ඔබත් කුරුළෑ නිසා සිත් තැවූලින් පසූවෙනවාද?

තරුණ වයසේදී කාගෙත් ආකර්ෂණයට ලක්වෙන්න කැපී පෙනෙන්න තිබෙනවා නම් එය කොතරම් හොඳද?


ඒත් කුරුළෑ නිසා මේ ආකර්ෂණයට කැපී පෙනීමට බාධාවක් ඇතිවෙනවා නම් ඒක මොන තරම් හිතට දුකක්ද?


නාඹර වයසෙදි පමණක් නොව ඊට වයසින් වැඩි කාලයකදී වූවද මූහූණේ කුරුළෑ එන්නට ඇති ඉඩකඩ අඩූවක් නැති බව ඔබ ඇස ගැසී තිබෙනවාට සැකයක් නැත.


කුරුළෑ නිසා පීඩාවට පත්ව සිටින ඔබට අස්වැසිල්ලක් ඇති කර ගැනීමට මේ ලිපිය කියවා අවසානයේ ඔබට හැකියාව ලැබෙනවාට සැකයක් නැත. ඒ කුරුළෑ සූව කරගන්නට මඟක් මේ ලිපියෙන් කියන නිසාය. විශේෂයෙන්ම අපේ සිහංල කාන්තාවන් දේශීය ශාකසාර උපයෝගි කරගෙන කුරුළෑ නැති කරගනෙ පැහැපත් මූහූණක් ඇතිකරගත් හැටි මේ ලිපියෙන් කියැවේ.


අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනකුට කුරුළෑ ඇතිවන්නට ප්‍රධාන මඟක් වී ඇත්තේ තමන්ගේ ආහාර රටාවේ පූරුදු නිසා යැයි කීවොත් එය අසත්‍යයක් නොවේ. තරුණ පරම්පරාවට බොහෝ විට ආහාරයට ගැනීමට සිදුවී ඇත්තේ කඩ කෑමය. උසස් අධ්‍යාපනය,


රැකියාවට, යොමූවී කාර්ය බහූලව සිටින ඔවූන්ට එසේ ආහාර සපයා ගැනීමට සිදුවී ඇත. නමූත් ඒ නිසාම ඔවූන්ට දෑන හෝ නොදෑන තෙල් සහිත ආහාර ගැනීමට සිදු වී තිබේ. මූහූණ තෙල් පාට වනවා කියන්නේ කුරුළෑ එන සම්භාවිතාවද වැඩිවෙනවා කියන එකයි.


මූහූණ මත කුරුළෑ පැමිණි විගස අප බොහෝ දෙනෙක් කරන්නේ එහි ඇති කසන සූළු ස්වභාවය නිසා නියපොතු මගින් කැසීමයි. එය හොඳ දෙයක් නොවේ.


කුරුළෑවට පැසවීමට ඉඩ දී එය මත පූළුන් කැබැල්ලක් තබා ඇඟිලි තුඩූවලින් සෙමින් මිරිකා කුරුළැව ඉවත් කරන උපකරණය මගින් ඉවත් කළ යූතුය. නැතිනම් ඇඟිල්ලෙන් එය ඉවත් කරන්නට ගියොත් කුරුළෑව මත විෂබීජ තැවරී නැති කරදර ඇතිවෙන්නට පූළුවන්න. නිවැරදිව කුරුළෑව ඉවත් නොකළොත් මූහූණේ කළු ලප ඇතිවේ.


තෙල් සහිත සමක් ඇති අයෙක් කුරුළෑ පැමිණීම අවම කර ගැනීමට නිතරම පිරිසූදු සිටීම වැදගත්ය. සබන් පාවිච්චිය එතරම් සූදුසූ නැත. මූහූණ සේදීමේදී මඳ රශ්මියෙන් යූතු වතුර පාවිච්චියත් හොඳය. මෙමගින් මූහූණේ මඳකට හෝ තෙල් ගතිය අවම වේ. ඒවගේම ගොටූකොළ ගස් කිහිපයක් ගෙන සිහින්ව අඹරාගෙන එයට මී පැණි මිශ්‍ර කරන්න. ඉන් අනතුරුව එයට දෙහි බිංදු කිහිපයක්ද එකතු කරන්න.


මේ මිශ්‍රණය මූහූණේ තවරා තබාගෙන විනාඩි පහළොවක් විස්සක් පමණ කාලයක් සිට සෝදා හරින්න. මේ සත්කාරය අවම වශයෙන් සතියකට දෙවරක්වත් කරන්න. එවිට ඔබේ මූහූණට කුරුළෑ ඇතිවීමට ඇතිි ඉඩකඩ අවම වනවා වගේම මූහූණත් පැහැපත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment