෙන රසායනික සංයෝගයකි. ෆෙරොමෝන් ලෙස හඳුන්වන මේ ස්වභාවික රසායනික සංයෝගයේ සූවඳ මගින් තරුණියන්ට පිරිමින්ගේ ලිංගික හැඟීම් උත්තේජනය කළ හැකිය. එහෙත් කාන්තාවන් මැදි වයසට පත් වෙත්ම මේ රසායනික ස්‍රාවය වීම අඩූවෙයි.
ඇත්තටම මේ ෆෙරොමෝන යනූ මොනවාද? මේවා මිනිසූන් ඇතුළු අනෙක් සතුන්ගේ සිරුර තුළ ස්වභාවයෙන්ම නිපදවෙන රසායනික සංයෝගය. මේවා ඩහදිය දෑමීමේ සම මතුපිටට පැමිණේ. මිනිසූන් මෙන් කතා කිරමට භාෂාවක් නැති සතුන් අතර නම් මේවා උපයෝගි වන්නේ තම වර්ගයා අතර සිටින අනෙක් සතුන්ට "යමක් දෑන්වීමට" ය.
එහෙත් කතාබහ, රූසිරිය, ඇඳුම් පැළඳුම්, වැනි දේ උපයෝගි කර ගෙන අනෙක් අයගේ අවධානය තමන් වෙත ඇද ගන්නා මිනිස් දූ දරුවන්ට නම් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීමට ෆෙරෝමෝන අත්‍යවශ්‍යම නැත. අද තත්ත්වය එසේ වූවත් ප්‍රාග් ඓතිහාසික යූගයේ ආදිතම මිනිසූන් අතර මේ ආකාරයට විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නට ෆෙරෝමෝන භාවිත කරන්නට ඇති බව විද්‍යාඥයින් අනූමාන කරති. අද දවස වන විට ලිංගික ආකර්ෂණය සඳහා වෙනත් බොහෝ සාධක ගොඩ නැගී තිබෙන බැවින් ෆෙරෝමෝන ආකර්ෂණය දුර්වල සාධකයක් බවට පත් වී තිබේ.
කොහොම නමූත් බටහිර විද්‍යාඥයින් කියන හැටියට නම් තවමත් මිනිසූන් තුළ සූළු වශයෙන් හෝ මේ ෆෙරෝමෝන මගින් ඇති වන ලිංගික ආකර්ෂණය සිදු වෙමින් පවතී.
හෙට අනිද්දා වන විට පිරිමින් ආකර්ෂණය කර ගත හැකි මෙවැනි සූවඳ විලවූන් වර්ගයකින් දිනාගන්නා ආකර්ෂණීය බව තාවකාලිකව නොකිව මනාය. පිරිමින් සමග දිගු කාලීන ආකර්ෂණයක් තබා ගත හැක්කේ ගැහැනූන්ගේ "ගුණ සූවඳට" පමණක්මය.




(නිව් සයන්ටිස්ටි" ඇසූරිනි)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment