සමේ ඇතිවන කළු ලප

මූහූණේ, අත්පාවල, එහෙමත් නැතිනම් ශරරයේ යම් යම් ස්ථානවල කළු පැහැති ලප ඇතිවෙලා තියෙනවා ඔබ දැකල ඇති. සමහර විට ඔබේ ශරරයේ මෙවැනි ලප විශේෂයන් තියෙන්නට පූළුවන්. මෙවැනි ලප පිළිබඳ බොහෝ දෙනෙක් එකිනෙක මිථ්‍යාමත පවා ප්‍රකාශ කරනවා. නමූත් සැබෑව නම් මෙම ලප රෝගී තත්ත්වයකි. සමේ ඇතිවන ලප ගත්කළ මේවා විවිධයි. සූදු ලප, කළු පැහැති ලප ආදී වශයෙන් හඳුන්වා දෙන්නටත් පූළුවන්. අද අපි මෙහිදී කතා කරන්නේ සමේ ඇතිවන කළු ලප පිළිබඳවයි.


සමේ කළු ලප ඇතිවූ විට බොහෝ දෙනෙක් එය එතරම් ගනන් ගන්නේ නැති නමූත් මෙය රෝගී තත්ත්වයක් ලෙස අප පළමූව තේරුම් ගන්න ඕන. ඒත් සමගම මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ කෙසේද? ඒ සඳහා බලපාන සාධක මොනවාද යන්න පිළිබඳවත් අප දැනූවත් විය යූතුයි.


අවසානයේ ඒ සඳහා කළ හැකි ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳව දැනූවත් වෙමූ.

අප මෙහිදී හඳුන්වන කළු ලප මූලින්ම ඇතිවන්නේ සම මතුපිටයි. එයට නිසි ප්‍රතිකාර නොකළ විට මාංශ හා අස්ථි දක්වාද මේ ලප ගමන් කරයි. කළු ලප සම මතුපිට ඇත්නම් සූවකිරම පහසූය. එය අස්ථි දක්වා වර්ධනය වී ඇත්නම් සූවකිරම තරමක් අපහසූ වෙයි.

මේ රෝගී තත්ත්වයට බෙහෙවින්ම බලපාන්නෙ අප ගන්නා ආහාරය. අප එදිනෙදා නිරන්තරව ගන්නා ආහාර ශරරගතවී ආහාර ජීර්ණයේදී ශරර අභ්‍යන්තරයේ සිදුවන යම් යම් ක්‍රියාකාරකම් හේතුකොටගෙන ජීර්ණයේදී ශරරය තුළ පරිවෘත්තීය ක්‍රියා ඇතිවෙයි. මේ නිසාවෙන් සමේ මෙලනින් කියන වර්ණකය එක් තැන්වෙයි. මේ හේතුවෙන් සමේ කළු ලප ඇතිවේ. සමේ ඇතිවන කළු ලප ඉවත් කිරමේදී නිවසේදී කළ හැකි ප්‍රතිකාර කිහිපයක් බලමූ.

ංරත් හඳුන්, සූදු හඳුන් සම ප්‍රමාණ ගෙන (මේවා ගැනීමේදී කුඩූ වශයෙන් ගැනීමටත් පූළුවන්) දෙහි ඇඹූලින් අනා කළු ලප ඇති තැන්වල ආලේප කරන්න.

පැය කිහිපයක් ගල්වා තබා ඉන්පසූ සෝදා හරින්න. මෙය දිනපතා සතියක් පමණ කරන්න.

සමේ කළු ලප ඇතිවී ශරරයේ බලපෑම ප්‍රධාන වෙනවා. මෙහිදී වාත කෝප (බටූ, මෑකරල් වැනි ආහාර) ආහාර ගැනීමෙන් වළකින්න. සෑමවිටම සමබර ආහාර වේලක් ගන්න.




පාරම්පරික වෛද්‍ය
එච්. ඒ. සිරිල් අල්විස්,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment