පවිත්‍රතාව සොයන සාම්ප්‍රදායික චාරිත්‍රය -යූවතියකගේ පවිත්‍රත්වය සෙවීම

බාහිර පරිසරය කොතෙක් දුරට වෙනස් වූවත් ආකල්පමය වෙනස්වීම් එතරම් ශීඝ්‍රයෙන් සිදු නොවිය හැකිය. යූවතියකගේ පවිත්‍රත්වය කියන සූදු පිරුවටය නවීන සමාජය තුළ ඔබින්නේද නැද්ද යන කාරණාව අපට විග්‍රහ කළ හැක්කේ ආකල්ප වෙනස සහ නොවෙනස අතර දොලනය වන මාතෘකාවක් වශයෙනි.


ජීව විද්‍යාත්මකව කතා කළ හැකි කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්නය නවීන සමාජය තුළ ගරු කරන පූද්ගලයන් ගරු නොකරන පූද්ගලයන් සහ තිබූණත් එකයි නැතත් එකයි කියන අතර මැදි පූද්ගලයන් යන ආකාර තුනින්ම ජීවත් විය හැකියි. මෙවැනි සිරිතක් අනූගමනය කරමින් ඇතැම් විට බලාපොරොත්තු වන්නේ විසිරෙන්නට දඟලන සමාජය එක්තරා ආකාරයකට එකතු කර ගැනීමට උත්සාහ කිරීමක් විය හැකියි.


යූවතියකගේ පවිත්‍රත්වය සෙවීම විවාහය සමග පරිකෂා කරන සාම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙස අපට පහසූවෙන් හඳුන්වා දිය හැකියි.


කන්‍යාපටලය ජීව විද්‍යාත්මක පිහිටීමක්. ජීව විද්‍යාතමක පිහිටීමකට සාම්ප්‍රදායික සමාජය තීන්දු ගන්න එක පරීකෂාවලට භාජන කරන එක කොතරම් සූදුසූද කියන ප්‍රශ්නය මතුවෙනවා. වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට යූවතියක් විවාහයට පෙර ලිංගිකව හැසිරුනත් නැතත් ස්වාභාවිකවම සියයට 25 ගේ පමණ ජීවවිද්‍යාත්මකව කන්‍යාපටලය නොපිහිටන්න පූළුවනි. මෙවැනි යූවතියන්ට වන බලවත් අසාධාරණය එහෙමත් නැත්නම් සමාජය තුළදී ලිංගික අතවරවලට ලක්වෙන යූවතියන්ට වන අසාධාරණය වැනි කරුණූ වලට ගොදුරුවූ යූවතියන්ට පිරිසිදු විවාහයකට ඇතුළත් වෙන්නට නොහැකිදෑයි කියන ප්‍රශ්නය මතුවෙනවා. අද බලන්න ලංකාවේ ලිංගික අපරාධ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ ගිහිල්ලා තියෙනවා. මේවාට ගොදුරුවෙන යූවතියන්ට සමාජය විසින් දෙන නිගමනය කුමක්ද?


ලංකාවේ සමාජය තුළ තවමත් විවාහ සිදුවීමේදී ලිංගික පාරිශුද්ධිය පිළිබඳ ඇතැම් ආකල්පවල දෑඩි වෙනසක් වෙලා නැහැ. නමූත් අපි මූලින් කිව්වා වගේ සමාජ පරිසරය වෙනස් වෙලා. මෙයට හොඳම උදාහරණයක් තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ පරීකෂණ කණ්ඩායමක් කරන ලද පරීකෂණයකට අනූව සොයා ගැනීම තවමත් ලිංගික පාරිශුද්ධිය ඇති ගැහැනූ දරුවන් විවාහකරගන්න බලාපොරොත්තුවන පිරිමින් සියයට 60 ප්‍රතිශතයක් තවම ඉන්න බව.


පොදුවේ ගත්තොත් ලෝකයේ සෑම සමාජයක්ම විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම අනූමත කරන්නේ නැහැ. සමහර සමාජ දෑඩි දඬූවම් පවා පමූණූවනවා.


ලෝකයේ උතුරු ප්‍රදේශයේ ජීවත්වන "අශාන්ති" කියන ගෝත්‍රය තුළ විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවයන් පවත්වන පූද්ගලයන් හෙල්ලයකින් ඇන මරා දමනවා. ලොව දියූණූ නොදියූණූ විධිමත් අවිධිමත් සියලු සමාජය අනිසි ලිංගික සබඳතා තුළ සමාජය ව්‍යාකූල වනවා යැයි සිතනවා. එම නිසා අපේ රටෙි විවාහයක් තුළදී සොයන සූදු පිරුවටය කියන පවිත්‍ර ගැහැනූ දරුවෙක් සංකල්පය එහෙමත් නැත්නම් චාරිත්‍රය කල්තබාම ගැහැනූ දරුවන්ගේ ලිංගික ජීවිතය පාලනය කරනූ ලබනවා.


ආසියාතික සමාජය තුළ තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව නිසා බටහිර රටවලට වඩා කාන්තාවට ඉහළ පිළිගැනීමක් තියෙනවා.


විවාහයකදී පෝරුවේ චාරිත්‍ර දෙනෝදාහක් මැද ඉටූ කරන අවස්ථාවේදී ලිංගිකව පාරිශුද්ධ බව නොමැති ගැහැනූ දරුවා බිම ඇද වැටෙි කියන මතයක් තියෙනවා. මේ නිසා තමන්ගේ ගෞරවය, පවූලේ ප්‍රතිරූපය, ගැන වඩාත් සිතන ගැහැනූ දරුවන් තම චරිතවත් ලෙස ජීවත්වීමට පෙළඹෙනවා. නැත්නම් වෙන්නේ පෝරුවේ චාරිත්‍ර කරන මොහොතේ ඇති කරන සිතිවිලි මතින් තමාගේ ප්‍රතිරූපය ඉහළ දෑමීමක් හෝ පහළ දැමීමක්.


සමාජ වටපිටාව නවීකරණය වෙද්දී මෙම චාරිත්‍ර ගැලපේද නොගැලපේද කියන කාරණාව සමාජ විද්‍යාඥයන්ට තීරණය කරන්නට බැහැ.


නමූත් ඓතිහාසික පැහැදිලි කිරීමක් කළ හැකියි. "බහූ විවාහ" චාරිත්‍ර වලදී ලිංගික පාරිශුද්ධිය කියන කාරණාව පරණ සමාජය තුළ එතරම් ගැටලූවක් වෙලා නැහැ. එවැනි විවාහයක් පවත්වාගෙන යන්න සූදු පිරුවටය අත්‍යාවශ්‍ය කාරණාවක් වෙලත් නැහැ. සමගි විවාහ යන කාරණාවේදී එම විවාහයට ඇතුළත් වන කාන්තාවට එම පවූලේ සිටින පිරිමි හත්දෙනකුට යටත්ව ලිංගික සම්බන්ධතා පැවැත්වීමට අවසර තියෙනවා. එවැනි අවස්ථාවකත් අපි කතා කරන කාරණාව ගැන සැලකිලිමත් වෙලා නැහැ.


එතැනදී පැහැදිලි වෙනවා සමාජය ශිෂ්ටාචාර ගතවන විට ඒ කියන්නේ අපේ සමාජය සිදුවන එක් කාන්තාවක් එක පිරිමියකු සමඟ විවාහවන එක් පූරුෂ එක භාර්යා විවාහ වලදී පමණක් ලිංගික පාරිශුද්ධිය කියන කාරණාව වැඩි වටිනාකමක් පෙන්වන බව. සාම්ප්‍රදායිකව මෙය කවර කාරණාවක් නිසා ගොඩ නැගුණාදෑයි හරියටම කියන්න බැහැ. නමූත් මෙය මහනූවර යූගයෙන් පසූව ඇති වූණා කියලා සමාජ විද්‍යාඥයන් විශ්වාස කරනවා.


කෙසේ වෙතත් ලෙනාඩ් වූල්ෆ් විසින් රචිත ලිපි ලේඛන වල අපේ රටෙි ගැමියන් තමන්ට දාව උපන් ගැහැනූ දරුවන් එම ප්‍රදේශයේ ප්‍රභුවරුන්ගේ නිවෙස්වල පූංචි පූංචි අත් උදව්වලට යැවූ බවත් ඉන් අනතුරුව ප්‍රභූන් විසින් දරුවන් ලිංගික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කර ගත් බවත් සඳහන් වෙනවා. මෙයින් ගැමියන් ප්‍රභූන්ගෙන් ඔවූන්ට තාන්න මාන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එවැනි කාරණා එන්න එන්නම ඉහළ යෑම තුළ මෙවැනි ලිංගික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගත් බවත් සඳහන් වෙනවා. පවූල්වල ගැහැනූ දරුවන් ප්‍රභූන්ගෙන් බේරා ගැනීම සඳහා විවාහයේදී සූදු පිරුවටය කියන කාරණාව බලන්න සමාජය පූරුදු වූණාදෑයි හිතන්නත් පූළුවන්.


අවසන් වශයෙන් තව දෙයක් කිව හැකියි. ඇවැස්ස විවාහ වලදී සූදු පිරුවටය සෙවීම එතරම් බරපතල කාරණාවක් නොවූවත් දීග විවාහ හෙවත් පිටස්තර දෙදෙනකු අතර වන ආදර විවාහ සහ යෝජිත විවාහ වලදී සූදු පිරුවටය කියන කාරණාව තවමත් ලංකාවේ බලනවා. මෙය සූදුසූද නූසූදුසූද අපට තර්ක කිරීමක් පමණයි කළ හැක්කේ. ඉහත කාරණාවලින් සූදුසූ හා නූසූදුසූ දෙපැත්ත ගැන අපට සිතාබැලිය හැකියි. මෙය ආකල්පමය වෙනසක් හරහා ඇතිවිය යූතු දෙයක් මිස බලෙන් පටවන කාරණාවක් නොවිය යූතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment