බෙල්ල අවපැහැ වූණොත් පැහැපත් කරගන්න මේ ටික කරන්න

ගෙල කියන්නෙ ලස්සන ඉස්මතු වෙන තැනක් කිව්වොත් එය අතිශෝක්තියක් නොවෙයි. මාලයක් පැළඳුවත් නැතත් කාන්තාවක් දෙස බලන අයෙකුගේ ඇස ගෙල දෙසට යන්නේ නිරායාසයෙන්.

ඒ නිසා ගෙල හැඩට තිබීමේ අවශ්‍යතාව ගැන ඔටබ පූන පූනා ලිවීමට අවශ්‍ය වන්නේ නැහැ. නමූත් දුර්වණයෙන් යූතු ගෙලක් නම් පැහැපත්ව තබා ගැනීමේ වැදගත්කම අප කියා දීම නම් කළ යූතුයි. ඒ සඳහා හොඳ සත්කාරයක් මා ඔබට මේ සතියේ කියා දෙන්නට තීරණය කළා.


බෙල්ල පැහැපත් වෙන්නට නම් ඒ සඳහා හොඳ ක්ලෙන්සර් එකක් පාවිච්චි කළ යූතුයි. වෙළෙඳ පොළේ ක්ලෙන්සර් කී්‍රම් වර්ග අඩූවක් නැත. එවැනි කී්‍රම් වර්ග වෙනූවට කස්තුරි ස්වල්පයක් , කහ, මී පැණි මිශ්‍ර කරමින් කී්‍රම් එකක් අපට පහසූවෙන්ම සාදා ගැනීමට පූළුවන්.


මෙමගින් ස්ක්‍රබ් කර ගැනීම වැදගත්. ස්ක්‍රබ් කිරීම සරලව තේරුම් කළොත් එය සාමාන්‍යයෙන් ආලේප කරන ආකාරයට වඩා වෙනස්. තරමක් තදින් එය ආලේප කර ගත යූතු වෙනවා.


ආලේපය ස්ක්‍රබ් කිරීමෙන් පසූව එය සෝදා දෑමීම විනාඩි දෙකකින් පසූව සිදු කළ යූතුයි.


ඉන්පසූව මූහූණට මූං ඇට පිටි නැතිනම් කඩල පිටිවලට දෙහි බිංදු කීපයක් මිශ්‍ර කර සාදාගත් තලපය ගෙල වටා ගැල්වීම අවශ්‍යයි. මේ තලපය විනාඩි විස්සකින් පමණ සෝදන්න.


මේ සත්කාරය අවම වශයෙන් සතියකට දෙවරක්වත් කිරීමෙන් ගෙල අවට පැහැපත් වෙන එක සිකුරුයි.


ඇත්තෙන්ම රැකියාවට යන කාන්තාවන්ගේ දූවිලි, කුණූ ගෙල අව පැහැ ගැන්වෙන්න ඇති ඉඩකඩ වැඩියි. මේ සත්කාරය ඊට කදිම පිළිතුරක්. මෙයින් ගෙල පමණක් නොව කළු පැහැ ගැන්වූණූ නිකටත් පැහැපත් කරන්න හැකියාව තිබෙන බව අපි අමතක කරන්න නරකයි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment