ලස්සන ගැන හිතනවා නම් ඇපල් ගෙඩියක් කන්න

ලොකු කුඩා කවූරුත් ප්‍රියකරන ඇපල් නිවසේ තිබෙන පලතුරු අතරින් අනිවාර්යයෙන් පලතුරු බඳුනට එක්වන පලතුරක් හැටියටත් ඇපල් හැඳින්විය හැක.

මේ නිසා අද අපි අවධානය යොමූ කරමූ ඇපල් වල ගුණය පිළිබඳව.


ඇපල් උතුරු ඉන්දියාව, කාෂ්මීර්, ඔස්ටේ‍රිලියාව වැනි රටවල වගාකරනූ ලබයි. මෙය වර්ග කිහිපයකින්ද යූතු වෙනවා. ඇපල් පැණිරස මෙන්ම ඇඹූල් රසින්ද යූතු වෙනවා. සෞම්‍ය පලතුරක් හැටියට හැඳින්වෙන මෙය එතරම් බර පලතුරක් නොවේ.


මෙය විටමින් ඊ වලින් පොහොසත් වන අතර ග්ලූකෝස් (සීනි), පොස්පරස්, ටැනික් අම්ලය, කැල්සියම්, ජලය, විටමින් සී, පෝෂණ ගුණයෙන්ද අන්තර්ගත වෙනවා.


විශේෂයෙන් ඇපල් ගැන සඳහන් කරන විට අමතක නොකළ යූතු කරුණක් තිබේ. ඇපල් හෘද රෝගවලට ගුණ හදවතට සමීප පලතුරක් ලෙස හඳුන්වන්න පූළුවන්.


ඒ වගේම ඇපල් යූෂ රුධිරය පිරිසිදු කරයි. රුධිර වාහිනි පද්ධතිය හොඳින් ක්‍රියාකරවීමද, හන්දි අමාරුව වැනි රෝගවලටද ඉතාමත් ගුණදායක වේ.


මල බද්ධය දුරු කිරීමේ හැකියාවද දත්වලටද ගුණ දෙන ඇපල් ආයූර්වේදයේ සඳහන් පරිදි රෝග සඳහා ගෙඩි, මූල් ඖෂධ ලෙස යොදාගනූ ලබනවා.


කවූරුත් කැමති ලස්සන වන්නටනේ. විශේෂයෙන් සම පැහැපත් කර ගන්නට අද යූවතියන් වෙහෙසෙන බව ඔබ දන්නවා. ඇපල් රූපලාවන්‍ය පැත්තෙන් ඔබේ සම පැහැපත් කරන සමට ලැදි පලතුරකි. මෙය ෆෘටි පැක් එකක් ලෙසද යොදාගැනීමට පූළුවන්.


ඇපල් මිරිකා ගත් යූෂ රසවත් පානයක් මෙන්ම අප සාදන පලතුරු සලාදයට නැතුවම බැරි පලතුරකි.


ඔබ දිනපතා ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නේ නම් ඉතා සූදුසූ බවත් ආයූර්වේදයේ සඳහන් වෙනවා.


ආයූර්වේද ශල්‍ය වෛද්‍ය ඩී.එච්.තෙන්නකෝන්
ආයූර්වේද ශික්ෂණ රෝහල බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment