සතුටූ කරන්න අමාරු තුන්දෙනා සතුටූ කරන්නේ මෙහෙමයි

 

පිරිමියකුට වඩා ගැහැනියකට තම සබඳකම් ගැන අවධානය යොමූ කිරීමට සිදුවේ. ඇතැම් සබඳතා ඇගේ ජීවිතයට බොහෝ වැදගත් හා බලපෑම් කරන සූළුය. එනම් සැමියාගේ මව සහ සොයූරු සොයූරියන් සමග පවතින ඇගේ සබඳතා කල්පනාකාරීව රැකගත යූත්තේ එයට සැමියාද මැදිව සිටීමෙනි.


එහෙයින්, සෑම බිරිඳකටම නැන්දම්මා සමග වූ සබඳතාව යහපත්ව පවත්වා ගත යූත්තේ විවාහයේ සූන්දරත්වය පවා පවතින්නේ ඇගේ සිත දිනා ගැනීම මත වීමෙනි. එයට අමතරව රැකියාව සූරක්ෂිත කර ගැනීම කාර්යාල ප්‍රධානියාගේ සිත දිනා ගැනීම සේම තම නිවසේ මෙහෙකාරියගේ සිත ද දිනාගැනීමටද ඇයට සිදුවේ. එහෙයින් ඇයට සබඳතා කෙරෙහි අලුතින් සිතීමටද සිදුවේ. එමෙන්ම එම සබඳතා සම්බන්ධයෙන් බූද්ධිමත් නොවූනොත් ඇයට සිත රිදවා ගැනීමටද සිදුවේ.


නැන්දම්මා


සෑම විවාහක කාන්තාවකටම නැන්දම්මා යන්න බොහෝ වැදගත් වදනක් වන්නේ ඇගේ සියලුම කටයූතුවලට බාධා කිරීමේ බලයක් ඇයට තිබීමෙනි. නමූත් ඔබ සැමියාට බොහෝ ආදරය කරන්නේ නම් හෝ ඔහූගේ ආදරය අංග සම්පූර්ණව අවශ්‍ය නම් හෝ "නැන්දම්මා" යන වදන ඔබේ ලෝකයෙන් ඉවත් කිරීමට අසීරුය. එහෙයින් ඔබ කල්පනා කළ යූත්තේ නැන්දම්මා සමග ගෙවන කාලය පහසූවීම හා ඇයව දිනාගැනීමට යෙදිය යූතු උපක්‍රමයන්ය.


"නැන්දම්මා සමග සබඳතා පැවැත්වීමේ වඩාත් හොඳ එක් ක්‍රමයක් වන්නේ ඉතා සූබවාදීව හා යහපත් අන්දමින් සීමාවන් තබා ගැනීමය" මෙසේ පවසන්නේ කාන්තා අර්බූදයන් සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන සායනික මනෝ චිකිත්සිකාවක වන ආර්පතා ආනන්ද්ය.


ඒ සඳහා වඩාත් සූදුසූ ක්‍රමය වන්නේ ඇය වෙනූවෙන් කළ යූතු හා නොකළ යූතු දේ කල්තියාම තීරණය කිරීමය. ඒ සියල්ල ඔබට කළ හැකි විය යූත්තේ බොහෝ ප්‍රීතිමත්වය. එමගින් සීමාවන් තීරණය කිරීමෙන් පසූව ඇය සමග එය කතාබහ කළ යූතු වේ. එමෙන්ම ඔබ නැන්දම්මා සමග පවත්වන සබඳතාවට ක්‍රමයෙන් වර්ධනය වීමට ඉඩ හරින්න. මන්ද පළමූ දිනයේදීම අංග සම්පූර්ණ දයාවක් ඇගෙන් ලැබීමට ලේලියකට හැකි නොවේ.


ඔබ නැන්දම්මා සමග පවත්වන සබඳතාව සංකීර්ණ නොවීමට මෙම නීති පද්ධතිය ඔබ අනූගමනය කිරීම වටී.


1 මූලින්ම ඔබේ නැන්දම්මා කෙසේ විය යූතුදැයි ඔබ ප්‍රාර්ථනා කරන අන්දමට ඇය සකස් කරගන්න.


2 කළ නොහැකි හා විශ්වාස කළ නොහැකි දෙයට "බෑ" කීම ඇය හමූවූ දිනයේ සිටම ක්‍රියාත්මක කරන්න.


3 ඇය ඔබ සම්බන්ධයෙන් හැසිරෙන ආකාරයට ඔබට දොස් පවරා ගැනීමට ඉදිරිපත් නොවන්න.


4 ඔබව නොතකා සිටීමට හෝ සිත් රිදවීමට ඇය කරන දේ ගැන කළබල නොවීමට පූරුදු වන්න. උදාහරණයක් ලෙසින් ඇය තම පූතුට තේ කෝප්පයක් පිළිගැන්වූවද, ඔබට එසේ නොකිරීම ඉඩ තිබේ. තම මිතුරියන් හෝ ඥාතීන්ට ඔබව හඳුන්වා දීමෙන් වැළකී සිටීමට හැකිය. ඒ සියලු දේ නොතකා සිටීමට පූරුදුවීමෙන් ඔබේ සිතේ සැනසීම අහිමි නොවේ.


කාර්යාල ප්‍රධානියාගේ සබඳතාව

නැන්දම්මාගෙන් පසූව හොඳ හිත දිනාගැනීමට ඔබ වඩාත්ම සිහින මවන්නේ කාර්යාලයීය ප්‍රධානියා සම්බන්ධයෙනි. මන්ද බොහෝ ප්‍රධානීන් මානසික ආතතියට පත්ව සිටියදී එය පිට කරන්නේ ඔබ වෙතිනි. අතිරේක වැඩ පැවරීමක් හෝ කෙතරම් කළ ද හොඳ නමක් දිනා ගැනීමට අසීරුවීම සිදුවන්නේ එහෙයිනි.


"කාර්යාලයීය ප්‍රධානීන් සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී ඔබ සිත රිදවා ගැනීමේ වරද ඇත්තේ ප්‍රධානියා අත නොව ඔබ අතේය." මනෝ චිකිත්සිකා, ආර්පිතා ආනන්ද් පවසන්නීය.


එයට හේතු ලෙසින් ඇය දක්වන්නේ ප්‍රධානියා විසින් පවසන දොස් හෝ සෘණාත්මක අදහස් පෞද්ගලිකත්වයට සම්බන්ධ කර ගැනීමට යෑමය. ඔබේ රාජකාරිය සම්බන්ධයෙන් ඔහූ අගය නොකිරීමද පෞද්ගලිකත්වයට සම්බන්ධ කර ගැනීමට ඔබ සිතන කරුණකි.


එමෙන්ම ප්‍රධානියා සමග පවතින සබඳතාවට යම් සීමාවන් පවත්වා ගැනීමට ඔබ එම කාර්යාලයට යද්දීම තීරණය කළ යූතුය. ඇතැම් අවස්ථාවලදී ප්‍රධානියා සම්බන්ධයෙන් ඔබ පනවා ගත් සීමාවන් හේතුවෙන් ඔබ සියූම් හූදකලාවීමකට පත්වීමටද ඉඩ තිබේ. නමූත් එම සීමාව බිඳීගිය විටදී සිදුවන්නේ ඔබේ වෘත්තීය ස්වභාවය හා පෞද්ගලිකත්වය වෙන්කර ගැනීමට අසීරු වීමය.


රැකියා ස්ථානයකදී එහි ඔබේ ස්ථාවරත්වය ඉතා යහපත්ව පවත්වා ගැනීමට නම්, ඔබ කළ යූත්තේ මූලික තීනි කිහිපයක් දැඩිව අනූගමනය කිරීමය. එයට අමතරව, සන්නිවේදනය කරන අදහස් ඉතා විවෘත හා විනිවිදභාවයකින් යූක්ත විය යූතුය.


ඒ සඳහා අනූගමනය කළ යූතු කදිම උපක්‍රමය වන්නේ ප්‍රධානියා හෝ කාර්යාලය සම්බන්ධ සිතිවිලි ගෙදර ගෙන නොයෑමය. ඒවා සියල්ලම සීමා කර ගත යූත්තේ කාර්යාලයටම පමණි.


මෙහෙකාරිය


යහපත් සබඳතා පවත්වා ගෙන යෑමේදී මෙහෙකාරියන් ද බොහෝ වැදගත් වන්නේ ඔවූන්ගේ හැරයෑම ඔබට විසඳිය නොහැකි ගැටලු


රැසක්ම ඇති කිරීමෙනි. එහෙයින් නිවසේ නේවාසිකව සිටින හෝ සවසට ගෙදර යන මෙහොකරියන් වූව ද ඔවූන් සමග ගනූදෙනූ කිරීමේදී බූද්ධිමත් විය යූතුය.


බොහෝ අවස්ථාවලදී ඔබට මෙහෙකාරියට වූවමනා අන්දමට හැසිරීමට සිදුවන අතර එසේ වන්නේ ඇයිදැයි සිතීමෙන් ඔබේ ඉවසීමේ සීමාව ඉක්මවා යයි. නමූත් මෙහෙකාරිය අපට වැදගත් නම් අපට ඇයට වූවමනා අන්දමින් ජීවත්වීමට සිදුවන්නේ සියලු මෙහෙකාරියන් සියූම් අධිතක්සේරුවකින් කටයූතු කිරීමෙනි.


බොහෝ මෙහෙකාරියන් නිවසේ පාලනය අතට ගැනීමට හා තමාට වූවමනා අන්දමින් ක්‍රියාකිරීමට පෙළඹේ. නමූත් එය නොඉවසා තමාගේ උපදෙස් පිළිපදින ලෙසින් ඇයට දැන්වීමට ගියහොත් ඔබ අනිවාර්යයෙන්ම පරාජිතයකු බවට පත්වේ.


තමා ප්‍රිය නොවූ බලපෑමක් එල්ල වූ විටදී කිසිදු දැනූම් දීමකින් තොරව හැරයෑම මෙහෙකාරියන්ගේ සිරිතය. එයින් සිදුවන්නේ ඔබේ දෛනික ජීවිතය සහමූලින්ම අවූල්වීම හා තවත් මෙහෙකාරියක සෙවීමට කාලය හා මූදල් වැයකිරීමට සිදුවීමය. බොහෝ අවස්ථාවලදී හිටපූ මෙහෙකාරිය තරමින් අලුතෙන් සොයා ගන්නි ගැන විශ්වාසය තැබීමට නොහැකි වීමද සිදුවේ. එය අනවශ්‍ය අසීරුවකට පත්වීමකි.


මෙහෙකාරියක පාලනය කිරීමේදී වඩාත්ම යහපත් උපක්‍රමය වන්නේ කාරුණික, ඉවසිලිවන්ත සේම ස්ථිර පූද්ගලයකු වීමය. එවිට යම් පාලනයකට යටත්වීමට ඔවූන් නිරායාසයෙන්ම සිදුවේ. ඒ අතරේදී බලපෑමක් කිරීමට ඉදිරිපත් නොවීමද වැදගත්වේ.


තව ද, ඔබේ නිවසට අලුතින් පැමිණෙන මෙහෙකාරියට ඔබේ ක්‍රමය වටහා ගැනීමට මඳ කලක් ලබාදිය යූතුය. එය අවබෝධ කරදීමද සියූම්ව සිදුකළ යූතුවේ. එසේ නොමැතිව සේවයට පැමිණි දිනයේ සිටම ඇයට දොස් පැවරීමට ඔබ සිතුවොත් ඉතා ඉතා ඉක්මණින්ම තවත් මෙහෙකාරියක ගැන සිතීමටද සිදුවේ.


මෙහෙකාරියගේ අතින් යම් වරදක් සිදුවූ විටදී ඔබ සිතිය යූත්තේ වැරදීම් මනූෂ්‍යයන් අතින් සිදුවන්නක් බවය. නමූත් බොහෝ අය තම මෙහෙකාරියන් සම්බන්ධයෙන් එම න්‍යාය ක්‍රියාත්මක නොකිරීමද වරදකි. එමෙන්ම මෙහෙකාරිය නිතරම අගය කිරීමටද අමතක නොකරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment