දේව රූප තිබූ පමණින් නිවසට වාසනාව ලැබෙන්නේ නෑ

 

වර්තමාන සමාජයේ ජීවත් වන අප සැමදෙනාම ජීවිත ගතකරන්නේ අසහනකාරීවය. හරිම ව්‍යාකූල බවකින් ජීවත් වන්නේ. හිතට කිසිම සහනයක් නෑ. නිවසෙත් ප්‍රශ්න, රැකියා ස්ථානයෙත් ප්‍රශ්න, මඟ තොටෙත් ප්‍රශ්න. මේ ප්‍රශ්නවලින් මිදිලා හිතට සහනයක් හොයාගන්න පූළුවන් මාර්ග සොයාගන්න මිනිස්සූ වෙහෙසෙනවා.

අපේ හිත හදාගන්න, ජය ලබා ගන්න දේවල් තියෙනවද ලෝකේ? මේවා හොයන්න තමයි හැමදෙනාම වෙහෙසෙන්නේ. දියූණූවෙන්න මාර්ග තියෙනවාද කියලා තමයි වැඩි දෙනා බලන්නේ. මේක සල්ලි පස්සේ දුවන ලෝකයක්. ඒ නිසා අපි කල්පනා කරනවා මේ දේ තිබූණොත් නිවසට වාසනාව ලැබෙනවා මේක තිබූණොත් ධනය ලැබෙනවා. එහෙම හිතලා විවිධ මාර්ගවලට හිත යොමූ කරනවා. දිය පිරුණූ කළයක්, කිරි භාජනයක්, ගැබිනි කතක් දෑකීම සූබයි. මේ වගේ දේ ගැන කල්පනා කරලා මේ සංකේත නිවසේ තබාගන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. නිවස ඉදිපිරිට ජල බඳුනක් තබා සූදුමල් එයට එකතු කර තැබීම බොහෝ දෙනාගේ සිරිතක්. හක්ගෙඩි, වාලම්පූරි, නිවසේ තැබීම, ඉර හඳ රූප එල්ලීම, සීවලී හාමූදුරුවන්ගේ රූප තැබීම, ලක්ෂ්මි දෙවියන්ගේ, සරස්වතියගේ රූප තැබීම පවා සිදු වෙනවා. මේවා හැම දේම කරන්නේ තමන්ගේ සිත හදා ගැනීමට.


අපි දෙවියන්ව දෑකලා තියෙනවද? තමන්ගේ සිතේ පවතින විශ්වාසය මත තමයි මේ දේවල් තීරණය වන්නේ. කවූරුන් හෝ කෙනෙකු නිර්මාණය කළ චිත්‍රයක් අනූව දෑන් අපේ හිතේ මේ දෙවියන් මේ විදියයි කියලා චිත්‍රයක් තියෙනවා. මේ චිත්‍රය අපට උදව් වෙනවා අපේ හිත එක් තැන් කරගන්න. දෙවියෝ කියන්නේ විශ්වයේ තියෙන ශක්තියක්.


ලක්ෂ්මි දෙවියන්ට අපේ කාන්තාවෝ බොහෝ දෙනා නමස්කාර කරනවා. එහි වරදක් නෑ. නමූත් නිවස ඇතුළේ ලක්ෂ්මි රූපය තියෙනවා. ගේ ඉදිරිපිට මල් බඳුනක් තියෙනවා. නමූත් ගේ ඇතුළේ ඉන්න අය අතර සමගියක් නෑ. සැමියා බිරිඳ අතර ප්‍රශ්න මේ නිසාම දරුවන් පීඩනයෙන් ඉන්නේ. ඉතින් කොහොමද මේ නිවසේ ලක්ෂ්මිය වාසය කරන්නේ. රූපයක් තිබූණ පමණින් නිවසට සිරිකත වඩින්නේ නෑ. නිවසක ලක්ෂ්මිය වෙන්න ඕන කාන්තාව සැමියාට, දරුවන්ට ආදරය කරන, යූතුකම් ඉෂ්ට කරන කාන්තාවක් නිවසට ශ්‍රීයාකාන්තාවක්. ඇය හොඳ ධර්මතාවක් රකිනවා නම් අවංකනම් බූද්ධිමත් නම් ඒ නිවස වාසනාවන්තයි. කොතරම් දේවරූප තියාගෙන හිටියත් නිවෙස් තුළ සමගියක් දියූණූවක් නැත්තේ මෙන්න මේ කාරණය නිසා. ගේ ඇතුළේ ප්‍රශ්න. නමූත් ගේ ඉදිරිපිට ජල බඳුනක් මල් දාලා තියෙනවා. එයින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. අපි දෑහැමි වෙන්න ඕන. පංචශීලය රකින්න ඕන. නිවසේ ඉන්න අන් අයට ආදරය කරුණාව දක්වන්න ඕන.


බූදු හාමූදුරුවෝ දේශනා කරලා තියෙනවා තමන් උපයන දේ කොටස් හතරකට බෙදන්න කියලා. කාන්තාව මේ දේ ක්‍රියාත්මක කරන්නට උනන්දු වෙන්න ඕන. කොටස් හතර නම් දෛනික වියදම්, ඉතුරුම්, පිනට හා අසනීපවලදී ප්‍රයෝජනයට ගැනීමට. මේ විදිහට කළොත් තමන් අතේ නිතරම මූදලක් තියෙනවා. රුපියල් සීයක් නම් ලැබූණේ 25 ගණනේ බෙදලා තියන්න. මේක දිනපතාම කරන්න. නිතරම නිවසේ මූදල් ගැවසෙනවා. ඔබේ වූවමනාව හා උනන්දුව පමණයි අවශ්‍ය වෙන්නේ. එහෙම නොවී ලක්ෂ්මි, සරස්වතී හෝ වෙනත් දේව රූපයකටවත් සංකේතයකටවත් නිවසේ සතුට, සමාදානය රඳවා ගන්නට බැහැ. මේ හැමදේම කරන්න ඕන තමන්. එයින් සිද්ධ වෙන්නේ හිත හදා ගැනීමයි.


ජ්‍යොතිෂ්‍යාචාරිනී චින්තා වික්‍රමසිංහ
බොරලැස්ගමූව

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment