කියන කොට මෙහෙමයි. තමන්ගේ වැරැද්ද පිළිගන්න කවූරුවත් සූදානම් නැහැ. අද සමාජයේ කාන්තාවන්ගේ පැත්ත අරගෙන එක ඇහැක් වහගෙන අනික් ඇහින් බලන තත්ත්වයක් තියෙන්නේ. උදේ පාන්දර පටන් ගත්තාම රෑ දහය දොළහ වෙනකම් ගිරිය කැඩෙනකම් අපි කෑ ගහනවා. ඒත් අපි ඇඟේ ටිකක් ගෑවූණොත් වැරදි විදිහට හිතලා කෑ ගහනවා. ඒත් ඔය නෝනලා බස්වල කරන කියන දේවල් මොනවද කියල දන්නේ අපි. නම හෙළි කිරමට අකැමැති කොළඹ හෝමාගම බසයක කොන්දොස්තර වරයෙක් පැවසූවා.
පොදු වාහනයක අපි ගමන් කරන්නේ පෞද්ගලික වාහනයක ගමන් කරන්න ආර්ථික ශක්තියක් නැති නිසා. කාන්තාවක් වූණාම ඇය උදේ පාන්දර නැගිටලා ගෙදර දොර වැඩ කරලා බස් එකට එන්නේ වෙලාවට වැඩට එන්න. ඒත් උදේ 7. 30 නැග්ගොත් බස් එක අදින්නේ 8.00ට ඒ විතරක්ද කවදාවත් ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. ඉල්ලුවොත් දීපූ ගාන මතක නැහැ. පූළුවන් තරම් ලැජ්ජා කරනවා. ඒ වෙලාවට කාන්තාව පත්වන අසරණ තත්ත්වය ගැන කතා කරලා වැඩක් නැහැ. අප සමග එසේ පැවසූවේ ගණකාධිකාරිවරියක් වන කටූනායක රෝසි පෙරේරායි.
ඇත්තටම කාන්තාවක් බස්වලදී නොයෙකුත් පීීඩාවන්ට ලක්වෙනවා. ඒකට පිරිමි අපි වගකිව යූතුයි. ඒත් හැමෝම නෙවෙයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. හැබැයි කාන්තාවෝ පිළිගන්නවා අද කාලේ තරුණ උදවිය හොඳයි කියලා. හැබැයි වැරැද්ද සිද්ධ වූණාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. ඒ මොහොතේම කතා කළ යූතුයි. කාන්තාව ඊට ශක්තිය ලබා ගත යූතුයි. ඒසේ පැවසූවේ පෞද්ගලික ආයතනයක විධායක නිළධාරියෙක් වන සූනිල් කුරේ මහතායි.
කොන්දොස්තර අයියලා සහ අංකල්ලා එක්ක ප්‍රශ්නයක් කතා කරලා බේරගන්න අපහසූයි. පාසල් යනකොට ලොකු පොත් බෑග් එකක් අපිට අරන් යන්න වෙනවා. බස් එකේ වාඩිවෙලා යන කෙනෙක් එක් කැමැත්තෙන් ගන්නේ නැහැ. ඒත් බස් එකේ එහාට මෙහාට ගමන් කරන තීරුවේ කී දෙනෙක් හිටගෙන යනවද? පොඩ්ඩක් වත් අනූකම්පා නැතිව කෑ ගහනවා. ඩ්‍රයිවර් අංකල් පස්සට යන්න කියනවා. කොන්දොස්තර අංකල් ඉස්සරහට යන්න කියනවා. බස් එකේ අපි හිටගෙන ඉන්නේ අපේ ශරරය අපේ නෙවෙයි වගේ. පාසල් නිල ඇඳුමින් ඉන්නේ කියලවත් සමහර අය හිතන්නේ නැති ගානයි. එසේ පැවසූවේ පාසල් ශිෂ්‍යාවක වන මිනෝලි පෙරේරායි.
බස්වල වැඩිම තෙරපූම එන්නේ කාන්තාවන්ට. ඒ ඇය ලැජ්ජාව නිසා කටවහගෙන ඉන්නවා. කොට ඇඳුමක් ඇඳගෙන. එහෙම නැත්නම් අත් රහිත හැටිටයක් ඇඳගෙන කාන්තාවක් බස් එකට නැග්ගොත් ඇය ඉන්න තැනින් පිරිමි හෙල වෙන්නේ නැහැ. වරද දුටූ තැන කතා කරන්න ඕනේ. කොන්දෙස්තරට කතා කරලා කියන්න ඕනෑ. එහෙම අතවරයකට ලක්වෙන කාන්තාවට අනිත් අය උදව් කළ යූතුයි. එහෙම වෙනවානම් බස් එකේදී වන අමතර තෙරපීම් අඩූ කර ගන්න පූළුවන්. අප සමග එසේ පැවසූවේ වෙළඳ කළමනාකාරිනියක වන ෂෙරන් අතලෙ මහත්මියයි.
කවූරු හරි කෙනෙක් බස් එකකට ගොඩ වෙන්නේ ගමනක් බිමනක් යන්න නැත්නම් කාර්යාලයට යන්න. ඒත් අපේ ප්‍රයිවටි බස් එකකින් ඒ අවශ්‍යතාවය ඉටූ වෙනවද ,බස් තියෙන්නේ කීයද? ඒත් වෙලාවට නැහැ. ඒනිසා ප්‍රයිවටි බස් එකක යන්න වෙනවා. ඒ බස්වල පොල් පටවනවා වගේ සෙනඟ පටවනවා. කතා කළොත් කියන්නේ අපි කොහොමද ෆිනෑන්ස් ගෙවන්නේ. බැරිනම් බහින්න කියල කාන්තාවක් නම් බස් එකට නංවා ගන්නේ බඳවටා අත යවලා. හැබැයි ගැහැණූ උදවියත් ඒ ගැන නිහඬයි. මෙසේ ප්‍රකාශ කළේ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු වූ කිත්සිරි කරුණා රත්න මහතායි.
බස් එකක් බොහෝ විට ගමන් කරන්නේ වෙලාවක් අනූව කොන්දොස්තර මහත්මයාට බස් එකට ගොඩ වෙන අය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. තෙරපූම් ඇති කරන අය ගැන විතරක් නෙවෙයි පොකටි කාරයෝ ගැනත් ඒත් එයා ඒ වග අනිතුක් මගියට දන්වන්නේ නැහැ. ඒකටම සමහර සොයූරියන් බස් එකට ගොඩවූණාම දොර ළඟටම වෙලා ඉන්නවා. එතනින් එහා මෙහා යන උදවිය ඇයව තෙරපූම් ඇති කරනවා. මොකද සමහර බස්වල ගහලා තියෙනවා. තෙරපෙන්න ආස අය දොර ළඟ රැඳෙන්න කියල. කාන්තාව දෑන හෝ නොදෑන එයට දක්වන්නේ සහයෝගයක්. කාටවත් දොස් කියල වැඩක් නැහැ. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යූතුයි. කියල අපේ රටෙි නායකයෙක් කිව්වනේ.මෙසේ පැවසූවේ වෙළෙඳ ව්‍යාපාරියෙකු වූ ජී. බී. දයාවංශ මහතායි.
මේ පූරුෂාධිපත්‍ය රජයන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. කොතනත් වෙන්නේ කාන්තාවට අසාධාරණයක්. මානසිකව පීඩාවට ලක්වෙනවා. කඔඊ බස්වලදී නම් කරදරයක් වූණොත් කතා කරනවා. ඒත් ප්‍රයිවටි බස් එක වූණොත් කතා කරන්නේ නැහැ. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. බොහෝ අය අසරණය. එසේ පැවසූවේ වැල්ලවත්තේ් ඩබ්. අයිරාංගනී මෙනෙවියයි.
0 comments :
Post a Comment