කාන්තාවන් දෙපාවල පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා ප්‍රමාණවත් ද?

 
තමන්ගේ විලුඹ කොටසින් පහළ පාදය ගැන අපි දක්වන සැලකිල්ල ප්‍රමාණවත් ද? ශරීරයේ වැඩිපූර කුණූ තැවරෙන්නට ඉඩකඩ ඇති තැන මෙතනැයි කීවොත් එය ඉතාම නිවැරදියි. මේ තැන කාන්තාවක් ලෙස පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් බව අමතක නොකරන්න.කකුල් අපිරිසිදුව තිබෙනවා නම් ඒවා පැලෙන්නට ඉඩකඩ ඇත. පැලීම නිසා තවතවත් අපිරිසිදු වෙන්නට පූළුවන්. කොහොම වූණත් දේශගුණික හේතුන් මතත් කකුල් පැලෙන්නට පූළුවන් බව අප විසින් අවධාරණය කර ගත යූත්තකි. කකුල් පිරිසිදුව තබා ගැනීම දෑනටමත් කර නැත්නම් ඒවා පිරිසිදු කරගන්නා හැටිත් පැලුණූ දෙපා යළි යථා තත්ත්වයට ගෙන ඒමටත් පූංචි සත්කාරයක් කියා දෙන්නට මම මේ ලිපියෙන් අදහස් කරමි.


මොනවා කරන්නටත් පෙරාතුව අපිරිසිදු කකුල් දෙක පිරිසිදු කරගත යූතුයි. ඒ සඳහා මද රස්නයෙන් යූතු වතුර බේසමක් ඔබ සමීපයට ගන්න. එයට ෂැම්පූ ටිකක් හෝ සබන් ටිකක් එකතු කරගන්න. ඉන්පසූව පැය භාගයක් පමණ වෙලාවක් තමන්ගේ දෙපා එහි ඔබාගෙන ඉන්න.


සතියකට දවසක් දෙකක් මේ කටයූත්ත කිරීමෙන් ඔබේ දෙපා පිරිසිදු වනවාට සැකයක් නැත. වතුර තුළ දමා තිබෙන කකුල් තධධඔ ඊසෘඹී්‍ය එකකින් හොඳට අතුල්ලන්නත් අමතක කරන්න එපා.


පැලුනූ තැන් ගෙවූණූ ගලකින් පිරිමැදීමෙන් කකුල පිරිසිදු වෙනවා වගේම නැවතත් සියූමැලි සම සූන්දර බවට පත්වෙන බව අමතක නොකරන්න.




ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
මානෙල් කොටූවේගොඩ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment