ඇවිදීම හොඳම ව්‍යායාමයයි

නිවැරදි ආකාරයට ව්‍යායාම් කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව අවම කරගත හැකි බව පසූගිය සතියේ අප සාකච්ඡා කළා ඔබට මතක ඇති. අද අපි බලමූ නිවැරදි ආකාරයට ව්‍යායාම් කරන්නේ කොහොමද කියලා.
 

අප කරනූ ලබන ව්‍යායාම

  • ස්වායූ ව්‍යායාම,
  • නිර්වායූ ව්‍යායාම,


හූදු තෙහෙටිටූව ඇති කරන ක්‍රියා යනූවෙන් වර්ග කළ හැකියි. නිවැරදි ලෙස ඔක්සිජන් භාවිත කරමින් කරනූ ලබන ව්‍යායාම පළමූ ගණයට වැටෙි. උදාහරණ ලෙස ගතහොත් පඩිපෙළක් නැගීම, පිහිනීම, සයිකල් පැදීම, ඇවිදීම වේ.


මෙම ව්‍යායාම් කිරීමේදී නිවැරදි ලෙස ඔක්සිජන් භාවිතය නිසා එය හෘදවස්තුවේ ක්‍රියාකාරීත්වයටද ඉතා හොඳ බලපෑමක් ඇති කරයි. මෙහි ඇති විශේෂ වාසිය නම් දෑනටමත් හදවතේ සිරවී ඇති නාල වෙනූවට අළුත් නාල විවෘත වීමයි. සමහර විට ඔබ ඇවිදීම හෝ වෙනත් ව්‍යායාමයක් කිරීමට ආරම්භ කළ පළමූ දින ඔබට ඉතා ඉක්මනින් හති වැටූණත් කලබල වෙන්න එපා. ඔබට හති වැටූණ විට මොහොතක් විවේක ගන්න. විවේකයෙන් පසූ නැවතත් ව්‍යායාම කරගෙන යන්න.


නිර්වායූ ව්‍යායාම් යනූ බර එසවීම වැනි කෙටි කාලයක් තුළ වැඩි ශක්තියක් වැය කළ යූතු කාර්යයකි. උදාහරණ ලෙස වාහනයක් තල්ලු කිරීම, ලොකු බෑගයක් ඔසවාගෙන යෑම, ඔබ එවැනි කටයූත්තක් කලහොත් ඒ මගින් "ලැක්ටික් අම්ලය" වැනි මින්ටයි නිපදවන නිසා එය සිරුරට අහිතකර වෙයි.


ගෙදර දොර ඔබ එදිනෙදා කරන කටයූතුවලදී ඔබ නිවැරදිව ව්‍යායාමයක් නොකළ නමූත් කරනූ ලබන පූංචි පූංචි කටයූතු මගින් දවස අවසානයේ ඔබ වෙහෙසට පත්වෙනවා. ඒත් එම කාර්යයන් මගින් ඔබේ හදවතට යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේ නැහැ.


එසේ නම් ඔබ ගෙදර දොරේ එදිනෙදා කටයූතු කළත් නිරෝගීව සිටීමට නම් නිවැරදි ව්‍යායාමයක් කළයූතු වෙනවා.


ඔබට පහසූවෙන්ම කළ හැකි ව්‍යායාමය වන්නේ ඇවිදීමයි. ඔබ රාජකාරියට යන අවස්ථාවේ හෝ සාප්පූ සවාරි යන අවස්ථාවේ හෝ ගමනින් යම් දුරක් පයින් ඇවිදීමට ඔබට පූළුවන්. රාජකාරි ස්ථානයේ වූවද ඉහළ තටිටූවලට ගමන් කිරීමේදී විදුලි සෝපාන භාවිත නොකොට තරප්පූ පෙළ භාවිත කළ හැකියි. එසේත් නොමැතිනම් විවේක කාලයක් සොයාගෙන ඔබේ සැමියාත් සමඟ සවස් කාලයේ යම්කිසි දුරක් ඇවිදීමට යා හැකියි.


මේ ආකාරයට ඔබම ඔබට ගැලපෙන පරිදි ව්‍යායාමයක් තෝරාගැනීම මගින් හදවතේ නිරෝගී බව ආරකෂා කරගත හැකිවනූ ඇත.


වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි
හෘද රෝග ඒකකය
කොළඹ ජාතික රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment