නිවස තුළ බූදු සමිඳුට දෙවියන්ට පහන් දෑල්වීම අසූබද?


ලෝකයේ ජීවත්වන සියලුම දෙනාට, තමන්ට හිමි ආගමක් ඇත.


දෙවි දේවතාවූන්ද ඇත. සියලුම දෙනා ආගම ඇදහීම, දෙවියන් ඇදහීම, කරන්නේ නම් ඉතා හොඳය.

නමූත් ප්‍රශ්නය වී ඇත්තේ, තමන් අදහන ආගම සඳහා හෝ දෙවිවරුන් සඳහා, තමන්ගේ ගෙය ඇතුළේ පහන් දැල්වීම, පූද පූජා තැබීම සූදුසූද කියන එකය. මේ පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති. බහූතරයක් බෞද්ධයින් සිටින රටක් නිසා, බෞද්ධයින් වැඩි පිරිසක් තමන්ගේ නිවස තුළ, තෙරුවන් කෙරෙහි පහන් දල්වා පූද පූජා පවත්වයි. නිවසේම කාමරයක, වැදුම් පිදුම් කරයි.


අපේ පවූල සිටින මේ නිවස තුළ. උත්සව පැවැත්වේ. අමූත්තන් රැස්වී, රහමෙර පානය කරමින්, මස් මාංශ අනූභව කරමින්, විනෝද වෙන අවස්ථා උදාවේ. අඹූසැමියන් අතර වාද විවාද , ආරවූල් ඇතිවිය හැක. එසේම නිවස කම්සැප විඳින ස්ථානයද වේ. එවැනි නිවස තුළ, පැත්තක මහත් භක්තියෙන්, ආගම ඇදහීමට, දෙවියන් වැඳීමට, තැනක් වෙන්කර ඇත.


ඉතින් මේ ප්‍රශ්නය ගැන හිතන විට, සිතට බයක් ඇතිවීම පූදුමයක් නොවේ.


එමනිසා වඩාත්ම හොඳ ක්‍රමය වන්නේ, නිවසින් පිට, ඊසාන දෙසින් ඉතාම පිරිසිදු ස්ථානයක්, තරමක් උසින් සකස් කර ගැනීමය. එසේ බූදු මැදුරක් හා දෙපස දෙවියන්ට පහන් තබන ස්ථානද හදා ගන්ට පූළුවන් නම් ඉතා වැදගත්ය. තවත් විශේෂ දෙයක් තිබේ. එනම්, බූදුන්ගේ පහන දැල්වීම උදේ 5ඃ6 අතරත්, හවසට 5ඃ6 අතරත්, කරන්න පූළුවන් නම් ඉතාම හොඳය.


දෙවියන් කෙරෙහි පහන් දැල්වීමේදී ඉතා සැළකිලිමත් විය යූතුය. දෙවියන්ගේ පහන නියමිත වේලාවන්ට දැල්විය යූතුය. එසේ නොකරන්නේ නම් එයින් අනිටූ ප්‍රතිඵල උදාවිය හැක. දෙවිවරුන් රාශියක් සිටී. එම දෙවිවරුන්ට විශේෂ වූ අවස්ථාවල් අනූව පහන් දැල්විය යූතුවේ. දෙවිවරුන්ට පහන් දල්වන්නට කැමැත්තෙන් සිටින අයට ජ්‍යොතිෂ්‍ය කටයූතු දන්නා කෙනෙකුගෙන්, එම වේලාවන් සොයා ගැනීමට පූළුවන්වේ.


ජ්‍යොතීර්වේදී උඩහමූල්ලේ ධර්මසේන විසිදාගම

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment