අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්නන් ලෙසින් හඳුන්වන කුඩා ගැටිති විවිධ වර්ග ගණනාවකට අයත් වෙනවා. සමාජය පූරා වඩාත් බහූලව දක්නට ලැබෙන ඉන්නන් වර්ග දෙකක් තියෙනවා. මෙම ඉන්නන් වර්ග දෙකම වෛරස මගින් ඇති කරන ඒවා.
හියූමන් පැපිලෝමා වෛරස් මගින් ඇති කරන ඉන්නන් වර්ගය සමේ කුඩා ගැටිති ලෙසින් හඳුනාගන්න පූළුවනි. මෙම ගැටිති ඇත්තටම සමේ අපිචර්මයට පමණක් සීමා වූ ගැටිති විශේෂයක්. මෙම එක ගැටිත්තක් සමේ අපිචර්මය මත ඇති වූ විට එම වෛරස් අංශුු සමේ අනෙක් තැන්වලට පැතිර යාමෙන් ශරීරයේ අනෙක් තැන්වල ඉන්නන් ඇති වෙනවා. ඒ වගේම කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්නත් පූළුවනි.
පාසල් දරුවන් අතර මෙම ඉන්නන් බහූලව පැතිර යනවා. විශේෂයෙන් පිහිනූම් තටාක ආශ්‍රිතව ඉන්නන් පැතිරීම බහූලව දක්නට ලැබෙනවා. මෙම ඉන්නන් විශේෂය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ කොමන් වෝර්ටි ලෙසයි. කොමන් වෝර්ටි ලෙස හඳුන්වන මෙම ඉන්නන් ඇති වෙන්නේ අත්වල සහ පාදවලයි. වශේෂයෙන්ම ඝනකම් සම ආශ්‍රිතවත් ඊට අමතරව මූහූණෙත් මෙම ඉන්නන් ඇති වෙන්න පූළුවනි.
හියූමන් පැපිලෝමා වෛරසය මගින් ඇති කරන කොමන් වෝර්ටි හෙවත් සාමාන්‍ය ඉන්නන්ට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනැගුන දවසට ශරීරයේ කිසිදු කැළලක් නොතියාම බෙහෙත් කිරීමකින් තොරව ශරීරයෙන් ඉවත්වෙලා යනවා.
අපි ඉන්නන් හැලෙනවා කියල හඳුන්වන්නේ මෙම තත්ත්වයයි. නමූත් මෙම ඉන්නන් හැලෙන්නේ කවදාද, කොහොමද කියන්න බැහැ. අපේ ශරීරයේ ඉන්නන්ට ප්‍රතිවිරුද්ධව ප්‍රතිශක්තිය ගොඩනැගුණ වහාම ඉන්නන් ශරීරයෙන් ඉවත් වෙනවා. මෙය ඉන්නන් ඇතිවීමෙන් මාස දෙක, තුනක් වෙන්නත් පූළුවනි. නැත්නම් මාස පහක්, හයක්, එහෙමත් නැත්නම් අවූරුද්දක් වෙන්නත් පූළුවනි. සමහර විට ඊට වඩා වැඩි කාලයක් වෙන්නත් පූළුවනි.
එහෙමත් නැත්නම් විවිධ බෙහෙත් මගින් මෙම ඉන්නන් සූවකරන්න පූළුවනි. ද්‍රව කරන ලද නයිට්‍රජන් වායූව ඉන්නා මතට වැටෙන්නට සැලැස්වීමෙන් මෙම ඉන්නන් සමෙන් ඉවත් කරන්න පූළුවනි.
යම් කෙනෙකුගේ ශරීරයේ ඉන්නන්ට විරුද්ධව ස්වාභාවිකවම ප්‍රතිශක්තිය ඇති වෙන්න ප්‍රමාද වූවහොත්, ශරීරයේ ඉන්නන් පැතිරෙන නිසාත්, වෙනත් පූද්ගලයන්ට බෝවෙන නිසාත් ඉක්මණින් ඉන්නන් ශරීරයෙන් ඉවත් කරන්න පෙළඹීම හොඳ දෙයක්.
ඊට අමතරව විදුලිය සපයන කුඩා විද්‍යූත් උපකරණයක් මගින්ද ඉන්නන් ඉවත් කිරීම කරන්න පූළුවනි. ක්වාටර්ලයිසේෂන් ලෙස හඳුන්වන මෙම ක්‍රමය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ ඉන්නන් පූච්චනවා කියලයි.
තවත් ඉතා ප්‍රබල අම්ල ලෙස හඳන්වන ට්‍රයි ක්ලෝරෝ ඇසිටික් ඇසිඩ් මගින් ද ඉන්නන් ඉවත් කළ හැකියි. මූහූණ වැනි ඉතා සියූම් සමෙහි ඇතිවෙන ඉන්නන් මෙම ක්‍රමය මගින් ඉවත් කළ හැකියි.
මූහූණේ කැළලක් ඇතිවීම ප්‍රබලව බලපාන මානසික කරුණක් නිසා චර්ම රෝග වෛද්‍යවරුන් හැටියට අපි කිසියම් අවදානමක් අරගෙන කැළලක් ඇතිවීමේ සම්භාවිතාව ඉතාම අල්ප මෙම ක්‍රමය මගින් එවැනි තැන්වල ඉන්නන් ඉවත් කරනවා. යම්කිසි විදිහකින් සූළු කැළලක් ඇති වූවහොත් එයත් කාලයත් සමග නැතිවෙලා යනවා.
අනෙක් ඉන්නන් වර්ගයත් ඇති වෙන්නේ වෛරස් මගින්මයි. එය අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ කිරි ඉන්නන් ලෙසයි. කිරි ඉන්නන් වඩාත් බහූලව දක්නට ලැබෙන්නේ කුඩා දරුවන් අතරයි.
කුඩා අබ ඇටයක් තරමට හෝ කොත්තමල්ලි ඇටයක තරම් ප්‍රමාණයකට මූතු ඇටවල ස්වරූපයට හටගන්නා කුඩා ගැටිති මෙම ඉන්නන් ලෙස සමේ හඳුනාගත හැකියි. මේවා බොහෝවිට වෛරස මගින් ඇතිවන නිසා දරුවන්ගෙන් තවත් දරුවන්ට බෝ වෙන්න පූළුවනි. මෙයත් කෙනෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉන්නන් පැතිරෙන වෛරසයට විරුද්ධව නැගුණ දවසට ඉවත්වෙලා යනවා. කෙනෙකුගේ ශරීරයේ ප්‍රතිශක්ති වර්ධන කාලය හරියටම මෙච්චරයි කියල නිශ්චිතව කියන්න බැහැ.
මෙම ඉන්නන් පවා ප්‍රතිජීවක ඖෂධයක් ඉන්නා මත ආලේප කර පසූව නික්ෂේපණ කටූවක් මගින් ඉවත් කළ හැකියි. මෙය වැඩිපූර ඇතිවෙන්නේ වයස අවූරුදු පහේ සහ ඊට අඩූ වයස් කාණ්ඩවල දරුවන්ට නිසා ඉන්නන් ඉවත් කිරීමට වේදනා ගෙන දෙන ක්‍රම උපයෝගී කරන්න දෙමාපියන් අකමැත්තක් දක්වනවා.
නමූත් අද බොහෝ රූපලාවන්‍යාගාරවල ඉන්නන් සඳහා ප්‍රතිකාර කරන බවට දැන්වීම් සවිකර තිබෙනවා මම අනන්තවත් දැකලා තියෙනවා.
සමේ ඇතිවෙන චර්ම රෝග තත්ත්වයන්ට බලයලත් වෛද්‍යවරයෙකුට හැර කිසිම කෙනෙකුට ප්‍රතිකාර කළ නොහැකියි. මොකද රෝග විනිශ්චය ඉතාම වැදගත් නිසයි.
ඉහත ඉන්නන් වර්ග දෙකම වෛරස මගින් ඇති කලත් කලුපාට ඉන්නන් වර්ගයක් තියෙනවා ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවෙන. මෙය ශරීරයේ බෙල්ල, පපූව, පිට වැනි තැන්වල කලුපාට ඉතාම කුඩා ගැටිති ලෙස දකින්න පූළුවනි. මෙය හෝමෝන ක්‍රියාකාරිත්වය මගින් ඇති වූවත් කෙනෙකුගෙන් කෙනෙකුට බෝ නොවන නමූත් ආරෙට යන රෝගී තත්ත්වයක්.
මෙය සාමාන්‍යයෙන් අවූරුදු 25ඃ30 වෙනකොට ඇතිවෙලා පූංචි පූංචි බිංදු ලෙසින් තිබිලා කලක් යනකොට ඉතාම සෙමින් ලොකු වෙන්න ඉඩ තියෙනවා.
මෙය ඉවත් කරන්නත් අම්ල භාවිතය, ක්වාටර්ලයිසේෂන් ක්‍රමය පාවිච්චි කරන්න පූළුවනි. නමූත් ඔබ මතක තබාගත යූත්තේ ඉන්නන් ඉවත්කිරීමට හොඳ පළපූරුදු වෛද්‍යවරයෙකු ලවා නිවැරදි රෝග විනිශ්චයක් මගින් කිරීම වැදගත් බවයි. ඇත්තටම රූපලාව්‍යාගාරයක් තුළ මේවා ඉවත් කිරීම සූදුසූ නැහැ.
සමේ රෝගවලට ප්‍රතිකාර කිරීම චර්ම රෝග වෛද්‍යවරුන්ට අයත් කාර්යයක් වනවා වගේම රෝගීන් සූවපත් කිරීමට එවැනි වෛද්‍යවරුන් නීතියෙන් බැඳී සිටිනවා.
0 comments :
Post a Comment