bacterial vaginosis-ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන්

මෙම රෝගය විවාහක, අවිවාහක මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට හැදෙන්න පූළුවන්.
අප ශරරයේ ඕනෑම පද්ධතියක පැවතිය යූතු බැක්ටීරියා වර්ග තිබෙනවා. ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත ප්‍රදේශවලත් සාමාන්‍ය සෞඛ්‍ය සඳහා එවැනි බැක්ටීරියා වර්ග පවතිනවා. කාන්තාවන්ගේ ශරරයේ පවතින ලැක්ටො බැසිලස් කියන බැක්ටීරියාව එවැනි වූ බැක්ටීරියා වර්ගයක්. නමූත් මෙම රෝගයේදී ශරීරයේ පැවතිය යූතු ලැක්ටො බැසිලස් බැක්ටීරියාව අඩූ වී එම අඩූව පිරවීම සඳහා වෙනත් බැක්ටීරියා වර්ග ඇතුළු වීම නිසා මෙම රෝගය හට ගන්නවා.

ශරරයේ එසේ ඇතිවන අසමතුලිතතාවය නිසා හට ගන්නා බැක්ටීරියල් වැජිනෝසිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒ නිසාම රෝගය වඩාත් පහසූවෙන් හඳුූනා ගන්නට පූළුවන්කම ලැබෙනවා. ලිංගේන්ද්‍රිය තුළින් ශ්‍රාවයක් පිටවීම සහ එම ශ්‍රාවයේ ඇති අධික දුර්ගන්ධය (පිළීගඳ සහිත ශ්‍රාවයකි)
මෙම රෝගයේදී පැහැදිලිව දෑකිය හැකිය. එසේම ලිංගාශ්‍රිිත ප්‍රදේශයේ කැසීම් ද ඇති විය හැකියි.

මෙම රෝග ලක්ෂණ අනූව සිදු කරන පරක්ෂණවලින් අනතුරුව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පූළුවන්. සතියක් තරම් වූ කෙටි කාලයක ප්‍රතිකාර ක්‍රමයක් තමයි මෙහිදී ලබා දෙන්නේ. ඒ නිසා ඉතාම ඉක්මනින් මෙම රෝගී තත්ත්වය සූව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම විශේෂ කාරණාවක් තිබෙනවා. අනෙක් රෝග මෙන් මෙම රෝගය තවත් කෙනෙකුට බෝවෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම පහසූවෙන් රෝගය සූව කර ගැනීමට පූළුවන් වෙනවා.

මෙවැනි රෝග සඳහා අවශ්‍ය ප්‍රතිකාර, පරක්ෂණ මෙන්ම උපදෙස් රජයේ රෝහල්වල සායනවලින් ලබා ගන්නට පූළුවන්. ඒ වගේම රෝගී තත්ත්වයට අනූව අදාල ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය ඉක්මනින් සූව කර ගැනීමටද හැකියාව ලැබෙනවා. මේ නිසා මෙවැනි රෝගී ලක්ෂණ පවතින කිසිම කෙනෙක් අනවශ්‍ය ලෙස බිය වීමට අවශ්‍ය නැහැ. ප්‍රතිකාර ලබා ගැනීිමට සායනවලට සහභාගි වී තමන්ගේ රෝගය සූව කර ගැනීමේ හැකියාව ඔවූන්ට තිබෙනවා.




වෛද්‍ය
ශාන්ත හෙටිටිආරච්චි
(ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන)


බැක්ටීරියල් වැජිනෝසිස් ලෙස හඳුන්වන රෝගී තත්ත්වයද එවැනි වූ රෝගයක්. ඒ කියන්නේ ලිංගාශ්‍රිත නොවන රෝගයක්. මේ නිසා අනවශ්‍ය ලෙස කලබල නොවී අවශ්‍ය ලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය සූව කර ගැනීමට හැකියාව තිබෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment