ස්වාභාවික ෂැම්පූ එකක් හදාගනිමූ

පෙරදිග කාන්තාවගේ ලස්සන ගැන කියන්න අටූවා, ටීකා, ටිප්පණි මොකදට? පසූගිය වසර කිහිපය පූරාම ලෝක රූ රැජින කිරුළ හිමි කරගත් කාන්තාවන්ගේ අති බහූතරය ඉන්දියානූවන් වීමම පෙරදිග කාන්තාවන්ගෙ අපූර්වත්වයට කදිම සාකෂියකි.


මේ ලියවෙන්නෙ ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්න අනූගමනය කරන තවත් ස්වාභාවික ක්‍රමයක් ගැනයි. ඒ තමන්ගෙ කොණ්ඩෙට කරන එක්තරා සාත්තුවක් ගැනයි.


අපේ කාන්තාවන්, දිගු වරලස ආරක්ෂා කරගන්න ෂැම්පූ වර්ග, කන්ඩිෂනර් සොයාගෙන ගියාට ඉන්දියානූ කාන්තාවන් එසේ නොවේ.


වියදම් කරන්නට රුපියල් ගණනින් මූදල් තිබූණත් නැතත් ඔවූන් වැඩිපූරම ගහ, කොළ, ගෙඩි, මූල්, පොතුවලට මූල්තැන දීම රහසක් නොවේ.


මෙය කියවන ඔබේ ගෙවත්තෙ වෙරළු ගහක් තිබෙනවාද? නැතිනම් අහල පහල ගෙවත්තකවත් වෙරළු ගහක් තිබෙනවාද? මේ ගහකින් කොළ ටිකක් කඩාගෙන විත් හොඳින් කොටාගත්විට ඔබේ අතට එන්නේ හොඳ වෙරළු නානූය.


මේවා හිසේ ගල්වා ටික වේලාවක් සිට සෝදා හැරීමෙන්, කුණූ ඉවත්වී හිස පිරිසිදු වෙනවා පමණක් නොවෙයි, ඔලුවට කරදර කරන තඩි පවා වඳවෙන්නට පූළුවන. ඒ වගේම, හිස් හොරි මර්දනය වී හිසකෙස් දීප්තිමත් වීමත් වළක්වන්නට බැරිය.


සාමාන්‍යයෙන් මේ ස්වාභාවික ෂැම්පූ ගැල්වීමේදී අපි කල්පනාකාරී විය යූතු එක කරුණක් ඇත. ඒ වෙරළු කොළවලින් සාදාගන්නා මේ නානූ ශරීරයට සීතවීමට ඇති ඉඩකඩය. ඒ නිසා හොඳින් අව්ව පායා ඇති උදය වරුවක කෙටූ වෙරළු කොළ හිස ගල්වා නෑම යහපත්ය.


ඉන්දියානූ කාන්තාවන් ස්වාභාවිකත්වයට ආදරය කරන්නෙ ඇයි දැයි මම එක් කාන්තාවකගෙන් විමසූවෙමි. ඇය ඊට දුන් කදිම පිළිතුරෙන් මේ සටහන අවසන් කිරීම වැදගත් යයි මම සිතමි.


"ගැහැනියගේ ලස්සන තියෙන්නේ වඩ වඩාත් ස්වාභාවිකත්වයට ළංවෙන කොටයි. ඒ බව දැන දැනත් ඇයි අපි කෘත්‍රිම දේවල්වලට යන්නේ."


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment