ගෙල පැහැපත් කරගන්න තවත් අපූරු ක්‍රම කිහිපයක්

මගේ මූහූණත්, අතපය පමණක් ශරීරයද ඉතා පැහැපත්ය. එහෙත් කියන්න කණගාටූය. මගේ බෙල්ලෙ පැහැය වචනයෙන් කියන්නට බැරිතරම් කළු පැහැය. මගේ ගෙල සමේ අනෙක් තැන් වගේම පැහැපත් කරගන්නට මඟක් නැද්ද?
 

මේ ප්‍රශ්නය වරක් පන්තියකදී උගන්වමින් සිටියදී ශිෂ්‍යාවක් කොළ කැබැල්ලක ලියා මගෙන් විමසූ පැනයකි. ඒ ප්‍රශ්නයට උත්තර දුන් මම එකී කොළ කැබැල්ල ප්‍රවේසම් කර තබා ගත්තේ, ඒ පැනයට මේ ගැටළුවට මූහූණ දී සිටින රටෙිම කාන්තාවන්ට නවලිය කාන්තා පූවත්පත මගින් පිළිතුරු දෙන අදහසින්ය.

ශරීරයේ අන් බොහෝ ස්ථාන මෙන් නොව බෙල්ල ඇඳුමකින් ආවරණය වී නැත. ඒ නිසාම මූහූණට වාගේම බෙල්ලෙ කුණූ දූවිලි රැඳෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එකක් මූණටත් වඩා ඒ ස්ථානයට දහඩිය දෑමීමත් මූහූණ මෙන් අප බේල වටා නිතරම සෝදන්නට උත්සූක නොවීමත් නිසා එතන දුර්වර් ණ වෙන්නට ඇති ඉඩකඩ වැඩිය.

මොනවා වූණත් ශරීරයේ අනෙක් තැන් වගේම ගෙල අවටත් පැහැපත්ව තබා ගැනීම අප අතින් සිදුවිය යූතුය. ගෙල අවට කැත වූණොත් එහි ඇති අවලස්සන බව මා අමූතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ නේද? අඩූ තරමින් බෙල්ල දුර්වර්ණයෙන් යූක්ත නම් රන් මාලයක් පැලදුවත් ලස්සන පේන්නේ නැහැ නේද?

මගෙන් ශිෂ්‍යාව ඇසූ පැනයට දෙන්නට ඇත්තේ ගෙලෙහි අව පැහැය යන්නට කළ හැකි දේවල් බොහෝ ඇති බවයි. ඔටබ ඒ සඳහා වෙළෙඳ පොළේ ඇති මොයිස්චරයිසර් ක්‍රිම් එකක් මිලදී ගැනීමට සිදු වේ. ඒ සඳහා ඒ තරම් මූදලක් වැය නොවන බව පමණක් මතක තබාගන්න. මොයිස්චරයිසර් වලට මම පහතින් සඳහන් කරන ඕනෑම වර්ගයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගෙලේ තවරා ඇගිලි තුඩූවලින් මෘදුව සම්භාහනය කරන්න. ටික වේලාවකට පසූව හොඳට සෝදා හරින්න. මේස ලුණූ, සීනි, කස්තුරි කුඩූ, වෙනිවැල්ගැට කුඩූ, කහ කුඩූ මේ කොයිදේත් මොයිස්චරයිසර් කී්‍රම් එක්ක මිශ්‍ර කර ගත්තාට වරදක් නැත. මේ සත්කාරය දිගින් දිගටම කිරීමෙන් ඔබේ ගෙලේ දුර්වර්ණ පැහැය කොහෙන් යනවාද කියා හිතන්නත් බැරිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment