දෙහි කොළ දෙළුම් කොළවලින් ඇස් තැවීම සූදුසූද?

ඇස් දෙක අරින්න බෑ. කඳුළු එනවා, රිදෙනවා, ඒ වගේම රතු වෙලා වැනි රෝග ලක්ෂණ පැවසූ විට අපේ ඇතැම් අම්මලා දෙවියන්ගේ ලෙඩ හැදිලා යනූවෙන් බිය වී දරුවාව කාමරයකට දමා තබන අවස්ථා ඔබ දැක ඇති අතර නිවසේදී ප්‍රතිකාර කිරීම ඔවූන්ගේ සිරිතය.ි විශේෂයෙන්ම දෙවියන්ට පඬූරක් ගැටගසා පූදපූජා පැවැත්වීමටත් ඔවූහූ අමතක නොකරති.
 


ඇස රතුවීම හෙවත් ඇස් ලෙඩ රෝගී තත්ත්වයක්ද මෙයට බිය විය යූතුද? යන්න පිළිබඳව අද අපි සටහන් කරමූ.


ඇස් ලෙඩ අපට එක් කාලයකදී පමණක් දෑකිය හැකි රෝගී තත්ත්වයකි. වෛද්‍ය විද්‍යාවට අනූව ඇස් ලෙඩ යනූ ඇසේ ඇති වන ආසාදන තත්ත්වයකි. එය ක්ෂූද්‍ර ජීවින් මගින් ඇසේ ඇතිවන වෛරස් තත්ත්වයකි. මෙම රෝගය වැලඳුණූ පූද්ගලයන්ට ඇසේ රතුවීමක්, කැසීමක් ඉදිමූණූ ස්වභාවයක්, කබ ගැලීමක්, කඳුළු ගැලීමක් හා වේදනාවක් වැනි රෝග ලක්ෂණ දෑකිය හැකි වේ.


මෙම රෝගය වෛරසයක් නිසා පරිසරය තුළ ව්‍යාපත් වීමෙන් බෝවන රෝගී තත්ත්වයකි. මෙම රෝගයත් සමග ඇතැම් කුඩා දරුවන්ගේ ආශ්‍රිත ප්‍රදේශවල කුද්දටි ද ඇති වී තිබෙනවා. දැකිය හැක.


ඇසේ තිබෙන වෛරස් රෝගය උත්සන්න වීම තුළින් ඇසෙහි රුධිරය පිටවීමද සිදුවිය හැක.


දෙවැනි කරුණ නම් මෙම තත්ත්වය බැක්ටීරියාවක් මගින් බෝවීමටද හැකි අතර මෙහිදී සූදු ඉංගිරියාවේ තිබෙන ආරක්ෂක පටලවලට හානිවීම හා මෙම විෂබීජය උත්සන්න වීමෙන් පෙනීමේ දුර්වලතා ද ඇතිවීමට ඉඩ ප්‍රස්ථාව තිබේ.


විශේෂයෙන් සඳහන් කළ යූතු කරුණක් නම් උපදින බිළිඳු දරුවකුට පළමූ සතිය සහ සති දෙක ඇතුළත ඇස් ලෙඩ වැළඳීමට හැකි වීමයි. එයට හේතුව රසායනික හේතුවක් නිසා හෝ ඇතැම් මවූපියන්ගේ දරු ගැබේ ඇතිවන බැක්ටීරියාවක් නිසා වන්නට පූළුවන්. එම අවස්ථාවලදී දරුවාට නිවසේ ප්‍රතිකාර ලබා දෙනවාට වඩා වෛද්‍යවරයාට පෙන්වීම අනිවාර්ය.


වැඩිහිටි අයට මෙම රෝගය වැලඳුණූ විට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මඳ උණූසූම් වතුරින් ඇස සේදීමත් පිරිසිදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් පිසදා දෑමීමත් කළ යූතුය.


මෙය බෝවන රෝගයක් නිසා තුවා, කොටිට, කොටිට උර, පිඟාන ආදී භාණ්ඩ වෙනම පරිහරණය කළ යූතු වේ. විශේෂයෙන් රැකියාවකට යන අයකු නම් සමාජයේ අන් අය සමග ගැටීමෙන් වැළකී සිටීමෙන් රෝගී තත්ත්වය අන් පූදගලයින්ට බෝවීමේ තත්ත්වය අඩූ කර ගත හැකිය.


එමෙන්ම ඇතැම් වැඩිහිටි පූද්ගලයින් දෙළුම් කොිළ, දෙහි කොළ තම්බා සේදීම හා ඇසට මවූකිරි දෑමීම සිදු කරයි. මෙවැනි ප්‍රතිකාර ඇසට කිරීමෙන් ඇස තුළට විෂබීජ ඇතුළු වීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙන අතර එම විෂබීජ ආසාදනය වී ඇසට හානි වන්නට ද පූළුවන්. මේ නිසා වෛද්‍ය උපදෙස් පැතීම සූදුසූ වේ.


එසේ නොකිරීමෙන් ආසාදන ඇතිවී දීර්ඝ කාලීනව ඇසට ප්‍රතිකාර කිරීමට සිදු වේ.


ඇතැම් අයගේ සිරුරේ හට ගන්නා රෝග නිසාවෙන්ද විශේෂයෙන් ඇදුම වැනි රෝග වැළඳීමෙන් ද ඇසට මෙම තත්ත්වය ඇතිවිය හැක. එවැනි පූද්ගලයින්ට ප්‍රතිකාර කරනූයේ රෝග වලට අනූවයි.


ඇස් ලෙඩ රෝගී තත්ත්වය දින 3 - 4 ක් වැනි කාලය තුළදී සූව නොවී නිවසේ බල්බ එළියට ඇස ඔරොත්තු නෙදේනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යූතුය.


කුඩා දරුවන්ට රෝගී තත්ත්වය තිබේ නම් අනිවාර්යයෙන් වෛද්‍ය වරයකුට පෙන්වීම වැදගත් වේ.




අයෙස්මන්ත පීරිස්
වෛද්‍ය නිලධාරි
අක්ෂි රෝහල කොළඹ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment