පාරජම්බූල කිරණ නිසා පිළිකා ඇතිවිය හැකිද?

පාරජම්බූල කිරණ සම මත පතිත වීමෙන් සමේ පිළිකා ඇති වෙන්න පූළුවන්. මේ සියලූ කාරණාවලින් අපිව ආරකෂා කරන්නේ සමේ අඩංගු මෙලනින් වර්ණකය මගින්. ෆෙයානස් ක්‍රීම් වල අඩංගු රසායන ද්‍රව්‍ය මගින් මෙලනින් වර්ණකය යම්කිසි ආකාරයකට ඉවත් කළොත් පාරජම්බූල කිරණ නිසා සමට ඇති වන අහිතකර බලපෑම් සියල්ල ඇතිවිය හැකියි.

සමේ වර්ණක පූද්ගලයකුට සාපයක් වෙන්නට බැහැ. අපි එය සැලකිය යූත්තේ වෙස්වලාගෙන ආපූ ආශිර්වාදයක් වශයෙන්. අපට නිතැතින්ම හිමිවෙලා තියෙන තලෙළු පැහැය තමයි අපිව වයසට යනව කියලා පෙනෙන එකෙන් ආරකෂා කරන්නේ.


අපි දෑකලා තියෙනවා සම තරමක් තද පැහැයක් ගන්න අය අවූරුදු තිස්පහක් හතළිහක් ගියත් ඔවූන්ගේ ඒ තරම්ම වයස පෙනෙන්නේ නෑ. නමූත් සමේ පැහැය අඩූ නම් පැහැපත් නම් අවූරුදු විසිපහ, තිස්පහ වනවිට සම වැහැරිලා ගිහිල්ලා සම වියපත් වෙලා ඉක්මනින් වයසට ගිහිල්ලා බව පෙනෙන්න තියෙනවා. මෙලනින් වර්ණකය කෘත්‍රිම ආකාරයට ඉවත් කරන්න යෑමේදී මෙවැනි හානි අපට ඇතිවීමේ ඉඩකඩ වැඩියි.


අපි සිතමූ අපේ සමේ එක්තරා තැනක වඩාත් කළු පැහැ ලපයක් තියෙනවා කියලා. මෙවැනි තැනක තද කළු පැහැය එම ප්‍රදේශයෙන් ඉවත් කරලා සමේ සාමාන්‍ය පැහැයට ගෙනෙන්න අපට පූළුවන් වෙනවා. ඒ සඳහා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් පරීකෂා කිරිමෙන් බෙහෙත් ලබා දෙන්න හැකියාව තිබෙනවා. එවැනි බෙහෙත් පාවිච්චි කළ යූත්තේ ඉතාම පරිස්සමෙන් බව කිව යූතුමයි. වෛද්‍යවරයා නිර්දේශ කළ බෙහෙත් ආලේප කළ යූත්තේ එම ප්‍රදේශයේ පමණයි. එවිටයි එම ප්‍රදේශයේ වර්ණ අඩූකරලා සෙසූ ප්‍රදේශයේ වර්ණයට ගෙන යා හැක්කේ. එවැනි අවස්ථාවක හැර සමේ


පැහැය අඩූ කරන විවිධ ආලේපන පාවිච්චි කරන්නට යෑම අපි අපටම කරගන්නා විශාල හානියක් වෙළෙඳපොළෙන් විවිධ නම්වලින් මිලට ගන්නා ෆෙයානස් ක්‍රීම් ආලේපනයෙන් කෂණිකව පැහැපත් බවක් සමට ලස්සනක් ඇති වෙන්න පූළුවන්. නමූත් දිගු කාලීනව ලොකු අනර්ථයක් විය හැකියි. සම ආරකෂා කරගන්න එහි තෙතමනය


රැකගන්න මොයිස්චර්රයිස ක්‍රීම් එකක් පාවිච්චි කළාට වරදක් නෑ. එහෙමත් නැත්නම් නිතර අව්වේ යන කෙනකුට නම් හිරු ආවරණ ආලේපනයක් පාවිච්චි කරමින් සම ආරකෂා කිරීම වඩාත් වැදගත්. එම නිසා යූවතියන් ෆෙයානස් ක්‍රීම් ආලේප කරන්නට පූරුදුවීම ගැන දෙවරක් සිතිය යූතුයි.


අසෝක කමලදාස
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment