රෝගියකුට රෝගය වැළඳෙන අවස්ථාවේ දී ඔහූ සිටින පරිසරය අනූව ඇති විය හැකි අනතුරුවල තත්ත්වය භයානකයි. මීමැස්මොරය හෙවත් අපස්මාරය කියන්නේ එවැනි රෝගයක්.
අපස්මාරය හෙවත් මීමැස්මොරය කියන්නේ දරුණූ, භයානක රෝගයක් නොවෙයි. එහෙත් සමාජය පිළිගෙන තිබෙන්නේ එවැනි රෝගයක් ලෙසටයි. එයට ප්‍රධාන හේතුවක් තමයි අනාදිමත් කාලයක සිට මේ රෝගය පිළිබඳව විවිධ මිත්‍යා මත පැතිර යාම. ශ්‍රී ලංකාව පිළිබඳව විමසීමේ දී මීමැස්මොර රෝගීන් හෙවත් අපස්මාර රෝගීන් ලකෂ 3ක් පමණ ඉන්නවා. ලෝකයේ ම මිලියන 50ක් පමණ සිටින බවට වෛද්‍ය වාර්තා පෙන්වා දෙනවා. ස්ත්‍රී පූරුෂ යන දෙපකෂය ම මේ රෝගයට ගොදුරු වෙනවා.
අපි දන්නවා මිනිස් මොළය කියන්නේ විද්‍යූත් ක්‍රියාකාරිත්වයක් අනූව ක්‍රියා කරන මිනිස් සිරුරේ තිබෙන ඉතාමත් සංවේදී ඉන්ද්‍රියයක් බව, මොළය හැරුණූ කොට විද්‍යූත් ක්‍රියාකාරිත්වයන්ට සංවේදී ඉන්ද්‍රියයක් ලෙසට හෘදය හා මාංසපේශී සහ ස්නායූ හඳුන්වන්න පූළුවන්. අපස්මාරය හට ගැනීමේ දී සිදුවන්නේ මොළයේ සාමාන්‍ය විද්‍යූත් ක්‍රියාකාරිත්වය අභිබවා යන අධිවේගී විද්‍යූත් ක්‍රියාවලියක් ඇති වීමයි. මිනිත්තු කීපයකට පමණක් සීමා වී තාවකාලික ව හටගන්නා මෙය හඳුන්වන්නේ අපස්මාරය හෙවත් මීමැස්මොරය ලෙසටයි.
මෙම රෝගය හඳුනාගන්න ඉතාමත් ම පහසූ බාහිර රෝග ලකෂණ කීපයක් තිබෙනවා. ඒ ලකෂණ අතරට සිහි නැති වී ඇද වැටීම, කටින් සෙම වැගිරීම, දත කට පූටිටූ වීම, දැස් උඩ යාම, දිව තොල් සැපීම, අත පය දරදඬූ වීම හා ගැස්සීම් මේ තත්ත්ව උග්‍ර ව පවතින විට රෝගියාට මූත්‍රා පවා ඔහූට නොදෑනීම පිට වනවා. මේ ලකෂණ අනිවාර්ය වූණත් අපස්මාර රෝගියකු වෙතින් දෑකිය හැකි තවත් ලකෂණ රාශියක් ද තිබෙනවා.
අරමූණකින් තොරව හිස් බැල්මෙන් බලා සිටීම, තොල් සෙලවීම, දෑනීමේ ස්වභාවය වෙනස් වීමල විවිධ වස්තුවල ප්‍රමාණය විශාල ව හෝ කුඩාවට පෙනීම, හිටි හැටියේ බියක් දෑනීම, අර්ථයක් නැතිව විවිධ දේ පිළිබඳව දෙඩවීම වැනි ලකෂණත් මීමැස්මොර රෝගියෙකු ගෙන් දිස්වන්න පූළුවන්.
පාසල් යන වයසේ දරුවෙකුට හෝ කුඩා දරුවෙකුට අපස්මාරය වැළඳුණූ පසූ මවට තිබෙන වගකීම වැඩියි. මෙවන් අවස්ථාවක දී දරුවා හැකි ඉක්මණින් රජයේ රෝහලක් වෙතට හෝ පළපූරුදු වෛද්‍යවරයකු වෙතට ගෙන යාම කළ යූතු දෙයක්.
වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් අනූව නියමිත වේලාවට, නියමිත මාත්‍රාවට ඖෂධ ලබා දීම ක්‍රියා කළ යූතු දෙයක් වන අතර වෛද්‍යවරයා, ප්‍රතිකාර නැවැත්විය යූතු යැයි කියන දින දක්වා ම නොකඩවා ප්‍රතිකාර කළ යූතුයි.
වෛද්‍ය උපදෙස් අනූව රෝගය හටගත් අවස්ථාවේ සිට වසර 3ක් හෝ 5ක් හෝ කාලයක් නොනවත්වා ඖෂධ ප්‍රතිකාර කළොත් අපස්මාරය සම්පූර්ණයෙන් පාලනය කරගන්න පූළුවන්. මෙම රෝගීන්ගෙන් සියයට 75කට පමණ සරල ඖෂධ ප්‍රතිකාර මඟින් ද රෝගීන් ගෙන් සියයට10කට පමණ සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම මඟින් ද සම්පූර්ණයෙන් පාලනය කරන්න පූළුවන්.
අපස්මාරය වැළඳුණූ දරුවකු අධ්‍යාපනයට යොමූ කළ හැකියි. මේ දරුවන්ටත් සෙසූ දරුවන්ට වගේ ම හොඳින් පාසල් අධ්‍යාපනය ලැබීමටත් සෙල්ලම් කිරීමටත් හැකියාවක් තිබෙනවා. කළ යූත්තේ මෙවන් දරුවන් විහින් කොන් නොකර සිටීමයි. ඒත් මේ දරුවනට වැඩි වේලාවක් කුසගින්නේ සිටිම, අධික ව නිදි මැරීම, ගස් නැගීම, කඳු නැගීම, ඇළදොළ ගංගාවල නෑමට හා පිහිනීමට යාම. අනාරකෂිත ළිංවලින් දිය නෑම, ගිනි ගන්නා ප්‍රදේශවල ගැවසීම වැනි දේ බොහෝ අනතුරු ගෙන දිය හැකි අතර රසායනික ද්‍රව්‍ය තිබෙන තැන්වල ගැවසීම ද අනතුරුදායක තත්ත්ව ඇති කළ හැකි බව කිව යූතුයි. මේ නිසා ඔවූන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දෑක්විය යූතු වගේ ම සමාජ ආශ්‍රයට අවකාශ ලබාදිය යූතුයි. විශේෂයෙන් ගැහැනූ දරුවන් ලිංගික අතවරවලට මෙම රෝගය වැළඳුණූ අවස්ථාවක දී ලක්විය හැකි බැවින් දෙමාපියන් වැඩිහිටියන් වැඩි අවධානයකින් සිිටිය යූතු වෙනවා.
පාසල් ගුරුවරුන් අපස්මාර රෝගී දරුවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් කළ යූතු වෙනවා. ගුරුවරුන් ලෙස මෙම රෝගය පිළිබඳව දෙමාපියන්ට දෑනූවත් කිරිම කළ යූතු දෙයක්, අනෙක් දරුවන්ට මෙන්ම මෙම දරුවන්ටත් සලකා හොඳින් අධ්‍යාපන කටයූතු කරගෙන යාමට ඉඩ සලසා දීමත් ඉගැන්වීමත් කළ යූතු දෙයක්, ඔවූන්ව පිළිකුල් නොකළ යූතුයි.
විවාහක තරුණ තරුණියන්ට හා විවාහ වීමට සිටින තරුණ තරුණියන්ට කිව යූතු දෙයක් තිබෙනවා. ඒ තමයි අපස්මාරය හෙවත් මීමැස්මොරය සාර්ථක යූග දිවියකට බාධාවක් නොවන බව. දරු ප්‍රසූතියටත්, විවාහ ජීවිතයටත් මෙය බලපාන්නේ නෑ. තරුණ තරුණියන් ඔවූනොවූන් අතර ඇති කර ගන්නා පෙම් සබඳතාවල දී අපස්මාරය ගැටලුවක් කරගත යූතු නෑ. වෛද්‍ය උපදෙස් ප්‍රමාද නොවී ලබාගෙන ඒ අනූව කටයූතු කළොත් වසර කීපයක දී පාලනය කර ගන්න පූළුවන්.
දරුවන් අපේකෂා කරන කාන්තාවන් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දෑක්විය යූතු වෙනවා. ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාට තමා ගේ රෝගය පිළිබඳ ව කරුණූ වසන් නොකර දෑක්වීමයි වැදගත්, එවිට වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනූ ඇත.
ඔබ අපස්මාරය හෙවත් මීමැස්මොරය වැළඳී ඇති අයකු නම් ඔබ සාමාන්‍ය පූද්ගලයකු ලෙස කටයූතු කරන්න. අන්තරාකාරී ස්ථානවල ගැවසීමෙන් හැකි තාක් දුරට වළකින්න. සිත මෙහෙයවා හොඳින් තමාගේ රාජකාරියේ යෙදෙන්න. දරුවන් සිටින දෙමාපියන් දරුවන් ගැනත් තමා ගැනත් අවධියෙන් සිටින්න.
ජූලියස් සීසර් පවා අපස්මාර රෝගයෙන් පෙලුණූ අයකු බව අමතක කරන්න එපා.
විශේෂ ස්තූතිය
කොළඹ මහ රෝහලේ ස්නායූ වෛද්‍ය විශේෂඥ රංජනී ගමගේ මහත්මියට සහ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට
0 comments :
Post a Comment