කාන්තාවන්ටම විශේෂිත වූ ෆයිබ්‍රොයිඩ් 18+



රූපසටහනෙන් දෑක්වෙන්නේ
ගර්භාෂය සහ ෆයිබ්‍රොයිඩ් ඇති වී ඇති ආකාරයයි



ෆයිබ්‍රොයිඩ් කියන්නේ ගර්භාෂයේ හටගන්නා ගණකම් මස් රොදක් ලෙසින් දිස්වෙන ගෙඩි වර්ගයක්. මේවා ගර්භාෂයේ නොයෙක් තැන්වල හටගන්නට පූළුවන්. ඒ කියන්නේ ගර්භාෂය ඇතුලේ, ගර්භාෂ පිටත බිත්තියේ වගේම ගර්භාෂය පිටත දාරයේ, අනිත් විශේෂ කරුණ ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් දෙකක් ඇතිවන අවස්ථා වගේම එකවර ගෙඩි දහයක් වැනි සංඛ්‍යාවක් ඇතිවන අවස්ථාත් තිබෙනවා.

ගැහැනූ ළමයකු වැඩිවියට පත්වූ තැන සිට වයස අවූරුදු පනහ දක්වා කාලය ඇතුළත ෆයිබ්‍රොයිඩ්ස් ඇතිවිමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ ආර්ථවහරණයත් සමග (ඔසප්වීම නැවතීම) ෆයිබ්‍රොයිඩ්ස් හැකිලී යනවා කියන එකයි. ඒකට හේතුව කාන්තා හෝමෝනය වන ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම නැතිවිම.

දැන් ඔබට වැටහෙනවා ඇති ෆයිබ්‍රොයිඩ්ස් ඇතිවීමට ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑමක් තිබෙන බව.

මාස් ශුද්ධියේදී අසාමාන්‍ය ලෙස රුධිර වහනය ෆයිබ්‍රොයිඩ්ස් වල ප්‍රධාන රෝග ලකෂණයයි. ඇතැම් අවස්ථාවල අධික ලෙස උදරයේ වේදනාවක් ඇතිවන්නටත් පූළුවන්. අසාමාන්‍ය ලෙස උදරය විශාලවීමත් ෆයිබ්‍රොයිඩ්ස් දැයි දැනගැනීමට කරුණක්. ඒ කොහොම වූණත් නිවැරදිව එය තීරණය කරන්නේ ස්කෑන් පරීකෂණයක් මගින්.

ෆයිබ්‍රොයිඩ්ස් ඇතිවෙන්න හරියටම හේතුවක් මෙතෙක් සොයාගෙන නැහැ. ඒත් එය ආරයට යාමේ යම් ප්‍රවණතාවයක් තිබෙන බව සොයාගෙන තිබනෙවා. ඒ කියන්නේ අම්මාට, පූංචි අම්මාට ෆයිබ්‍රොයිඩ් තිබූණේ නම් එම පවූලේ ගැහැනූ ළමයින්ට ෆයිබ්‍රොයිඩ් ඇතිවීමේ හැකියාව වැඩි බවයි.

දරුවන් ලැබෙන්නට සිටින මවූවරුන් අතරත් ෆයිබ්‍රොයිඩ්ස් දක්නට ලැබෙනවා වැඩියි. එයට හේතුවත් එම කාලය තුළ වැඩිපූර හෝමෝන ක්‍රියාකාරිත්වයයි.

ආර්ථවහරණයත් සමග ෆයිබ්‍රොයිඩ්ස් හැකිලී යන්නා සේම නැවත අලුතින් හටගැනීමක් සිදුවන්නේත් නැහැ. ඒත් ෆයිබ්‍රොයිඩ්ස් ඇතිවූ වයස සහ ඇතිවන අපහසූතාමත කාලයක් බලා සිටීමට නොහැකි තත්ත්වයක් උදාවන නිසා ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යූතුයි.

මේ දක්වා ෆයිබ්‍රොයිඩ්ස්වලට තිබූ එකම ප්‍රතිකාරය ගර්භාෂය ඉවත්කර දැමීම වූවත් අද දියූණූ තාකෂණය හමූවේ ෆයිබ්‍රොයිඩ්ස් පමණක් ඉවත් කිරීමේ ක්‍රම තිබෙනවා. ඇත්තටම අප රටෙිත් එතරම් නොවූවත් දැන් එම ක්‍රමය භාවිත වීම නිසා ගර්භාෂය ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

ෆයිබ්‍රොයිඩ්ස් ඇතැම් විටෙක ඉතාම කරදරකාරී අවස්ථාවක් ලෙසින් හඳුන්වා දෙන්නට පූළුවන්. ගර්භාෂය පිටතට බිත්තියේ ෆයිබ්‍රොයිඩ්ස් ඇතිවීම නිසා ඒවා විශාලවීමෙන් මූත්‍රාශයට තෙරපූමක් ඇතිවන නිසා නිතර නිතර මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවයක් ඇතිවෙනවා. එයත් රෝග ලකෂණය ලෙසින් මතුවන අවස්ථා තිබෙනවා.

කුඩා ගෙඩි වගේම ඇතැම් අවස්ථාවල ෆයිබ්‍රොයිඩ් එකක් කිලෝ 4ඃ5 ක් දක්වා ප්‍රමාණයකට විශාල වෙනවා.

ගර්භාෂය ඇතුළත ෆයිබ්‍රොයිඩ්ස් ඇතිවූ විට දරුවන් පිළිසිඳ ගැනීමටත් එය ප්‍රශ්නයක් ලෙසින් බලපාන අවස්ථා තිබෙනවා.

සාමාන්‍ය වශයෙන් ෆයිබ්‍රොයිඩ් කියන්නේ පිළිකා නොවන ගෙඩි වර්ගයක්. ඒත් ඉතා කලාතුරකින් කෝටියකින් එකක් වැනි අවස්ථාවක එය පිළිකා තත්ත්වයට හැරී තිබෙන බවත් සොයාගෙන තිබෙනවා.

රෝග ලකෂණ අනූව මූලික අවස්ථාවේදී සූදුසූ වෛද්‍ය උපදෙස් සඳහා යොමූවීම පසූතැවීමකට හේතුවක් නොවන බව නම් පැහැදිලියි.



ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය නිත්‍යා ජයවික්‍රම
ඇපලෝ රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment