කුජ සහ ශනි හතේ සිටීම විවාහයට බාධාවක්ද?

කේන්දරයක කුජ සත්වැන්නේ සිටීම හෝ ශනි සත්වැන්නේ සිටීම කෙනෙකුගේ ජීවිතයේ යම් යම් කාරණාවලට බලපෑමක් ඇති කරයිද කියන කාරණාව අද අපි සළකා බලමූ.

 


කුජ ලෙස කේන්දරයක හඳුන්වන්නේ අඟහරු ග්‍රහයා සංකේතවත් කරන අවස්ථාව. එමෙන්ම ශනි ලෙස හඳුන්වන්නේ සෙනසූරු ග්‍රහයා සංකේතවත් කරන අවස්ථාව.


යම් කේන්දරයක සත්වැනි කොටූවේ කුජ හෝ ශනි සිටීම ගැන වැඩි වශයෙන් අවධානය යොමූ කරන්නේ විවාහයක් සිදු කරන්න යන අවස්ථාවක.


මිනිසූන් තුළ විශ්වාසයක් තියෙනවා අඟහරු ග්‍රහයා ඇතැම් සිද්ධිවලට අධිපති වගේම තවත් සමහර ක්‍රියාවලියන්ට මූල් වෙනව කියන කාරණාව. මෙය අඟහරුගේ ස්වරූපය ලෙස හඳුන්වන්න පූළුවනි.


සරල උදාහරණයක් ගත්තොත් ජ්‍යොතිෂ විද්‍යාවේ මේෂ, වෘශ්චික රාශිවල අධිපතියා ලෙස අඟහරු සලකනවා. එවැනි රාශිවලදී අඟහරු බලවත් වෙනවා. නමූත් සැම ග්‍රහයෙක්ම සෑම තැනකදීම බලවතෙක් හෝ දුබලයෙක් වෙන්නේ නැහැ. එවැනි කාරණාවක් සිතීමත් වැරදියි.


අපේ රටෙි සත්‍ය වශයෙන්ම බොරු බියක් ඇති කරලා තියෙනවා කෙනෙකුගේ කේන්දරයක සත්වැන්නේ අඟහරු සිටීම අසූබ කාරණාවක් ලෙසට.


ඇත්තටම මම දන්නේ නැහැ මොන හේතුවක් මත මෙවැනි මත නිර්මාණය වූණාද කියල. මෙවැනි මත පාපකර්මයක් විදිහට මම දකිනවා.


මෙවැනි අසත්‍ය, පදනමක් නැති මත, හිතේ තියාගෙන අද ලංකාවේ තරුණ, තරුණියන් කොපමණ සංඛ්‍යාවක් දුක්විඳිනවාද කියල කාටවත් හිතිලා නැති වෙන්න පූළුවන්.


ඇතැම් පිරිස් විසින් සමාජය තුළ වගේම විවාහ වෙන්න බලාගෙන ඉන්න අය අතරත් අනියත බියක් ඇති කරන්න සමත්වෙලා තියෙන බව කිව යූතුයි. විවාහයක් කියන්නේ ගැහැනූ, පිරිමි දෙදෙනෙක් එක්වීමක් පමණක් නොවෙයි අලුත් පරම්පරාවක ආරම්භයක්. එමනිසා කෙනෙකු විවාහ වෙන්නට සූදානම්වීමේදී එය යෝජිත විවාහයක් වූණත් ආදර විවාහයක් වූවත් කේන්දරයේ තිබෙන මෙවැනි තැන් සොයාගෙන ලතවෙන වැඩිහිටි පිරිස වගේම ඇතැම් තරුණ, තරුණියන්ද අපට ඕනෑ තරම් හමූවෙලා තියෙනවා.


විශේෂයෙන්ම පූවත්පත්වල පළවෙන මංගල යෝජනාවලට ලිවීමේදී කේන්දරයේ කුජ සිත් වැන්නේද, ශනි සත්වැන්නේද සොයා බලා ලියන්න අපේ වැඩිහිටියන් පවා පූරුදුවෙලා සිටිනවා. මෙවැනි කාරණා ගැන මගෙන් ඇවිල්ලා විමසීමක් කළ අවස්ථාවල මම ඔවූන්ගෙන් ප්‍රශ්න කරලා තියෙනවා ඇයි මේ අනියත බියක් කියල. බය නැතිව එවැනි කේන්දරවලට ලියන්න කියලා පවා මම උපදෙස් ලබාදීලා තියෙනවා.


අපි සාධාරණව කතා කළොත් ලංකාවේ කුජ සත්වැන්නේ සිටින සහ ශනි සත්වැන්නේ සිටින ගැහැනූ, පිරිමි දෙපාර්ශ්වයටම විවාහ වෙන්න බැරිව යනවනේ. විෂකින්නේ විෂක් නසන්න ඕන. එම නිසා මෙහෙම තෝරා ගැනීමකට කොටූවෙලා විවාහය වැනි ඉතාමත් උත්තරීතර කාරණාවක් කරන්න ගියොත් අපේ රටෙි මිනිසූන්ට ජ්‍යොතිෂය ගැන තිබෙන ගෞරවය, විශ්වාසය ඉදිරි පරම්පරා අතර හීනවන්නට පූළුවනි.


සඳු, හිරු, බ්‍රහස්පති කුජගේ යහළුවන් වන අතර බූධ සතුරු ලෙස ජ්‍යොතිෂයේ සළකනවා. ඔහූ මධ්‍යස්ථව කටයූතු කරන්නේ සෙනසූරු සහ සිකුරු සමගයි.


සත්වැන්නේ බැල්මට අතිරේක වශයෙන්, යූද්ධයේ නැතහොත් විනාශයේ සාමිවරයා හැටියට සිවූවැන්නට සහ අටවැන්නට ද බලය පතුරුවනවා. දස වැන්නේ දී බලවත් වන කුජ කේන්ද්‍ර හිමියාට බලය දෙනවා. සඳුට එකතුවෙමින් සමහර විට බ්‍රහස්පති, සිකුරු, බූධ සහ සෙනසූරු ග්‍රහ යූද්ධවලදී පරදවනවා. නෛසර්ගික බලය අතින් සෙනසූරුට වඩා බලවත් වූ විට විවාහක ප්‍රීතිය හීනකරවනවා කියලා තියෙනවා. නමූත් මෙයින් විවාහය දෙදරායාමක්, කෙනෙකු මරණයට පත්වීමක් කිසිසේත් සිදුවෙන්නේ නෑ.


ශනි ගැන සොයා බැලීමේදී ග්‍රහ ලෝකයට අයිති සෑම තරුවකටම වඩා බරපතල වෙනස්කම් සෙනසූරුට තියෙනවා. මොහූ හඳුන්වන්නේ දියෙහි දැම්මොත් නැවත දිය මතුපිටට එයි යනූවෙන්. මහලු වයසට සෙනසූරු අධිපති ලෙසයි සලකන්නේ. නරක තත්ත්වයට පත්වූ විට සෙනසූරු සියලු අයහපත දෙන බව පවසන නිසා කේන්දරයක ශනි සතේ සිටීමද විවාහය සඳහා අශුභ ඵල ගෙනදේයැයි ජනතාව සිතනවා විය හැකියි. මෙතනදී මට නැවත නැවත මතක් කරන්නට වන්නේ ග්‍රහයන්ගේ පිහිටීම, රාශි අනූව සියල්ල වෙනස්වන බවයි. එම නිසා බොරුවට අනියත බියක් ඇති කිරීමෙන් තව තවත් ජීවිත විනාශ කිරීමට කටයූතු නොකිරීම තමයි අපි විසින් කළ යූත්තේ.


විජයසිරි විද්‍යාරත්න
ප්‍රධාන කාර්යාලය
පංචිකාවත්ත පාර,
කොළඹ 10

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment