සිත් ගන්නා සූළු පෞරුෂයක් සඳහා -මිනිසූන් ඔබව ප්‍රිය කරනූ දක්නට කැමති නම්

ඔබ අනෙකා ගැන සිතන්නේ කෙලෙසද? ඔහූ ඔබ ගැන ද පෙරලා එලෙසම සිතයි. විශිෂ්ඨ පෞරුෂයක් ඇත්තේ නිතරම අනූන් කෙරෙහි ආදරයකින් ගෞරවයකින් කටයූතු කළ අයයි.


විශිෂ්ඨතම පෞරුෂයක් ඇතැයි සැලකෙන මහත්මාගාන්ධි තුමා සහ තෙරෙසා මව්තුමිය වැන්නන් අන් අය කෙරෙහි මහත් දයාවකින් කටයූතු කළ අයයි. අද දක්වාම මිනිසූන් ඔවූන්ව භක්තිමත්ව සිහිපත් කරන්නේ එහෙයිනි.


වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හෝ එවන් වෙනත් කටයූත්තක් සඳහා පෝලිමක සිටින ඔබගේ පෞරුෂය ඉස්මතු වන්නේ තම වාරය එනතුරු ඉවසීමෙන් සිටීමට ඔබට හැකි නම් පමණි. නැතහොත් ඔබට වඩා අසීරුවෙන් සිටින්නෙකුට තම ස්ථානය ප්‍රදානය කිරීමට ඔබ හැකි නම් පමණි.

බස් රථයක සූවසේ අසූන්ගෙන යන විට දරු ගැබක් දරාගත් මවක වෙනූවෙන් ඔබේ අසූන පරිත්‍යාග කිරීමට ඔබට හැකිනම්, කුසගින්නේ සිටින්නෙකුට ඔබේ බත්පත දන්දී නිහඬව කුසගිනි දරා ගන්නට හැකිනම්,


අසාධාරණයට ලක්වන්නකු වෙනූවෙන් කතා කර ඔහූගේ තැන ලබා දෙන්නට ඔබට හැකිනම් ඔබට කදිම පෞරුෂයක් ඇත.


සිත්ගන්නා සූළු පෞරුෂයක් ඇත්තෙකු කිසිවිටක ආත්මාර්ථකාමි නොවෙයි. ඔහූ නිතරම අනෙකා පිළිබඳව සිතයි. තමාගේ ක්‍රියාවෙන් හෝ කතාවෙන් අනෙකාට සිත් රිදීමක් හෝ අයහපතක් නොවීමට වගබලාගනියි. තමා ඉදිරියේ සිටින්නා වඩා වැදගත් යයි සැලකීම ඔහූගේ ක්‍රමයයි. අනෙකාට ආදරය කර ඔහූ ආදරය ලබයි. ගෞරව කර ගෞරවය ලබයි.


එවැනි පෞරුෂයක් ඇත්තා කිසිවිට සමාජයට හානිදායක ක්‍රියාවක් නොකරයි. සමාජය නොරවටයි.


පරාර්ථකාමි පෞරුෂයක් ඇති ඔහූ නායකත්වයට පවා සූදුසූ වේ.


මිනිසූන් ඔබව ප්‍රිය කරනූ දක්නට කැමති නම් පළමූව අන් අය කෙරෙහි උනන්දු වන්න. ඔවූනට උපකාර කරන්න ඔවූන් ඔබ ගැන මතක තබා ගනීවි. ඔබව සාර්ථකත්වය කරා කැඳවාගෙන යාවි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment