ජීවිතයේ සැඳෑ සමයේ ඔබ දරුවන්ගේ ආදරය ලබන තනි නොවූ මවක් පියෙක් වන්නට නම්...




සූවඳ දි දී පූංචි මල් පොහොටිටූවක් විකසිත වෙන හැටි පේන්නෙ නෑ. මූළු ලෝකෙම ඇස් වහලා පූංචි මල් කැකුළු විකසිත වෙනවා. ඒ වගේමයි උපන්දා ඉඳලා පූංචි දරුවො මල් කැකුළු වගේ සූවඳ දි දී දවසින් දවස ලොකු මහත් වෙනවා. කාලයත් එක්ක අවූරුදු තුන හතර ගෙවිලා ගිහින් දැන් ඔබේ දරු පැටියා පාසල් යන කාලයටත් ඇවිත්...

පාසල් යන මූල්ම දවසේ දරුවා වෙනූවෙන් දෙමාපියන්ගේ හිත්වල දොරේ ගලන තරමටම බලාපොරොත්තු ගොන්නයි. ඒත් ඒ බලාපොරොත්තු සේරම හීන් සීරුවෙ එකින් එක ඉටූ කරගන්න ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද? කොහොම වූණත් පහේ ශිෂ්‍යත්වය දරුවන් ගැන දෙමාපියන්ට ඇතිවෙන මූලික බලාපොරොත්තුවක්.... පාසැල් ගියදා පටන්ම දෙමාපියන් දරුවො පස්සෙ පන්නන්නෙ ඒ බලාපොරොත්තුව ඉටූ කරගන්නයි. ටියූෂන්... ටියූෂන්.. මූළු දවස පූරාම දරුවා පොත්පත් අතරේ.. පූළුවන් හැමදේම කරලා... අමාරුවෙන් හදාගත්තා කොළඹ ඉස්කෝලෙකට යවන්න නං... කොළඹ අවටම ඉන්න දරුවෙක් වූණත් උදේ රැයින්ම නැගිටින්න ඕනේ... "වාහන තදබදේ..." අපේ වටිනා කාලය මූල ඉඳලම නාස්ති කරනවා. කොහොම වූණත් හැම දරුවෙක්ම උදෙන්ම නැගිටලා පාසැල් ගිහින් වැඩිපූරම කරන්නෙ ඉගෙන ගන්න එක. ලැබෙන එක. මොහෙතකදී හරි දරුවො කැමති සෙල්ලම් කරන්න. දරුවන්ගේ ඒ හැඟීම්... අශාවන්... ගැටගහලා පැත්තකට කරලා දෙමව්පියො කරන්නේ පූළුවන් තරම් දරුවට උගන්වන එක. පාසලෙන් එළියට එනකං බලා ඉඳලා... දවල්ට කෑම ටිකක් කවලා ටියූෂන් එක්ක යනවා. ඒක ඉවර වූණාම තවත් ටියූෂන් පංතියක්. 

ගෙදර අවට පස්සේ ඉස්කෝලෙන් දීපූ "හෝම් වර්ක්", පොත්පත් අතරේ කරන මේ ගනූදෙනූව ඉවර වෙනකොට හොඳටම රෑ වෙලා. ඊට පස්සේ.. හෙම්බත් වෙන දරුවා නින්දට යනවා. ඊළඟ දවසත් එහෙමයි., ඊළඟ දවස... ඒකත් එහෙමයි. පාසැල් ජීවිතේ ඉවර වෙනකල්ම... ළමා කාලය ඉවර වෙනකල්ම,.. දරුවන්ගේ ජීවිත ගතවෙන්නෙ එහෙමයි.

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා..." කියන කතාව ඇත්ත. ඒත් ඒ පොත්පත්වලින් විතරක් නෙවෙයි. සෙල්ලම් කරද්දී තම තමන්ට ආවේනික කුසලතාවල යෙදෙද්දී දරුවො මොන තරම් දේවල් ඉගෙන ගන්නවාද? අනේ අවාසනාවට අපේ දෙමවූපියන්ට ඒ දේවල් අමතක වෙලා. ඔවූන් ගතකළ සොඳුරු ළමාවිය අමතක වෙලා. පොත්පත් අතරින්ම ශිල්පය ලබන්නට... දියූණූව උරගාලා බලන්නට... දරුවන් හූරු කරලා. දුව පනින්න, වැටෙන්න, වැටිලා තුවාල වෙන්න, බෝල ගහන්න, රෝදයක් තල්ලු කරන්න, කෝම්පිටිටූ හදන්න, පොල් කටූවකට මාලු පැටව් අල්ලන්න.... සරුංගල් අරින්න, බෝනික්කෙක් නලවන්න, සෙල්ලම් ගෙයක් දාන්න, දුහූවිලි ගාගෙන බිම පෙරලෙන්න, ගස් නගි්න්න, පූංචි හූරතල් බලු පැටියෙක් එක්ක හරි හරියට දුවන්න, ඇත්තටම කියනවා නම් ළමයෙක් වගේ හැසිරෙන්න... ළමයෙක් වගේ හිතන්න... තියෙන ඉඩකඩ ඇහිරිලා.... ඇහිරිලා නෙවෙයි අහූරලා... සමූහයක් එක්ක සමගියෙන් ජීවත්වෙන්න... වැඩකටයූතු කරන්න... ජය වගේම පරාජයත් එක ලෙසින් බාර ගන්නට හිත් හදාගන්න... වගේ සමාජය හා ජීවත්වෙද්දී තිබිය යූතුු මානසිකත්වය පෝෂණය කරගන්න. පොත පතේ දැනූමෙන් බැහැ... 

ඒ සඳහා අවශ්‍ය වෙන්නේ බාහිර ක්‍රියාකාරකම්. අද දරුවාට ඒ වෙනූවෙන් යොදවන්නට කාලයක් නැහැ. එකිනෙකාට ආදරය කරන්න.... ආදරය ලබන්න... වෙලාවක් නැහැ. කරුණාව දක්වන්න, අනූකම්පා කරන්න අවස්ථාවක් නෑ. ආදරය කරුණාව, සෞන්දර්යය වගේ ආදරණීය හැඟීම් හිත්වලින් ඈත් වෙනකොට "මනූස්සකම" පසූබහිනවා. මනූස්සකමක් නැති හිත්වලට මමත්වය, ද්වේශය, ඊර්ෂියාව, වගේ නොහික්මූණූ හැඟීම් රිංගා ගන්නවා. ආදරය කරන්න... තුරුළු කරගෙන ඉන්න... කතන්දර කියාදෙන්න.. තියෙන වෙලාවෙදීත් උපරිමයෙන් තම දරුවන්ට පොත පතේ දැනූම ලබාදෙන්න උත්සාහ කරන දෙමවූපියො මූරංඩූ, යාන්ත්‍රික... අතිශයින්ම ආත්මාර්ථකාමී පරපූරක් මේ ලෝකෙට දායාද කරනවා. උගත්කමක් ඇති මනූස්සකමක් නැති ලෝකයෙන් යහපතක් බලාපොරොත්තු වෙන්න පූළුවන්ද?




ගරු කළ යූත්තන්ට ගරු කරන්න.. පිදිය යූත්තන් පූදන්න... අද සමාජය හූරුවෙලා නැහැ. සාදාචාරසම්පන්න... ශිෂ්ඨ සමාජයක සලකුණූ පෙනෙනතෙක් මානයක නෑ. ළමා ලෝකය මූරංඩූ වෙලා... වැඩිහිටි ලෝකය නපූරු වෙලා.. ලෝකය කර්කශ වෙලා... ඒත්... ආදරයේ පහසින් ඉඳහිට හෙලනා සැනසූම් සූසූමක සිසිලස නිසා තවමත් ලෝකය පවතිනවා. අද දියූූණූයි කියාගන්නා සමාජයේ දැන උගත්කමින් පොහොසත් වන දරුවන්ට තමන් මේ ලෝකෙට බිහිකළ අම්මව... අපමණ ලෙසින් වෙහෙසූනූ තාත්තව... රැක බලාගන්නට අවස්ථාවක් නැහැ. එක්කෝ දරුවො පිටරට. නැතිනම් රැකියාවල. ඒ නිසා අද දවසේ "මහලු විය" පූදුමාකාර විදිහට අසරණයි. හූදකලායි. පූංචි කාලේ ආදරෙන් තුරුල් කරගෙන කිරි පෙවූ අම්මාට මහලු වියේ ඇඟට දැනෙන අපහසූකම් කියාගන්න කෙනෙක් නෑ. පොත්පත්වල සිරවූණූ දරුවන්ට දෙමාපියන් ගැන හැඟීමක් නැහැ. ගතින් සිතින් බොහෝ ඈතට ගිය ඔවූන්ට "මහලු විය" යනූ ජීවිතයේ එක්තරා කාල පරිච්ඡේදයක් විතරයි. 

ආදරයේ සිසිල් දිය මෙලෙසින් තව තවත් සිඳී ගියොත් ලෝකය පිච්චිලා අඟරු වෙලා යාවි. "මනූස්සකම" බොහෝ සෙයින් හෑල්ලු වේවි. කිසිසේත්ම නොවිය යූතු දේ සිදුවන මේ ලෝකය වෙනස් විය යූතු කාලය එළඹිලා. ඒ සඳහා මූලික අත්තිවාරම දැමිය හැක්කේ දෙමාපියන්ටයි. මූල්ම පස් පිඩැල්ල කැපිය හැක්කේ ඔබටයි. ඔබේ දරුවා පාසල් යන පළමූ දිනය අද නම් අද සිටම ඔබ අතින් දරුවාට වියයූතු නොවිය යූතු දේ වෙන් කරගන්න. පූංචි මනස පොත්පත් අතරට බැඳ නොතබා සොබාදහමත් එක්ක ජීවත් වෙන්නට දරුවාට ඉඩකඩ සලසා දෙන්න. සෙල්ලම් කරන්නට... අත්හදා බලන්නට.. අවස්ථාව උදාකර දෙන්න. අහසේ තාරුකා ගණන් කරන්න... වළාකුළු අතරේ සැඟවෙන්න වගේම පොළොවේ පය ගහලා ජීවත්වෙන්නත් කියා දෙන්න. එකමත් එක රටක..... කතන්දර තුළින් දරුවාගේ නිර්මාණාත්මක හැකියාවන් පෝෂණය කරන්න. කවි, ගීත ගායනා කිරීමෙන් ලොවෙහි සොඳුරු බව වටහා දෙන්න. තුරුල් කරගෙන ආදරය කිරීමෙන් ආදරය ලබන්නටත්... ආදරය කරන්නටත් වගේම අසරණකමට පිහිටවීම තුළින් අනූකම්පාව, කරුණාව ගැන තේරුම් ගැනීමට උදව් කරන්න. 

අධ්‍යාපන කටයූතුවල යෙදෙන අතරේ බාහිර ක්‍රියාකාරකම්වලින් පෝෂණය වන ඔබේ දරුවා කොතරම් පරිපූර්ණ දරුවෙක්දැයි ඔබටම පසක් වේවි. ලොවට කොතරම් භාග්‍යයක්දැයි පැහැදිලි වේවි. ඒ නිසා දරුවා හා එක්ව හැකි උපරිම විරියෙන් ලෝකය පසූපස දුවන්නට එපා. හීන්සීරුවේ සන්සූන් ලෙසින් ලෝකය ඇති ඉසව්ව දරුවාට වටහා දෙන්න. එවිට සූන්දරත්වය තුළින්... ලෝකයටත් නොදැනෙන්නට ලෝකය ජය ගන්නට ඔබේ දරුවාට හැකිවේවි.




ඉමල්කා ප්‍රනාන්දු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment