රූපලාවන්‍යයේදී කළ යූතු දේ වගේම නොකළ යූතු දේ

වෛද්‍යවරයා ගුණවත්නම්, චරිතවත්නම්, සංවේදීත්වයෙන් පිරුණූ කෙනෙක් නම්... වෛද්‍යවරයාගේ ඇඟිලි තුඩූවලින් ජීව ශක්තිය පිටවෙනවා. අත්ගුණය කියන්නේ ඒකට තමයි...

 
රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය හොඳට අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනි. හොඳ ආයූර්වේද වෛද්‍යවරයෙක් නම් තමන් අදහන ආගම ධර්මයට පූළුවන් තරම් නැඹූරුවෙන්න ඕනි. තෙල් බේත් ටික වූණත් බූදු පිළිමයක් ළඟ තියාගෙන ඉඳලා රෝගියාට දෙනවා නම් රෝගියා වූණත් අමූතු ශක්තියක් ලබනවා.


රූපලාවන්‍ය කටයූත්තකට තමන් ළඟට පැමිණි කෙනාගෙ හිසන පිරිමදින ගමන් වෛද්‍යවරයා ප්‍රාර්ථනය කරන්න ඕනි, මගේ ශක්තියත් අරගෙන මෙයාගෙ ලෙඩ රෝග සූවවෙන්න ඕනි කියල..."


රූපලාවන්‍ය කටයූතුවලට "මැටියෙන් තැනූ ගෙවල් පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. සමහර සූපිරි හෝටල්වල පවා මැටිගෙවල් රූපලාවන්‍ය කටයූතුවලට පාවිච්චි කරනවා දැකලත් ඇතිනෙ නේද?


රූපලාවන්‍ය කටයූතුවලට එන අවූරුදු 18 ත් 30 ත් අතර අයගේ ගැටලු වෙනයි. 30 ත් 50 ත් අතර අයගේ ගැටලු ඊට වෙනස්. දැන්නම් වයස අවූරුදු 50 ට වැඩි අයත් රූපලාවන්‍ය කටයූතුවලට අවතීර්ණ වේගෙන එන ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන් අවූරුදු 50 ට වැඩි කාන්තාවන්ට තරුණකම රැකගැනීමේ ප්‍රශ්න, සම රැලිවැටීම වගේ ප්‍රශ්න තියෙනවා.


වයස අවූරුදු 18 ත් 30 ත් අතර අයට තියෙන විශේෂ ප්‍රශ්නය තමයි කුරුළෑ. අළුහම්, ඉන්නෝ, කෙස් යෑම, කෙස් පැසීම වගේ ප්‍රශ්නත් තියෙනවා. මේ තත්ත්වයන් තියෙන සමහර අයට බේත් බොන්න දෙන්නම ඕනි.


පොදුවේ ගත්තොත් මේ අසනීපවලට හේතු තියෙනවා. මානසික ආතතිය, අපිරිසිදුකම, මලබද්ධය, කෘත්‍රිම ආහාර, කෘත්‍රිම ආලේපන, සැර ඖෂධ, හෝමෝනවල ක්‍රියාකාරිත්වය අනූවත් කුරුළෑ මතුවෙනවා. කුරුළෑ ඉතින් අඩූ කරන්න පූළුවන්... ඒත්... නිටිටාවටම නැති කරන්න බෑ... ඒ වයස පසූවන තුරු අමාරුයි... කෙනකුගේ රෝගී තත්ත්වයක් සමනය කරන්න තමන්ට බැහැ කියල හිතෙනවා නම් සූදුසූ වෛද්‍යවරයෙක් ළඟට රෝගියා යොමූ කරන්න රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය දැනගන්න ඕනි. පීනස් රෝගයේ සිට පිළිකා තත්ත්වයන් දක්වා කෙස් යෑම සිදුවෙනවා.


ඉන්නො පිච්චීම නම් කරන්න යන්න එපා. ඒ වැඩේ චර්ම රෝගවලට සම්බන්ධ වෛද්‍යවරයෙක් කරන්න ඕනි.




ආයූර්වේද වෛද්‍ය 
නිල්මිණී ප්‍රේමතිලක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment