සැමියාට හෘදයාබාධවලින් තොර ජීවිතයක් ලබාදීමට නම්



හෘදයාබාධ ඇතිවීමට හේතුවක් ලෙස අප සලකනවා හෘදයට ලේ සපයන කිරීටක ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම. කොලෙස්ටරෝල් කියන්නේ මේද වර්ගයක්. මෙම මේද වර්ගය ආහාරවලින් තමයි අපට ලැබෙන්නේ. මෙම කොලෙස්ටරෝල් කියන මේදය ඇතැම් ආහාරවල අධික ලෙස අඩංගු වී තිබෙනවා. එසේම තවත් සමහර ආහාර වර්ග තිබෙනව ා කොලෙස්ටරෝල් අධිකව නැතත් එම ආහාර ශරීරගත වීමෙන්පසූ කොලෙස්ටරෝල් බවට පත්වන මෙම ආහාර පිළිබඳව විශේෂයෙන් කාන්තාවන් වශයෙන් ඔබ දෑනූවත් වී සිටීම වැදගත් වෙනවා. ඔබේ සැමියාට හෘදයාබාධය ඇතිවී තිබේ නම් ඔහූට දිය යූතු ආහාර පිළිබඳව ඔබ සැලකිලිමත් වීම ඉතාම වැදගත් වෙනවා.


අප ගන්නා ආහාර සරල ලෙස කොටස් දෙකකට බෙදිය හැකියි. එනම් සතුන්ගෙන් ලැබෙන ආහාර සහ ශාකවලින් ලැබෙන ආහාර යනූවෙන්. සතුන්ගෙන් ලැබෙන ආහාර ලෙස මස්, කිරි, බිත්තර සඳහන් කළ හැකියි. මෙවැනි කෑමවල කොලෙස්ටරෝල් අධික ලෙස අඩංගු වෙනවා. විශේෂයෙන් මස්වල කොලෙස්ටරෝල් අධිකව තිබෙනවා. වයස 35ට වැඩි වයසේ අයට මස් වර්ග පාලනය කළ යූතුයි. යම් කෙනෙක් කියනවා නම් මස් නැතුවම බැහැල කියලා එවැනි අයට අප උපදෙස් දෙන්නේ තෙල් සම ඉවත් කර කුකුල්මස් කෑලි දෙක තුනක් සතියකට සැරයක් විතර ආහාරයට ගත්තට කමක් නෑ කියලා.


බිත්තර ගත් විට බිත්තරවල කහ මදේ තමයි වැඩිපූරම කොලෙස්ටරෝල් තිබෙන්නේ. ම් කෙනෙකුට බිත්තර අවශ්‍යම නම් කහ මදේ ඉවත් කර සූදු මදේ පමණක් ආහාරයට ගන්නට පූළුවන්. නැතිනම් සතියකට බිත්තරයක් විතර ගත්තට ගැටලුවක් වෙන්නේ නෑ.


කිරිවලත් කොලෙස්ටරෝල් වැඩියෙන් අඩංගු වී තිබෙනවා. එළකිිරි, මී කිරි ආහාරයට ගන්න විට කිරිවල උඩ මිදිලා තිබෙන යොදේ ඉවත් කිරීමෙන් පසූව ආහාරයට ගැනීමට පූළුවන් යොදේ කොටසේ තමයි කොලෙස්ටරෝල් වැඩියෙන්ම අඩංගු වී තිබෙන්නේ . එම නිසා යොදේ ඉවත් කර සතියකට දවසක් කප් එකක් දෙකක් ගත්තට ගැටළුවක් වෙන්නේ නෑ. පිටිකිරි පාවිච්චි කරන කෙනෙකුට යොදේ රහිත පිටිකිරි පාවිච්චි කරන්න පූළුවන්. එයත් වැඩිය ගන්න හොඳ නැහැ. දවසකට කෝප්පයක් වගේ ගත්තට වැඩිපූර ගන්න හොඳ නැහැ කොලෙස්ටරෝල් වැඩිවීමට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment