අතීතයේදී දරු ප්‍රසූතිය සඳහා රෝහලට යනවිට අල්මාරි පියන් විවෘතකර ගියේ ඇයි ?


අප රටෙි විවිධ කෙම් ක්‍රම දැකිය හැකිය. එවැනි කෙම් ක්‍රම අතරට ගර්භනී මවක් පිළිපැදිය යූතු පිළිවෙත් කිහිපයක් අදටත් අපේ ගැමියන් තුළ තිබේ. විශේෂයෙන්ම ගර්භණී කාලයට දින ළංවූ විට එම කාන්තාව සිටින නිවසේ අල්මාරිවල දොර පියන් විවෘතව තබන අතර කෙටිට උර මසන්න ඒවා මූටිටූ කරන්න හොඳ නැතැයි විශ්වාසයක් පවතී, එවැනි කටයූතු නූසූදුසූ යැයි ඔවූන් සිතුවේ. ගැබ තුළ සිටින දරුවාට යම් හානියක් සිදුවේ යැයි ඇති වූ බිය නිසාවෙන් බව අමූතුවෙන් කිවයූතු නොවේ. මේ නිසා අද සටහන් කරන්නට සූදානම් වන්නේ ඉපැරැණි සමාජය තුළ පැවැති මෙම සිරිත්වල යම් සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳවයි.


ඉපැරණි සමාජය තුළ මෙන්ම අද පවතින නවීන සමාජය තුළ ද කාන්තාවක් ගැබ් ගැනීම ඉතා උතුම් දෙයක් ලෙසට සළකයි. විශේෂයෙන්ම තම කුළුදුල් දරුවා ලැබීමට සිටින මවට තහංචි දැමීමට පෙළඹූණේද දැඩි ආරක්ෂාව නිසාවෙන්මයි. කාන්තාවක් ප්‍රථම දරුවා බිහිකරන්නට සිටින විටදී තම නැන්දම්මා ළඟින් තම මව ළඟට යාමේ සිරිතක් ද එදා සමාජය තුළ තිබූණේ මවගේ සහ දරු පැටියාගේ ද වැඩි පහසූව සඳහාමයි. විශේෂයෙන් මෙම සිරිත ඉන්දියාවේ අදටත් පවතින සිරිතකි.


ගැබිනියන්ට ගැබ් කාලය තුළ ප්‍රවේශම් විය යූතු බවට වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබේ. යන්ත්‍ර මන්ත්‍ර, දෙහි කැපීම් ආදිය සිදු කිරීමද ඇයට සපූරා තහනම්ය. ඒ කුස තුළ වැඩෙන දරුවාට හානියක් සිදුවේ යන බිය නිසාවෙනි.


එමෙන්ම ගෙවල් සෑදීමේදී, ළිං කැපීමේදී නිවෙස් වහළ සෑදීම් වැනි පොදු කටයූතු ද ප්‍රසූත කාලයේදී සිදුකිරීම නතර කර දමන්නේ වැඩි පරිස්සම සඳහාය. ඇණ ගැසීම වැනි ක්‍රියා ඇය සිටින ස්ථානයේදී සිදු කිරීමෙන් කුසේ සිටින දරුවාව හිරකිරීමක් වැනි දෙයක් සිදුවේ යැයි එදා අපේ වැඩිහිටියෝ විශ්වාස කළහ. නමූත් එය විද්‍යාත්මකව බැලූ විටද යම් සත්‍යයක් තිබෙන බව පෙනේ.


ගැබිනි කාලය තුළ කුසේ සිටින දරුවාට විවිධ ශබ්ද, ආදිය තුළින් කම්පනය ඇතිවන්නට පූළුවනි. මේ නිසා කුස තුළ වැඩෙන දරුවාට එම ශබ්ද අහිතකර විය හැකි බව අපේ වැඩිහිටියෝ අත්දැකීමෙන් දැන සිටියහ. එමගින් ගබ්සාවීමක් ඇති වන්නට බොහෝවිට හැකියාව තිබෙන බව ද ඔවූහූ විශ්වාස කළහ. එනිසා මෙවැනි කටයූතුවලදී ඇය නිවසින් පිටමං කරන අවස්ථා අද සමාජයේද ඇත.


අද මෙන් එදා සමාජයේ කාන්තාවට පහසූකම් නොතිබිණි. දිය නෑමට ළිඳට හෝ පීල්ලකට, ඇළකට යාමට සිදුවිය. ඒ නිසා ඇයගේ අවශ්‍යතා සියල්ල ඉර බැස යන්නට පෙර සිදුකරගත යූතු විය. අවේලාවේදී දිය නෑමට පිටතට යාමට සිදුවන නිසා ගැබිණි මවට භූත ප්‍රේත බැල්ම ඇතිවිය හැකි බවට වැඩිහිටියෝ විශ්වාස කළහ. මේ නිසා කුසේ සිටින දරුවා රැකගැනීමට මෙවැනි දෙයින් තම දියණීය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාකිරීම සඳහා ඔවූන් දෙවරක් සිතුවේ නැත.


කෙසේ වෙතත් සවස් වරුවේ දියනෑමෙන් මවට ඇඟ සීතල වී යම් අපහසූතාවක් ඇතිවිමට හැකියාව තිබෙන අතර එයින් මවටත් දරුවාටත් හානියක් විය හැකි බව විද්‍යාත්මක පිළිගත් සත්‍යයකි.


ගැබිනි මවට අගුණ ආහාර රැසක් වූ අතර ඒවා ආහාරයට නොදීමට ඔවූහූ එදා කටයූතු කළහ. තවද වසා නොතිබූණූ කළයකින් පවා ජලය පානය කිරීමට ඇයට තහනම් විය.


ගැබිණි කාලය ළංවන විට මවට ඉදිකටූවක් ගෙන මැසීමට නොදුන් අතර විශේෂයෙන්ම කොටිට උර මූටිටූ කිරිම තහනම් විය.


එමෙන්ම ගැබිනි මවක් සිටින කාමරයේ වසා තබන ලද භාණ්ඩ තැබීමත් තහනම් විය. ගර්භණී මව රෝහලට යන විට ඇය ගේ ඇඳුම් අල්මාරිය ඇර යන්නේ ඇය අතින් අරින ලද අල්මාරිය නැවත පියන වසන අවස්ථාවේදී යතුරින් එය තද කිරීමක් කරන්නට සිදුවීම නිසාවෙන් බව පැරැන්නන්ගේ අදහසය. එහිදී ඇය එසේ කිරීමෙන් තම කුස තුළ සිටින දරුවාට යම් දෙයකින් තද කිරීමක් වන බවට එදා වැඩිහිටියන් විශ්වාස කළ අතර රෝහලට යන විට අල්මාරි පියන ඇරයාම සිරිතක් කර ගත්තේ ප්‍රසූතිය පහසූවීම පිළිබඳව එදා වැඩිහිටියන් තුළ ඇති වූ සිතුවිල්ල නිසාමය. මෙය වර්තමානයේදී අදටත් ග්‍රාමීය මවූවරුන් තුළ දැකිය හැකිය.


මෙවැනි සිරිත් ක්‍රම අපේ


පැරැන්නෝ සිදු කළේ තම පවූලට බිහිවන්නට සිටින කුළුඳුල් දරුවා රැක ගැනීම හා නිරෝගී දරුවකු ලැබීම පවූලේ සියලු දෙනාගේම පැතුම වූ නිසාවෙන් නොවේද?

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment