කුරුලෑ ගැන අපි නොදන්නා තොරතුරු


කුරුලෑවලින් පීඩාවට පත් නොවූ කෙනෙකු අද සමාජයේ සොයා ගන්නට බැහැ. ඒ කියන්නේ හැම කෙනෙකුම පාහේ කුරුලෑවලින් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කුරුලෑ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. බොහෝ දෙනා මේ සඳහා ප්‍රතිකාර කරන්නේත් නැහැ. තරුණ වියේ දී ඇති වන කුරුලෑ වයස අවූරුදු විස්ස ඉක්මවා යන විට නැති වී යනවා.

මෙසේ කුරුලෑ නැති වී ගිය පසූත් සමහරුන් ගේ මූහූණේ තදබල ලෙස කැළැල් ඇති වෙනවා. එසේ ම සමහරුන් ගේ එම කැළැල් ජීවිත කාලය පූරා ම පවතිනවා.

කෙසේ වෙතත් කුරුළෑ කියන්නේ සමේි රෝම කූප ආශ්‍රිත ස්නේහ ස්‍රාවී ග්‍රන්ථිවල ඇතිවන ආසාදනයක්. මෙම ස්නේහස්‍රාවී ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ ටෙස්ටෙස්ටෙරෝන් කියන හෝමෝනය මත. එය සාමාන්‍යයෙන් ළමා වියේ දී නිෂ්පාදනය වන්නේ අඩූ ප්‍රමාණයකිින්. වැඩිවියට පැමිණීමත් සමඟ එහි ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එත් සමඟ රෝම කූපවල ඇති වන ක්‍රියාකාරීත්වය නිසා කුරුළෑ ඇති වෙනවා.

මෙහි දී සිදුවන්නේ මෙම හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසා ස්නේහ ග්‍රන්ථියේ තෙල් ස්‍රාවය අධික ලෙස සිදු වීමයි. එම තෙල් රෝම කූපයෙන් ඉවත් නොවී ඒ තුළ එක් රැස් වෙනවා. එසේ වීම නිසා තෙල් ග්‍රන්ථීයත් රෝම කූපයත් ඇතුළත් වන ව්‍යූහය බැලූනයක් ලෙසින් විශාල වෙනවා. එය සමේ පෘෂ්ඨයෙන් මතුපිටට පැමිණි ව්‍යූහයක් ලෙසයි බාහිරට දිස්වන්නේ. මෙසේ වන්නේ හැම විටම රෝම කූපය සම මතුපිටට විවෘත වන ස්ථානයේයි. මෙය සාමාන්‍යයෙන් ඇති වන්නේ සමෙන් මතුපිටට නෙරා ගිය සූදු පැහැති කුඩා උලක් වැනි ආකාරයකටයි. මෙය හඳුන්වන්නේ වැඩූණූ කුරුළෑවක් ලෙසයි.

ඒ,් සමේ මතු පිටට විවෘත නොවී තෙල් ග්‍රන්ථි තුළ එක් රැස් වන තෙල් හේතු කොටගෙන ඇති ිවන කුරුලෑ. සමහර විට මෙම තෙල් සමේ මතුපිටට නිරාවරණය වෙනවා. එවිට සිදු වන්නේ තවත් දෙයක්. එසේ විවෘත වීම නිසා වායූ ගෝලයේ මතුපිටට මෙම තෙල් නිරාවරණය වීම නිසා වායූ ගෝලයේ වාතයේ ඇති නොයෙකුත් දේ සමඟ මෙම තෙල් ප්‍රතික්‍රියා කර ඒවා කලු පැහැයක් ලබා ගන්නවා. එය ඝනකම් කුඩක් හැටියටයි තියෙන්නේ. එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ විවෘත කුරුලෑවක් ලෙසයි. එහෙමත් නැත්නම් බොහෝ දෙනා බ්ලැක් හෙඩ්ස් ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයයි.

ඒකත් කුරුලෑවල එක් ආකාරයක් බව බොහෝ දෙනා දන්නේ නැහැ. මෙසේ සමේ ඇතිවන සංවෘත සහ විවෘත කුරුලෑ යන වර්ග දෙකම හඳුන්වන්නේ කුරුලෑවල මූලික අවස්ථාව ලෙසයි.

අපේ සමේ මතුපිට ජීවත්වන බැක්ටීරියාවන් සිටිනවා. එයින් එක් බැක්ටීරියාවක් තමයි Propionobactoraches කියන්නේ. මේ බැක්ටීරියාව සම මතුපිට ජීවත්වූණා ම ඉන් කිසිම හානියක් අපේ සමට නැහැ. එනමූත් මොවූන් විවෘත කුරුලෑවලට ඇතුලූ වූව හොත් අපට හානිකරයි. මොවූන් අපේ සමේ විවෘත කුරුලෑවලට ඇතුලූ වෙලා ඒවා ආසාදනය කරනවා. මෙලෙස බැක්ටීරියා මගින් ආසාදනය වූ කුරුලෑ මතුපිටට දිස්වන්නේ රතු පැහැති කුඩා ගෙඩියක් ලෙසයි. මෙම බැක්ටීරියාවන් ගේ ක්‍රියාකාරීතාවය නිසා එහි ඇති මේදය මේද අම්ල බවට පත් කරනවා. එම මේද අම්ල ඉන්පසූ රෝම කූපය තුළ පමණක් පවතින්නේ නැහැ. ඒවා රෝම කූපයේ සිට අවට පටකවලට විසරණය වෙනවා. ඒ නිසා සිදුවන්නේ අවට පටකවලිනූත් කුරුලෑ වටා ප්‍රතික්‍රියාවක් ඇති කිරීම. කුරුලෑ තුළ ප්‍රදාහයන් ඇති කිරීමට හේතු වන්නේ මෙවැනි ප්‍රතික්‍රියාවන්. මෙලෙස ඇතිවන කුරුලැ හඳුන්වන්නේ ප්‍රදාහය වූ කුරුලෑ ලෙස. මේ අවස්ථාව කුරුලෑවල දෙවෙනි අවස්ථාව ලෙසට සලකන්න පූලූවන්.

මෙසේ ආසාදනය වූ කුරුලෑ පෙර ඒවාට වඩා ටිකක් සමට හානිකරයි. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණ හොත් එම ප්‍රදාහය දුර දිග යාම නිසා රෝම කූපය සහ ස්නේහස්‍රාවී ග්‍රන්ථිය ඇතුළත් ව්‍යූහය අවට පවා හානියට පත් විය හැකියි. එවිට ස්වාභාවිකව ම අලූත්වැඩියා කරන ක්‍රියාවලියක් එතුළ සිදු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි කැළලක් ඇති වන්නේ. කුරුලෑවල තුන්වන අවස්ථාව ලෙසින් හඳුන්වාදිය හැක්කේ එම අවස්ථාවයි.

මෙසේ කැළැල් හට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස කලූ පැහැති වර්ණයක් කුරුලෑවල අවට ප්‍රදේශයේ ඇති වෙන්න පූලූවන්.

සමහර අවස්ථාවල දී සමේ මතුපිටට ආසන්නයේ පවතින ස්නේහස්‍රාවී ග්‍රන්ථිවලට අමතරව සමේ ගැඹූරින් පිහිටි ස්නේහස්‍රාවී ග්‍රන්ථිවලත් මෙසේ කුරුලෑ තත්ත්වයන් ඇති විය හැකියි. ඒ නිසා හට ගන්නා කුරුලෑ සමේ මතුපිටට පැමිණෙන්නේ නැහැ. එනමූත් මේවා ප්‍රදාහයට ලක්විය හැකියි. කුරුලෑවල ප්‍රතිකාර කිරීමට අපහසූම වර්ගය තමයි මේක.

කුරුලෑ ඇති වීම සඳහා ප්‍රධාන ලෙස හේතු වන්නේ ස්නේහස්‍රාවී ග්‍රන්ථින්. විශේෂයෙන් මේවා බහූල ව පවතින්නේ මූහූණෙ,් පිට දෙපැත්තෙ,් පපූවේ,

කලවාවල ඉදිරිපස වගේ ස්ථානවලයි. ඒ නිසා තමයි මෙවැනි ස්ථානවල වැඩි වශයෙන් කුරුලෑ හට ගන්නේ. කුරුලෑ නිටිටාවට සූව කිරීම සඳහා ප්‍රතිකාර තියෙනවා. මෙහි දී වැඩි වශයෙන් භාවිත කරන්නේ බැක්ටීරියානාශක ප්‍රතිජීවක. ඖෂධ කුරුලෑ සූව කිරීමට නම් මේ ප්‍රතිජීවක ඖෂධ අවම වශයෙන් මාස 06ක් වත් පාවිච්චි කරන්න ඕනෑ. මේ කාලය තුළ ප්‍රතිජීවකවලට අමතර ව මෙම ප්‍රතිජීවක අඩංගු ආලේප වර්ගත් පාවිච්චි කළ හැකියි. මීට අමතර ව අපිචර්මීය ෙසෙලවල හැසිරීම ස්වාභාවික තත්ත්වයට පත් කිරීම මඟිනූත් මෙන් ම රෝම කූපවල විවර විවෘත ව තැබීමට උපකාරී වන ඖෂධත් ලබා දෙන්න පූලූවන්. එසේම ටෙස්ටොසේටරෝන් හෝමෝන පාලනය කළ හැකි ඖෂධ පාවිච්චියත් කරන්න පූලූවන්.

කෙසේ වෙතත් මෙම ඖෂධ භාවිත කිරීම මගින් විවිධ අතුරු ආබාධත් ඇති විය හැකියි. ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණයේ වෙනස් වීම, අක්මාවට හානි වීම වැනි බරපතල ආබාධ එනිසා ඇති වෙන්න පූලූවන්. එසේ ම ගැබ්ගෙන සිටින කෙනෙකු මෙවැනි ඖෂධ භාවිත කිරීම නිසා කළලයට පවා හානිකර විය හැකියි. එනිසා කිසිම අවස්ථාවක මෙවැනි ඖෂධ ලබා ගැනීම සූදුසූ වෛද්‍යවරයකුගේ අනූදෑනූමකින් තොර ව සිදු නොකළ යූතුයි.

මේ කරුණූවලට අමතරව මානසික ආතතිය නිසාත් සමහර විට කුරුලෑ වැඩි වෙන්න පූලූවන්. එසේ ම ආවර්ත කාලයේ දීත් කුරුලෑ වැඩි වීමට ඉඩ තිබෙනවා. අනෙක් කාරණය තමයි විවිධ ආහාර වර්ග හේතු කොට ගෙන කුරුලෑ වැඩි වන බවට මේ වන තෙක් පිළිගත හැකි විද්‍යාත්මක සාකෂියක් නැහැ.

මෙහි දී සඳහන් කළ යූතු තවත් විශේෂ කාරණයක් තියෙනවා. එනම් කුරුලෑවලට උපදෙස් ලබා ගන්නට බොහෝ දෙනා රූපලාවන්‍ය පැත්තෙන් උපදෙස් පතනවා. එනමූත් මෙය අනෙකුත් රෝගී තත්ත්වයන් වගේ ම රෝගී තත්ත්වයක්. ඒ නිසා මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හැම විට ම වෛද්‍යවරයකුගේ පිහිට පැතීම තමයි සූදුසූ වන්නේ. නියමිත දේට නියමිත අයූරින් සදුසූ දේ සිදු නොකළ හොත් එමඟින් විශාල ව්‍යසනයක් සිදුවිය හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment