මල්වර උත්සව අද කාලෙට ගැළපෙනවද ?


තමන් සමාජයේ ඉදිරියෙන් ජීවත්විය යූතු කෙනෙකු බවට වැටහීමක් ලබා දෙනවා.
ජාතික විශ්ව කෝෂයේ කර්තෘ


ගැහැනූ දරුවෙකුගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක්
ගුරුවරියක්

දියණියගේ දෙමාපියන් දෑන ගත්තාම ඇති රටට අඬබෙර ගැසිය යූතු නැහැ.ඕනවට වඩා හිතට ගත යූතු නැහැ
ගෘහනියක්

දවස් දෙක තුනක් පාටි දානවට වඩා ආගමානූකූල ජීවිතයකට හූරු කරවීමයි වැදගත්
ග්‍රන්ථ ප්‍රකාශකයෙක්

ප්‍රියසාදවලට වඩා චාරිත්‍රවලට මූල් තැන දිමයි වැදගත්
රූපලාවන්‍ය ශිල්පිනියක්


ගැහැණූ දරුවෙකු මල්වර වූවා යනූවෙන් අදහස් කරන්නේ ඒ දියණිය වැඩිහිටි භාවයට පත් වීමයි. මේතාක් කෙළිදොලෙන් හැසිරුණ ඇයට තම ජීවිතයේ වගකීම් ආරක්ෂාව හා තමන් සමාජයේ ඉදිරියෙන් ජීවත් විය යූතු කෙනෙකු බව හැඟවීම මේ සිද්ධිය සැමරම තුළින් ඇයට වැටහීමක් ලබා දෙනවා. මෙසේ අප සමග කතා බහ කළේ ආචාර්ය තිස්ස ඊරියගම මහතායි. ඔහූ ශ්‍රි ලංකා ජාතික විශ්ව කෝෂයේ කර්තෘවරයායි. එහෙත් ඒ මල්වර වීම නිිමිති කොට ගෙන මහා ලොකු උත්සවයක් පවත්වනවට වඩා චාරිත්‍ර වාරිත්‍රවලට මූල් තැනක් දීලා සරල උත්සවයක් පැවැත්වීම හොඳයි. නමූත් අපේ පැරැන්නන් මහ ඉහළින් සමරල තියෙනවා. ඊට හේතුව තමන්ගේ නිවසේ වැඩිහිටි දියණියක් සිටින බව හඟවන්න. ඒ තුළින් ඔවූන් බලාපොරොත්තු වූයේ සිය දියණියට විවාහය සඳහා ඥාතීන් අතරින් සූදුස්සකු තෝරා ගැනීමට ඉඩකඩක් ලබාදීමත්ය. එහෙත් අද සමාජය තුළින් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා සරල චාම් උත්සවයක් තමයි අදට ගැළපෙන්නේ.

ගැහැණූ දරුවෙක් මල්වර වීම කාන්තා සිරුරක සිදු වන ස්වභාවික සිදුවීමක්. මෙය ගැහැණූ දරුවෙකුගේ ජීවිතයේ සූවිශේෂි බවේ මූලික ලකුණක්. මෙහිදී චාරිත්‍ර ඉටූ කිරම වැදගත්. එයිින් දරුවාට තමා පිළිබඳව හොඳ අවබා්ධයක් ඇතිවනවා. දරුවන්ගේ අනාගතයේ සූබ සිද්ධිය බලාපොරොත්තු වෙන හැම අම්මා තාත්තා කෙනෙක්ම මේ උත්සවය සමරනවා. ඒ ඥාති හිතෛෂින්ගේ ආශිර්වාදය තමන්ගේ දරුවට ලබා දෙන්න. මෙවැනි ක්‍රියාදාම තුළින් දරුවගේ හිතේ යහපත් සිතුවිලි වර්ධනය වෙනවා.

නැකැත් චාරිත්‍ර ඉටූ කිරමෙන් මෙන්ම උත්සවයක් පැවැත්වීමෙන් වැඩිවියට නැත්නම් මල්වර වූ යූවතිය කාන්තාවක් ලෙසින් කටයූතු කළ යූතු ආකාරය අවබෝධ කිරමට මූලික පියවරක්ද වෙනවා. අප සමග මෙසේ පැවසූවේ මාලිනී රණසිංහයි. ඇය වෘත්තියෙන් ගුරුවරියක්.


ගැහැණූ දරුවෙක් මල්වරයට පත්වීම නැත්නම් වැඩිවියට පත්වීම පිළිබඳව ඒ දරුවගේ දෙමාපියන් දෑනූවත්ව සිටීම ප්‍රමාණවත්. තවත් අවශ්‍ය නම් පවූලේ ළඟම ඥාතීන් දෑනූවත් වීම ප්‍රමාණවත්. ලෝකයාට දෑනූම් දෙමින් රබන් සූරල් ගහලා උත්සව පැවැත්වීමෙන් ඒ දරුවගේ ලැජ්ජා බය නැති වෙන්න පූළුවන්. එයින් කරදරකාර තත්ත්වයක් නිර්මාණය වෙන්න පූළුවන්. ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කිරම වැදගත්.. එසේ වූ විට වැඩිවියට පත් ගැහැණූ දරුවත් එය ආදර්ශයට ගෙන ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. මෙසේ අදහස් දෑක්වූවේ කුරුණෑගල සූනිල් වික්‍රමරත්න ඔහූ හිටපූ පළාත් සභා මන්තී්‍රවරයෙක්.


අපි ජිවිතයේ විවිධ උත්සව අවස්ථාවලට මූහූණ දෙනවා. ගැහැණූ දරුවෙකු සම්බන්ධයෙන් ගත්තොත් මල්වරවීමේ උත්සවය තමයි ඉතා වැදගත්. මෙහිදී චාරිත්‍ර වාරිත්‍ර අනූගමනය කිරම පිළිබඳව තර්කයක් නැහැ. පළාතෙන් පළාතට මෙහි පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පූළුවන්. උත්සව ප්‍රියසාද පැවැත්වීම සිදුවන්නේ එක් එක් අයගේ වත් පොහොසත් කම් අනූව. උත්සවවලට වඩා චාරිත්‍ර වාරිත්‍ර ඉටූ කිරමයි යහපත්. එසේ පැවසූවේ රූපලාවන්‍ය ශිල්පිනියක වන කුමාරි රත්නායකයි.

මේ සිද්ධිය තුළින් වඩාත් සතුටට පත්වන්නේ ඒ දියණියගේ අම්මයි තාත්තයි. තාත්තා කෙනෙක් විදිහට මමත් ඒ සතුට අත් විඳලා තියෙනවා. නමූත් මගේ පෞද්ගලික ආකල්පය නම් මේ සිද්ධිය මූල් කරගෙන උත්සව පැවැත්වීම ප්‍රියසාද පැවැත්වීම නම් ඒ තරම් උචිත නැහැ. දරුවා පන්සලකට ආගමික ස්ථානයකට කැඳවාගෙන ගිහින් ආශිර්වාද ලබා දීමයි වැදගත්. අද අපේ රටෙි මෙතරම් ප්‍රශ්න ඇති වීමටත් හේතුවක් වෙලා තියෙන්නේ ධර්මානූකූලව මිනිස්සූ ජීවත් නොවීමයි.

සමහර දෙමාපියන්ට ප්‍රිය සාදයක් පැවැත්වීමට දරුවගේ මල්වරවීම තවත් හේතුවක්. මේ ප්‍රිය සාදවලින් දකින්න ලැබෙන්නේ මොනවද පවූලක වගකිව යූත්තා තමන්ගේ මිතුරන් කැඳවාගෙන ඇවිල්ලා මත්පැන් බොන එක. මේක තරුණ දියණියක් සිටින පියවරු නොකළ යූත්තක්. මේකෙන් වෙන්නේ වගකීමක් දරන්න සූදානම් වෙන දරුවට නරක ආදර්ශයක් දීමයි.

ගැහැණූ දරුවෙකු නැවත ඉපදීමක් ලෙස මෙය හඳුන්වන්න පූළුවන්. නමූත් මේ සිද්ධිය උත්සව පැවැත්වීමට තරම් දෙයක් නෙමෙයි. මේ කටයූත්තෙදි පිරිමි පක්ෂය සම්බන්ධ කරගන්නවා. හරිම අඩූයි. මේ සිද්ධියෙන් ඇතිවෙන්නේ ගැහැණූ පිරිමි භේදයක් ඇති කිරමයි. එසේ විය යූතු නැහැ. අද කාලේ හූඟක් චාරිත්‍ර වාරිත්‍ර කෙරෙන්නේ නැහැ. මේවා ගැන අලුත් පරම්පරාවට දෑනූමක් ලබා දිය යූතුයි. නමූත් එදාට වඩා මෙවැනි සිද්ධි කතාබහ කිරම තුළින් දරුවෝ ළමයි ඕනවට වඩා හිතනවා. මෙය එතරම් සූබ කටයූත්තක් නොවෙ යැයි. අයේෂා සමරසිංහ සිය අදහස් ප්‍රකාශ කළා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment