නිතරම ඇසෙන් කඳුළු ගලනවාද?

ඇසේ කඳුළු ගැලීම සාමාන්‍ය තත්ත්වයක්. කඳුළුවලින් ඇසේ කුණූ, විෂභීජ ඉවත් කිරීම සිදු කරනූ ලබනවා. නමූත් ඇසේ නිතර නිතර කඳුළු ගලන තත්ත්වයක් පිළිබඳ ඔබ අසා ඇති. මේ සඳහා ද වයස් භේදයක් නොමැත. කුඩා දරුවන්ට සේම වැඩිහිටියන්ටත් ඇසේ කඳුළු ගැලීමේ තත්ත්වය ඇතිවිය හැකිය. ඇසෙන් කඳුළු ගැලීම කියන්නේ කුමක්ද? කියා අපි මේ ලිපියෙන් අවධාරණය කරමූ.


සාමාන්‍යයෙන් ඇසේ කඳුළු නිතරම ගලනවා නම් එය ඇසේ නාල හිරවීමකට හසූවීම නිසා කඳුළු ඇස තුළ නතර වී තිබෙනවා. මේ නිසා කඳුළු ඇස තුළ තිබීමෙන් බොඳවී පෙනෙන අතර ඇතැම් විට එම කඳුළු කම්මූල් දිගේ ඉබේම බේරී යනවා ඔබ දැක ඇත.


නමූත් මෙම කඳුළු ගැලීම මාසයක් අවූරුද්දක් දක්වා කාලය තුළත් පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීමට සිදුවෙනවා.


සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ උපතින් ඇසේ නාල කැඩී තිබේ නම් හෝ නාල සම්පූර්ණ වී නොමැතිනම් එම නාල තදවීම නිසා කඳුළු ගැලීමක් සිදුවෙනවා. එවිට ඇසේ මූලට සම්භාහනයක් කිරීම සිදුවේ. එම සම්භාහනය ඇතැම් දරුවන්ට සාර්ථක නොවේ නම් වෛද්‍ය උපදෙස් මත සැත්කමක් කරගත යූතු වෙනවා. මෙයට බියවිය යූතු නොවේ. දැනට ලංකාවේ සාර්ථකම ප්‍රතිකර්මය ලෙස සැත්කම් ක්‍රමය හඳුන්වා දීමට හැකි නිසා.


ඇසේ කඳුළු ගැලීමට ලක්වන දෙවන කණ්ඩායම ලෙස මැදිවියේ පූද්ගලයින් හඳුන්වන්නට හැක. ඔවූන්ගේ ඇස් දෙකේම හෝ තනි ඇසකින් කඳුළු ගලා ඒමට පූළුවන. එවිටද ඔවූන්ගේ ඇසේ නාල තදවී තිබේද යන්න පරීකෂා කර බලා ඇසේ නාල තදවී තිබේනම් ඔහූට අනිවාර්යයෙන්ම සැත්කමකින් සූව කළ යූතු වෙනවා.


මෙයට අමතරව අපගේ ඇසෙන් කඳුළු ගලන්න තවත් හේතු තිබේ. එනම් ඇසේ හට ගෙන තිබෙන තුවාල නිසාය. රිය අනතුරකින් හේ වෙනත් යම් දෙයකින් ඇස තුවාල වී තිබේ නම් කඳුළු ගලයි එවැනි පූද්ගලයන්ගේ ඇතැම් විට ඇසේ ග්‍රන්ථි නාල කැඩී තිබෙන්නට පූළුවන්. එවැනි පූද්ගලයන්ට ප්‍රතිකාර කරන්නේ ඉතාමත් පරිස්සමින්ය.


අපගේ සාමාන්‍ය ජීවිතයේදී විඩාව, රූපවාහිනිය බැලීමේදී, පොත් පත්තර බලන අවස්ථාවලදී ද ඇසෙන් කඳුළු ගලන බව පවසනවා. එහිදී සිදුවන්නේ ඇසේ කඳුළු වියළීම නිසා ඇස රිදීමකට ලක්වීමයි. මේ අවස්ථාවේදී ඇස උත්තේජනය වී කඳුළු ගැලීම සිදුවන්නට පූළුවන්.


උදාහරණයක් වශයෙන් අපට පෙන්වා දිය හැකි වන්නේ අප නරඹන රූපවාහිනිය තුළ තිබෙන ආලෝකධාරාව ඉතා සැරයි. අපගේ ඇසේ


පිහාටූ නිතරම පියවෙනවා. රූපවාහිනිය නරඹන විට අපගේ ඇසේ පිහාටූ පියවෙන වාර ගණන අඩූවීමක් වන නිසා ඇසට යම් බලපෑමක් විය හැකිවේ.


තවද ඇසේ කඳුළු සමග ඇස රිදීමකට ලක්වෙනවා නම් ඒ පිළිබඳව සැළකිලිමත් විය යූතු වේ. එය ඇතැම්විට ආබාධයක් වන්නට ද පූළුවන් නිසා.


කුණූ කැබැල්ලක් වැනි දෙයක් ඇස තුළ තිබේ නම් එය ඉවත් කළ යූතු වෙනවා. ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබේ නම් එය ද පරීකෂා කළ යූතුය.


විශේෂයෙන් කුඩා දරුවෙක් ඇස රිදෙනවා, කඳුළු එනවා යන්නට පැවසූ විට ඒ පිළිබඳ දෙමාපියන් අවධානය යොමූ කිරීම වටී.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment