කාන්තාව සහ බූදු දහම අතර මනා සබඳතාවක් තිබේ


අපි අද කතා කරන්න යන්නේ උත්තරීතර බූදු දහම සහ කාන්තාව යන මාතෘකාව ගැනයි. මේ මාතෘකාව ගැන කතා කරද්දී මට මූලින්ම මතක් වෙන්නේ අද අපේ සමාජය තුළ තිබෙන වැරදි ආකල්පයන් ගැනයි. ඒ තමයි බූදු දහම සහ බූද්ධාගම පටලවා ගැනීම. අද ලංකාවේ පවතින්නේ ථෙරවාදී බූද්ධාගමයි. ථෙරවාදයේ අතීතය සොයාගෙන ගියොත් මහා විහාරය සහ අභයගිරිය දක්වා අතීතයට අපට ගමන් කළ හැකියි. අභයගිරි පාර්ශ්වය කියන්නේ චීන බූදු දහම, ටිබෙටි බූදු දහම සහ මහායාන ජෛන ආගම වැනි වෙනත් ආගම්ද, විවිධ ශාස්තෘන්ගේද සියලු ධර්මයන් ගරු කරමින් ඒ සියල්ල එකම මධ්‍යස්ථානයකදී පූරුදු කර ගන්න පූහූණූ කරවන්න දෑන හඳුනාගන්න ඉගෙන ගන්න අවස්ථාව ලබාදුන් පාර්ශවයක් ලෙසයි.

දළදාව ලංකාවට ගෙනෙන්නේ අභයගිරි පාර්ශවයයි. මහා විහාරය මොන ආශ්චර්යකටද මේකට වදින එක කියලා නින්දා අපහාස කළා. කොහොම වූනත් අභයගිරිය ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට ලෝකය පූරා අන්තර් සම්බන්ධතාවයන් පවත්වාගෙන ප්‍රසිද්ධ වූණාම ඒ බූදු දහමේ උතුම් සොබාවය ලෝකයට පෙන්වපූ අවස්ථාවක්.

ආගම් බොහොමයක් ආක්‍රමණික විලාසයෙනූයි ලෝකය පූරා පැතිරිලා තියෙන්නේ. අපේ රටෙි වෙරළාසන්න ප්‍රදේශවල දේව ආගම් පැතිර තිබෙන්නේ ආක්‍රමණශීලීවයි. ඒ තරමටම ලෝකයේ ආගම් ආක්‍රමණිකයි.

නමූත් තතාගතයන් කවමදාකවත් ආක්‍රමණිකයෙක් වූණේ නෑ. උන්වහන්සේ බලහත්කාරයෙන් කිසිවෙක් ආගම්වලට හැරව්වෙත් නැහැ.

රජ ගෙදරක ඉපදුනූ උන්වහන්සේ රජකමින් ජනතාවගේ ප්‍රශ්න සියල්ල විසඳිය නොහැකි බව දෑකලා ඒ සියල්ලෙන්ම නිදහස් වෙලායි තමන්ගේම උත්තරීතර වූ මාර්ගයක් සොයා යන්න තීරණයක් ගත්තේ. නමූත් බූදු දහම කිව්වාම අපට මතක් වෙන්නේ භිකෂූව, පන්සල, භිකෂූවකගේ සමාජමය ක්‍රියාදාමයන් සහිත ලෝකයක්. ඒ ලෝකයේදී අපට මූණ ගැසෙන්නේ අභයගිරිය විනාශ කරන්නට උත්සාහ දරා මහා විහාරයේ දිගින් දිගටම පැවති ථෙරවාදයයි. එම නිසාම ථෙරවාදය තුළ මනූෂ්‍යයන්ව හෙලා දෑකීමේ පහත් කොට සැලකීමේ පූරුදුද මැනවින් ගැබ්ව තිබෙනවා. අද ලංකාවේ බෝධීන් වහන්සේලා සහිත පන්සල් ප්‍රමාණය ගත්තොත් 20000 ට අධිකයි. නමූත් මේවායින් ඉහළ තලයෙන් වැජඹෙන බෝධීන්වහන්සේලා මතට ඒ බෝධිය වටා රැගෙන ගොස් වතුර කලයකින් බෝධීන්වහන්සේ නහවන්න ස්ත්‍රියට කාන්තාවට හැකියාවක් තිබෙනවාද?

ප්‍රධානියෙක්ගේ, ප්‍රභූ කෙනෙක්ගේ බිරිඳ වූනොත්, ඥාතියෙක් වූනොත් පාන්දර හෝ සවසට කළුවර වැටෙන වේලාව බලලා ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියසට ගොඩ වී වත්පිළිවෙත් කරන කාන්තාවන් මමත් දෑක තිබෙනවා.

ගොරක කැබැල්ලක් වගේ නැවිලා කුදුවෙලා මිය පරලොව යන්න ආසන්න වයසේ කාන්තාවක් වතුර කලය අරගෙන බෝධීන්වහන්සේ වටෙි බෝධි පූජා තබන්න පියවර මනිනවා. නමූත් ඇයට තමන් මහන්සියෙන් හදාගෙන ආපූ කිරිබත් ටික පාත්තරය සමග බෝධීන්වහන්සේ පාමූල පූජා කරන්න අවස්ථාවක් නොලැබනවා. මෙවැනි අවස්ථා මමත් උඩ මළුවේ ඉදගෙන අනන්තවත් බලාගෙන ඉදලා තියෙනවා. මෙම දර්ශනය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ විතරක් නෙමෙයි බෙල්ලන්විල රජමහා විහාරයට ගියත්, කැළණිය රජමහා විහාරයට ගියත් අපට බලාගන්න පූළුවන්. මම මේ බෞද්ධ විහාරස්ථානවලට දොස් කියනවා නෙවෙයි.

ඒ නිසාම වටහා ගන්න ගෞතම තතාගතයන්වහන්සේ තමන්ට කිරි දී වැඩූ තමන්ගේ කිරි මව වූ ප්‍රජාපතී ගෝතමිය පිරිනිවන් පාන්නට හදන මොහොතේදී ඒ පිළිබඳව දෑනූම්දුන් පසූ ඒ මහා ස්ත්‍රිය පිටූපස පූංචි දරුවෙක් වගේ විහාරයේ දොරකඩට එනතෙක් පැමිණූනාය කියලා කතාවක් අපි අහලා තියෙනවා. එහෙනම් තේරුම්ගන්න ගැහැනිය කිල්ලක් සහිත දෙවන පෙල තත්ත්වයේ කෙනෙක් ලෙස සැලකුවේ බමූණන් විසින් යැයි අප කීවාට අපේ පන්සලේ බෝධීන් වහන්සේ අභියසදී අපේ කාන්තාවට ලැබෙන්නේ අඩූ සැලකිල්ලක් බව.

එම නිසා නිර්මල බූදු දහම යළි ස්ථාපනය කර ගැනීමට කාන්තාවන්ට විශේෂ වගකීමක් පැවරෙනවා. ඒක නිසා තේරුම් ගන්න ගැහැනිය කාන්තාව ඒ වෙනූවෙන් අවදිවිය යූතුයි. කුසේ දරුවෙක් ඉන්න ගැබිණි මවකගෙන් ඇහූවොත් බෝධීන් වහන්සේට අත් දෙක තියලා, නළල තියලා ඔබ ප්‍රාර්ථනා කරන්න කැමතිද ඔබට පින්වන්ත දරුවෙක් ලැබේවායි කියලා. නැත්නම් ඔබ බෝධියට අත තියලා, නළල තියලා ප්‍රාර්ථනා කරන්න කැමතිද තමන්ගේ කුසේ ඉන්න දරුවා නිරෝගීව ලැබෙන්න කියලා. එහෙම ඇහූවොත් ඒ ගැබිනි අම්මලා නෙතින් කඳුළු හලලා තමන්ගේ සතුට ප්‍රකාශ කරයි. බූදු හාමූදුරුවනේ ඒක කොයිතරම් වාසනාවක්ද කියලා. නමූත් මේ ඇතැම් කොටස් විතරයි එවැනි ගැබිනි මවකට ඒ උතුම් ක්‍රියාව කරගන්න බෝධීන්වහන්සේ ළඟට යන්න ඉඩ දෙන්නේ.

ඉතින් මතක තියාගන්න සත්‍ය වූ බූදු දහම ගැහැනිය සහ පිරිමියා තත්ත්ව දෙකකට යොදලා සැලකුවේ නැහැ. සැබෑ බූදු දහම සැබවින්ම කාන්තාවගේ නිදහසට උදව් කළා මිසක ගරු කලා මිසක පහත් කොට සැලකුවේ නෑ.

අනෙක් කාරණාව තමයි දළදාව තමන්ගේ කෙස් වැටියේ රඳවා සඟවාගෙන ලංකාවට රැගෙනවිත් දළදා මාළිගාවේ තැන්පත් කරන්න දායක වූයේ කාන්තාවක් නමූත් අද කාන්තාවට දළදාව තැන්පත් පත්තිරිප්පූවට නගින්න වඳින්න අයිතියක් නෑ. මේ ප්‍රශ්නය අසන විට බූදු දහමේ කාන්තා අයිතින් ගැන දේශන කරන අපට ශිෂ්‍යාවන්ගේ හාස්‍යයට ලක්වීම වලක්වන්න බැහැ.

බූදුන් වහන්සේ උපදින්නෙත් කාන්තාවකගේ කුසින්. ලංකාවේ භීකෂූන්වහන්සේලා උපදින්නෙත් කාන්තාවකගේ කුසින්. එම නිසා කාන්තාව සහ බූදු දහම අතර මනා සහයෝගයක් තිබෙන බව වටහා ගන්න.


ආධ්‍යාත්මවේදී සහ ජ්‍යොතිර්වේදී
චන්ද්‍රසිරි බණ්ඩාර


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment