ගල් තැලූම් ඇතිවන්නේ ගල්වලට තැලීමෙන්ද?

ගල්තැලුම් ලෙස අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන්නේ කකුලේ යටි පතුලේ සහ අතේ අත්ල ප්‍රදේශයේ සමේ ඇතිවන ඝනකම් රවූම් ප්‍රදේශ විශේෂයක්. මෙහි විශ්වාසයක් තියෙනවා මෙම සමේ ඝනකම් වූ රවූම් විශේෂ ඇති වෙන්නේ ගල්වලට තැලීමෙන් කියලයි. මෙම තත්ත්වය උඩයි මේවා ගල් තැලුම් නමින් හඳුන්වන්නෙත්. එය එතරම් නිවැරදි හඳුන්වාදීමක් නෙවෙයි. මෙය ඇති වෙන්නේ ගල්වලට තැලීමෙන් නෙවෙයි.


අපි ගල් තැලුම් ලෙස හඳුන්වන විශේෂයෙන් සමේ යටි පතුලේ ඇති ඝනකම් වූ කොටස් වර්ග දෙකක් තියෙනවා.


අපි එකක් චර්ම රෝග විද්‍යාවේ හඳුන්වනවා වෛරස් ඉන්නන් කියල. මෙය බැලු බැල්මට පෙනෙන්නේ ගල් තැලුමක් ආකාරයටයි.


අනෙක තමයි අපේ ශරීරයේ බර පොළව මතට සම්ප්‍රේකෂණය වන්නේ අපේ කකුලේ යටි පතුල හරහායි. නිරෝගී කෙනෙකුගේ යටි පතුල සකස් වෙලා තියෙන්නේ ශරීරයේ බර එකහා සමානව පොළවට විහිදෙන ආකාරයටයි. යම් කෙනකුගේ යටි පතුලේ අස්ථි සැකිල්ලේ වැරැදි පිහිටීමක් තිබූවිටි පතුලේ සමහර තැන්වලින් ශරීරය බරින් වැඩි කොටසක් පොළවට යනවා. මෙම අස්ථිවලට සම්බන්ධ සම නිතරම පීඩනයට ලක්වෙනවා. එවිට සම තුවාල වෙන්න බලනවා. සම තුවාලවීම වළක්වා ගන්න අපේ ශරීරයෙන්ම යම්කිසි ආරක්ෂක ක්‍රියාවක් කරනවා. එවැනි තැන්වල සම ඝනකම් වෙනවා. ඔන්න ඕවටත් අපි ගල් තැලුම් කියල කියනවා. විශේෂයෙන් අපේ පාදයේ අස්ථිවල වැරැදි පිහිටීමක් නිසා ශරීරයේ බර අසාමාන්‍ය ලෙස යම් තැනකින් වැඩිපූර පොළවට සම්ප්‍රේක්ෂණවීමේදී ඇතිවන පීඩනය තමයි සමේ මෙම ක්‍රියාවලියට හේතු වෙන්නේ. මෙය අපි කැලෝසිටි ලෙස හඳුන්වනවා.


කැලෝසිටි ලෙස හඳුන්වන පාදයේ යටි පතුලේ සම ඝනකම්වීම සහ වෛරස මගින් ඇතිවන සම ඝනකම්වීමත් දෙක කොහොමද වෙන්කරලා හඳුනාගන්නේ.


අපි කිව්ව ගල් තැලුම හෙවත් කැලෝසිටි එකක් ශත විසිපහක හෝ ශත පනහක කුඩා රවූම් කාසි වගේ සම ඝනකම් වූ ප්‍රදේශයක් වෙනවා. වෛරස මගින් ඇති කරන ඉන්නත් මේ වගේමයි.


සමේ ගල් තැලුමක් ලෙස පෙන්වන කොටසට අංශක අනූවකින් යම් පීඩනයක් යෙදුවොත්, ඒ කියන්නේ ඇඟිල්ලෙන් පහළට තද කළොත් එවිට වේදනාවක් දැනෙනවා නම්, සහ ඊළඟට ගල් තැළුම් අපේ ඇඟිලි දෙකෙන් අල්ලා දෙපැත්තෙන් තද කලාමත් නැවතත් වේදනාවක් දෑනෙනවා නම් වෙන වෙනම හඳුනා ගන්න පූළුවනි.


සමේ ඝනකම් වූ කොටසට අංශක අනූවකින් යම් පීඩනයක් යෙදූවිට වේදනාව වැඩිනම් එය ගල් තැලුමක් ලෙස හඳුනාගන්න පූළුවනි.


සමේ ඝනකම් වූ කොටස දෙපැත්තෙන් මිරිකූ විට වේදනාව වැඩිනම් එය ඉන්නෙක් ලෙස හඳුනා ගන්නවා. මේ වෙනස හඳුනා ගැනීමෙන් ඉන්නෙක් නම් එක විදිහකට ප්‍රතිකාර කරන්නත් ගල් තැලුමක් නම් තවත් විදිහකට ප්‍රතිකාර කරන්නත් සිද්ධ වෙනවා.


ගල් තැලුමකට මෙතනදී ප්‍රතිකාර කරන්නේ ගල් තැලුම ඉවත් කිරීමෙන් නොවෙයි. ගල් තැලුමේ මතුපිට ඝණකම් ස්ථර ගැලවී යන්න කිසියම් ආලේපයක් මතුපිට ආලේප කරලා වේදනාව අඩූ කරන්න පූළුවනි. නමූත් මෙය ස්ථිර ප්‍රතිකාරයක් නොවෙයි. සම මතුපිට පීඩනය වැඩි වූණාම නැවතත් සම මෙසේ වෙන්න පූළුවනි. එතනදී කළ යූත්තේ සම මතුපිටට එන අනිසි පීඩනය ඉවත් කිරීම. අපි පළඳින සෙරෙප්පූවේ හෝ සපත්තුවේ ගල්තැලුම තියෙන තැනට අනූරූපී වන තැන් පොඩි වලක් වගේ එකක් හදන්න ඕන. මෙය සපත්තුවේ හෝ සෙරෙප්පූවේ පතුලේ තමයි හදන්නේ. එතනට ස්පොන්ච් කැබැල්ලක් තැබීමෙන් ශරීරයේ පීඩනය අර ස්පොන්ච් එක හරහා යනවා. මේ ක්‍රමයෙන් එවැනි ගල් තැලුම් ඇතිවීමෙන් වැළකී ඉන්න පූළුවනි. මෙවැනි සපත්තු අඩි නිර්මාණය කරන වෙළෙඳ ආයතන කොළඹ තියෙනවා. ඔවූන්ට තමන්ගේ අවශ්‍යතාව නිවැරදිව පහදා දුන්විට එවැනි සපත්තු නිර්මාණය කර දෙනවා.


නැත්නම් ලැක්ටික් අම්ලය සහ සැලිසිලික් අම්ලය සහිත ෆෙක්සිමම් ක්ලෝනියම් කියන ද්‍රව්‍යයේ දිය කළ බෙහෙත් වර්ග තියෙනවා. එවැනි බෙහෙත් වටෙි සමේ ගෑවෙන්නේ නැතුව සම ඝන වූ ප්‍රදේශයේ පමණක් ආලේප කර රෑ එළිවන තුරු තැබීමෙන් සමේ ඝණකම් ගතිය ඉවත් කර ගන්න පූළුවනි. නමූත් මෙය පීඩනය නැවත යෙදෙන විට ඇතිවෙන්න පූළුවනි.


අපි කටවහරේ කතා කරන ගල් තැලුම් හැලීම කියන්නේ යටි පතුලේ අපි ගල් තැලුම් ලෙස හඳුන්වන ඉන්නන් හැලීමයි. වෛරසයට විරුද්ධව ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනැගුණ විට ඉන්නන් ලෙස පවතින ගල්තැලුම් සමෙන් නොදැනූවත්වම ඉවත් වෙලා යනවා. මෙය වෛරසයක් හරහා ඇතිවන නිසා කකුලේ යටි පතුලේ ඕනෑම ස්ථානයක පැතිරෙන්නත් පූළුවනි. ශරීරයේ අනෙක් තැනක ඇතිවෙන වෛරස ඉන්නන් හැසිරෙන විදිහටමයි ගල්තැලුමක් වගේ පෙනෙන වෛරස ඉන්නන් හැසිරෙන්නෙත්


සමහර පූද්ගලයන් ඉන්නවා පාදයේ හත්, අට පළක ගල් තැලුම් ඇති වෙච්ච. ඒවා වෛරස නිසා ඇතිවෙච්ච ඉන්නන් නම් කලක් යනකොට ඉවත්වෙලා යනවා. පීඩනය නිසා ඇති වූ ගල් තැලුම් නම් එම වෙනස පාද දෙකෙහිම එකම තැන පැහැදිලිව තියෙන්න පූළුවනි. එය ශරීරයේ බර බෙදීයෑම ගැන ප්‍රශ්නයක්. මේවා සූව කළ යූත්තේ ප්‍රතිකාර කිරීම මගින්මයි.




අසෝක කමලදාස
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment