උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?

උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වූණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැහැ පැල්ලම් හෝ ලප මතු වූණොත් ඕනෑම කෙනෙක් බියට පත්වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් තුළ මේ තත්ත්වය සූලබ වන අතර දෙමාපියන් වහා දරුවා රෝහල් ගත කරන්න පෙළඹෙනවා.


ඩෙංගු මේ අතර ප්‍රධාන වෙයි. ඩෙංගු රෝගයේ දී
උණ සමඟ රතු පැල්ලම් වැඩිපූර දකින්නට ලැබෙන්නේ දිව සහ විදුරුමස මතයි. මීට අමතරව ශරීරයේ තැනින් තැන රතු පැල්ලම් දකිින්නට පූළුවනි.එහෙත් උණ සමඟ රතු පැල්ලම් ඇති වන්නේ ඩෙංගු රෝගයට පමණක් නොවෙයි. උණ සමඟ ඇතිවන රතු පැල්ලම් දකින්නට ලැබෙන වෙනත් රෝග සම්බන්ධ ව දෑනූවත් ව සිටීිම වැදගත් වෙනවා.


සරම්ප

උණ සමඟ රතු පැල්ලම් දකින්නට ලැබෙන තවත් රෝග තත්ත්වයක් තමයි සරම්ප.

රෝගියා ගේ කෙළ බිඳිති, නාසයේ ස්‍රාවයන් සමඟ තව කෙනෙකුට බෝ වෙනවා. පූද්ගලයකු තුළට වෛරසය ඇතුල් වී දින 10-14 ගත වූ පසූවයි ඔහූට රෝග ලකෂණ ඇති වෙන්නේ. රෝගය වැළදී දින 4-5 පමණ වන විට උණ රෝගය වැඩි වී අඩූ වෙන්නට පටන්ගන්නා අතර ඇඟ පූරා රතු පැහැ පැල්ලම් මතු වෙයි . මේ විදියට උණ අඩූ වී යන කාලයට මෙම පැල්ලම් කන දෙපස සිට පහළට මූළු ශරීරය පූරා ම පැතිර යනවා. පැතලි රතු පැහැ ලප වන අතර, තදින් තද කළ විට නැති වී නැවත මතුවෙයි. ඇතැම් විට මෙම ලප ඉහළට මතු වී හොඳින් අතින් අල්ලන්නට ද පූළුවනි. මෙම ලප දින 9ක් පමණ වන විට අඩූ වී යයි. කට ඇතුලේ හක්ක ප්‍රදේශයේ සූදු පැහැ පැල්ලම් (ණදචකසන.ි ිචදඑි- දින 2ක් පමණ ගත වන විට ඇති වී දින 5-6 පමණ වන විට අඩූ වී යයි. කැස්ස, ඇසේ රතු පැහැය වැනි රෝග ලකෂණ ද ඇතිවෙයි.


රුබෙල්ලා

මව ගෙන් දරුවාට ගර්භනී සමයේ දී සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස රුබෙල්ලා වැදගත් ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා. රෝගී ශ්වසන පද්ධති ස්‍රාව හරහා අනෙක් පූද්ගලයින්ට වැළඳෙනවා. රෝගය ශරීර ගත වී දින 14-21ක් ගත වූණාට රෝග ලකෂණ මතු වෙනවා. ආරම්භයේ දී මද උණ ගතියක් පවතින අතර, පසූව රතු පැහැ ලප පල්ලම් මතුවෙනවා. මූල දී මූණ ප්‍රදේශයේ පටන් ගන්නා මේ ලප පසූව සිරුර පූරා ව්‍යාප්ත වෙනවා.

දින 3-5කින් මේ ලප නොපෙනී යනවා. කුද්දැටි ඉදිමීමත් දකින්නත් පූළුවන්. හන්දි අමාරුව, එන්කෙපලයිටිස්, හෘද පේශී ආසාදනය, රුධිර පටිටිකා අඩූ වීම වැනි අතුරු ආබාධ ඇති වෙනවා. රෝගය වැළදුණූ පසූ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර නොමැති අතර ප්‍රතිශක්තිකරණය ලබාගෙන සිටීම වැදගත් වෙනවා.

ක්වසාකි රෝගය
මෙය තරමක් දුලභ රෝගයක් වූණත්, මෙම රෝගයෙන් පෙළෙන ළමයින් ලංකාවෙන් ද විටින් විට වාර්තා වෙනවා. මාස 06ත් වසර 04ත් අතර වයසේ දරුවන් මෙම රෝගයට බහූල ව ගොදුරු වෙනවා. රෝගයට බලපාන හේතුව ස්ථිර ලෙස ම හොයාගෙන නැතත්, ඇතැම් බැක්ටීරියාවන් නිකුත් කරන විෂ වර්ග මෙයට හේතු වෙතැයි අනූමාන කරනවා.

මෙම රෝගයේ දී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රුධිර නාල හානි වෙනවා. හෘදයේ කීරිටක ධමනිවලටත් හානිවෙනවා. මේ නිසා හෘදයාබාධ වැළඳී ළමයින් මිය යනවා. රෝග ලකෂණ ලෙස දින 05කට වඩා පවතින උණ, ඇස් රතු වීම, තොල් පැලීම, දිව තද රතු පැහැ වීම, ගෙල අවට වසා ගැටිති ඉදිමීම, රතු පල්ලම් සහ ලප මතු වීම දැකිය හැකියි.

මෙහි දී අත්ල හා පත්ල පළමූ ව රතු පැහැ වී පසූව සම ගැලවී යන්නට පටන් ගන්නවා.

භැසිිැරර් පැබසබටසඑසාසි බැක්ටිරීයාව නිසා ඇතිවන මෙනින්නෝකොකල් රෝගයේ දී ද උණ සමඟ ඇඟේ රතු පැහැ පැල්ලම් මතු වීම සිදුවෙයි. මෙම ලප මත පීඩනයක් යෙදුව ද ඒවා නැති වී නොයයි. ඇතැම් රටවල මෙය වසංගතයක් ලෙස ඇතිවන රෝගයකි. මෙම රෝගයේ දී මෙන්නිජි පටල ප්‍රදාහය ද (මෙනින්ජයිටිස්) ඇතිවෙයි. මෙම රෝගය මඟින් පැය කිහිපයක් ඇතුළත දරුවකු මිය යා හැකි ය.

හර්පීස් වෛරසය ද ශරීරයේ පැල්ලම් ඇති කරන අතර මෙය ආකාර කිහිපයකට රෝග ලකෂණ මතුවිය හැකිය. ශරිරයේ සැරව බිබිලි, පැල්ලම්, සූදු පැහැ ඉදිමූණූ සැරව ගෙඩි ලෙස මතුවිය හැකියි. මෙම රෝගකාරකයා සම හෝ ශ්ලේෂ්මල පටක හරහා ශරිරගත වෙයි.

දෙයියන් ගේ අසනීපය හෙවත් පැපොල ලෙස හඳුන්වන රෝගය දී ද රතු පැහැ ලප ද පසූව මේවා සැරව පිරි ගෙඩි බවට ද පත්වෙයි. රෝග කාරක ඪ්රසජැකක් ්දිඑැර වෛරසය ශරීර ගත වී දින 10-23 අතර කාලය දී රෝග ලකෂණ මතුවෙනවා. උණ ඇතිවෙලා දින 3-5 ගතවන විට සරව පිරි රතු පැහැ ගෙඩි ඇතිවෙනවා. මෙම සැරව ගෙඩි ද්වීතියිකව බැක්ටීරියා මඟින් ආසාදනය වන එන්කෙපලයිටිස්, මෙනින්ජි පටල ප්‍රදාහය, මෙන්ම ඇතැම් විට නිව්මෝනියාව, රුධිර වහනය, වැනි අතුරු ආබාධ ඇති කරන හෙයින් මූල් අවස්ථාවේදී ම ප්‍රතිකාර ගැනීම වැදගත් ය. මේ අනූව පූද්ගලයකු විශේෂයෙන් කුඩා දරුවකුට උණ රෝගය සමඟ සමේ පැල්ලම්, ලප, සැරව බිබිලි මතුවන්නේ නම් වහාම රෝහල් ගත කර පළපූරුදු වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment