සම සූදුවෙන්න ක්‍රීම් ආලේපය සූදුසූද?

පූංචි දරුවන්ට අව්වේ සෙල්ලම් කරන්න එපා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙයි කියාල වැඩිහිටියෝ කිව්වේ නිකම්ම නෙමෙයි

මේ වන විට ආසියාතික යූවතියන් මෙන්ම පිරිමින් පවා සම පැහැපත කර ගන්න කැමතියි. මේ නිසා ඔවූන් විවිධ අත්හා බැලීම් කරනවා. සූදු වෙන්න කැමති පිරිස වෙළෙඳ පොළේ තිබෙන නොයෙක් නම්වලින් හඳුන්වන ෆෙයානස් කී්‍රම්වලට යොමූවන්නේ මේ නිසයි.


අපි විවිධ නම් වලින් හඳුන්වන ෆෙයානස් කී්‍රම්වල තියෙන්නේ මෙලනින් කියන වර්ණකය සම තුළ පැවතීම යම් ආකාරයකින් පාලනය කිරීමක්. මෙම පාලනය කිරීම විවිධ ක්‍රමවලින් කරනූ ලබනවා. සමහර කී්‍රම්වලින් මෙලනොයසයිට තුළ මෙලනින් වර්ණකය සෑදීම වළක්වනවා. තවත් සමහරකින් මෙලනින් වර්ණකය සෑදීම මෙලනොසයිට ෙසෙලවලට හානි කරනවා. එතනදී එම ප්‍රදේශයේ මෙලනොසයිට විනාශවීමෙන් වර්ණකය හැදෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රම දෙකෙන් තමයි ෆෙයානස් කී්‍රම්වලින් සම සූදු කරන්න සූදානම් වෙන්නේ. මෙම තත්ත්වය ඇති කරන්න බලපාන රසායන ද්‍රව්‍ය ෆෙයානස් ක්‍රිම්තුළ අන්තර් ගතවෙලා තියෙනවා.

මෙවැනි රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් අධික ලෙස යම් කෙනෙකුගේ සමේ කළු පැහැයක් තිබෙනවා නම් එම තත්ත්වය අඩූ කරගන්න හැකියාව තියෙනවා. නමූත් මෙවැනි බෙහෙත් වර්ග පාවිච්චි කිරීම බොහෝ විට සමට දිගු කාලීණ වශයෙන් හානිදායක තත්ත්ව ඇති කරන්න පූළුවනි. මොකද අපි දකිනවා මෙලනින් කියන වර්ණකය අපේ සම තුළ ඉතාම වැදගත් කාර්යබාරයක් කරනවා. මේ වැදගත් කාර්ය කියලා බැලුවොත් අපේ සම මතුපිටට බාහිරින් පැමිණෙන පාරජම්බූල කිරණවලින් අපේ චර්මයේ තිබෙන කොලජින් තන්තු සහ ඉලාස්ටීන් තන්තු විනාශ වෙනවා. මෙම තන්තු විනාශ වීමෙන් සමේ රැළි සොබාහවයක් ඇති වෙනවා. ඒ වගේම මෙම පාරජම්බූල කිරණවලට පූළුවන්කම තියෙනවා ශරිරයේ සමේ තිබෙන ප්‍රතිශක්ති යාන්ත්‍රණයට දායක වන ලැංගහැන් ෙසෙලවල ක්‍රියාකාරිත්වය අඩපන කරන්නත්. එවිට සමේ ප්‍රතශක්ති යාන්ත්‍රණය අඩපණ වෙනවා.


ඔබ අහලා තියෙනවා ඇති පූංචි දරුවෝ එහෙමත් නැතිනම් ඔබ පූංචි කාලේ ආච්චි අම්මලා, වැඩිහිටි අය කියනවා දරුවෝ වැඩිය අව්වේ සෙල්ලම් කරන්න එපා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙයි කියලා.


මෙතනදී වෙන්නේ අධික හිරු එළියේ සෙල්ලම් කිරීමෙන් සම හිරු එළියට නිරාවරණය වෙනවා. එවිට සමේ ප්‍රතිශක්ති යාන්ත්‍රය අඩපණ වෙනවා. සමේ ප්‍රතිශක්ති යාන්ත්‍රණය වෛරස් රෝගයක් පහසූවෙන් සමට ඇතුළු වෙන්න පූළුවන්. එම නිසයි සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස් රෝග ඉක්මනින් වැළඳිය හකි වෙන්නේ.






අසොක් කමලදාස

චර්ම රෝග වශේෂඥ වෛද්‍ය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment