කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

මෙම පලතුර එක් වාරයකදී පමණක් ඵල හටගන්නා නිසා ඇලිගැට පේර ගෙඩියක් දැක්කහම ඔබගේ සිතට නැගෙන්නේ එහි රස බැලීමට නේද?



අලිගැට පේර පලතුරක් ලෙස ආහාරයට ගන්නවා මෙන්ම එය ඉතා රසවත් පානයක් ලෙසත් සකස් කරගත හැකි බව ඔබ නිසැකයෙන්ම දන්නවා.


එහෙත් මං මේ ලිපියෙන් අවධාරණය කරන්නේ එහි තිබෙන ගුණය පිළිබඳවයි.


අලිගැට පේර පළතුරක් වශයෙන් ඉතා ජනප්‍රිය මෙන්ම මෙය ලංකාවේ කදුකර ප්‍රදේශවල බහූලව වැඩෙනවා. මෙය ඉංග්‍රීසි ව්‍යවහාරයේ බටර් ෆෘටි නමින් හඳුන්වන්නේ මාංසල කොටස හොඳින් ඉදුණූ විට බටර් මෙන් තලපයක් සේ තිබෙන නිසාවෙනි.


මෙම පලතුර අගොස්තු සැප්තැම්බර් කාල තුළදී ඵල දරනවා. පිෂ්ඨය, මේද, පදාර්ථවලින් අනූන වන අතර විටමින් ඒ සහ ඩී පදාර්ථයන්ගෙන්ද අලිගැට පේර ගුණයෙන් පොහොසත්ය.


උෂ්ණ හා සීත ගුණ නොමැති මෙම පලතුර බර පලතුරකි. දිරවීමට අපහසූය.


කෙසඟ සිරුර ස්ථූල (මහත්) කරවන ගුණයද අලි පේරවලට හිමිය.


අපගේ සිරුරෙහි ස්නායූ පද්ධතිය ක්‍රියාකාරිත්වයට මහඟු සේවයක් ඉටූකරයි.


එමෙන්ම අප සැලකිලිමත් විය යූතු කරුණක් තිබෙනවා. ඔබ දන්නවනේ අලිගැට පේරවල මේදය බහූලව තිබෙනවා. ඒ නිසා අධි රුධිර පීඩනය ඇති රෝගීන් හා රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි පූද්ගලයින්ට මෙය අගුණදායි පලතුරකි.


අපි කවූරුත් කැමතිනේ ස්වභාවික දේවලින් ලස්සන වෙන්න. ඔබ දන්නවාත් ඇති සමහර විට අලිි පේර පලතුරක් මෙන්ම සිරුර ලස්සන කරවන රූපලාවන්‍ය දෙයක් බවත්.


විශේෂයෙන්ම සම වියළි යූවතියන්ට මෙය මහඟු ප්‍රතිකාරයක්. හොඳින් පිරිසිදු කරගත් මූහූණට ගල්වන ෆෘටි (පලතුරු) පැක් එකක් ලෙස භාවිත කිරීමෙන් සමේ වියළි බව අඩූකර තෙතමනය ලබාදී සම රැක ගැනීමට අලිගැට පේර උපකාරී වේ. එමගින් සම පැහැපත් වේ.


තව ද ලොකු කුඩා නිරෝගී ඕනෑම පූද්ගලයකුට සූදුසූ වන අතර දහවල් කාලයේදී ගැනීම වඩාත් සූදුසූය. හේතුව මූලින්ම පැවසූවා මෙන් අලිගැට පේර බර ගුණයෙන් යූතු පලතුරක් නිසාවෙනි. මේ නිසා දහවල් ආහාරයට ගැනීමෙන් දිරවීම පහසූ කරවයි.


අලිගැට පේර සීනි ජලය හෝ කිරි දමා සාදාගත් විට රසවත් පානයකි.


ඔබ දන්නවාද අලි ගැට පේරවල දළු, කොළ, කැඳ සාදන විට අපේ ඇතැම් අම්මලා භාවිත කරනවා. එයත් ඉතා රසවත් පානයක්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment