අධික තාපය හේතු කොට ඇතිවන තාප ආඝාතය දී

 


දෑන් දෑන් වැස්ස ලැබූණත් පසූගිය මාස කිහිපය පූරා අධික උණූසූමෙන් අප පීඩා විඳි ආකාරය ඔබට තවමත් මතක ඇති. අධික උෂ්ණත්වය කරණ කොට මිනිසූන් මිය යනූ දකින්නට තරම් අප අවාසනාවන්ත නොවූව ද මෑතක දී ප්‍රංශයේ ජිවිත හානි දහස් ගණනක් සිදු කිරීමට අධික තාපය හේතු කොට ඇතිවන තාප ආඝාතය ( Heat Strokes ) මූල් වූණා. කෙසේ වෙතත් මෙවර ලිපියෙන් ඔබේ අවධානය යොමූ කරන්නේ අපට එතරම් හූරු පූරුදු නොවූ මෙම තාප ආඝාතයක දී කළ යූතු ප්‍රථමාධාර පිළිබඳව ය.


අචලතාපී සත්වයන් ලෙස වෙනස්වන පරිසර උෂ්ණත්වයන් (යම් පරාසයක් තුළදී පමණී) සිරුර අභ්‍යන්තරයේ සිදුවන තාප ජනනය වීම් නොසලකා ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමේ හැකියාව මිනිසා උරුම කොට ගෙන තිබෙනවා. නමූත් අධික උෂ්ණත්වයක් හමූවේ මෙම සමස්ථිතික යාන්ත්‍රණය බිඳ වැටීමක් සිදුවනවා. එහි ඊළඟ ප්‍රතිඵලය ශරීර උෂ්ණත්වය පාලනයකින් තොරව ඉහළ ගොස් පරිවෘත්තීය ක්‍රියා අක්‍රමවත් කොට තාප ආඝාතය නම් තත්ත්වය ඇතිවීමය.


ශරීර උෂ්ණත්වය ෆැරන්හයිටි අංශක 104කට වඩා ඉහළ යාම, වියළිි උණූසූම් හා රතු පැහැ වීම, නාඩි වැටීමේ වේගය වැඩි වීම හා නාඩි දුර්වල වීම ( Weak Pulse ) දහඩිය නොදෑමීම වලිප්පූ ඇතිවීම ( Convulsion )- සිහි විකල් තත්ත්වයන් හෝ සිහිසූන් තත්ත්වයන් ඇතිවීම. තාප ආඝාතයකට යමෙකු ගොදුරු වී ඇති බව හඟවන ලකෂණ වේ.


පළමූව ඔබ කළ යූත්තේ හැකි තාක් ඉක්මනින් රෝගියා ගේ ශරීර උෂ්ණත්වය පහත දෑමීමට කටයූතු කිරීමය. එබැවින් ඔහූව සිසිල් ස්ථානයකට රැගෙන යන්න. (ගසක් යටට හෝ සෙවණ ඇති ස්ථානයකට) රෝගියා හාන්සි කරවා පාද ඔසවා තබන්න. ශරීරයෙන් ඇඳුම් ඉවත් කරන්න. විදුලි පංකාවක් තිබේ නම් එය ක්‍රියාත්මක කර රෝගියා වෙත යොමූ කරන්න. අයිස් බෑගයක් (සාදාගන්නා ආකාරය පූර්ව ලිපියක දී විස්තර කෙරිණ) හෝ ශීතල ජලයෙන් පෙඟ වූ රෙදි කැබැල්ලකින් ගෙල, කිහිලි, හා ඉකිලි ආදී ප්‍රදේශ තවන්න. ඔබේ ක්‍රියාත්මක වීම සාර්ථක වූයේ නම් රෝගියා ගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිටි අංශක 101 හෝ ඉන් පහතට බසිනූ ඇත. එවිට ඔහූ සූව වීමේ ස්ථාපිතයේ පිහිටූවන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment