ඇඟේ ලේ අඩූ අයට නිවිති ඉතාම ගුණයි

නිවිති

නිවිති බොහෝ අය ආහාරයට ගැනීමට අකමැති එහි තිබෙන සෙවල බව නිසාවෙනි. නිවිති රසවත් වෑංජනයක් ලෙසට පිළියෙල කරගත හැකි අතරම එය අමූවෙන් ද ආහාරයට ගන්නට පූළුවන්.

මෙහි ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, යකඩ, විටමින් ්ල ඊල ඊ2ල ඊ3 හා ක වලින් අන්තර්ගතය.

ගුණ

නිවිති ආහාරයට ගැනීමෙන් රුධිරය වඩවයි. සීත ගුණය ඇති බැවින් සිරුර සිසිල් කරලීමේ හැකියාවද ඇත. ඒ වගේම නින්ද අඩූ අයටද බෙහෙවින් ගුණ පලා වර්ගයකි.

නීරමූල්ලිය

අප එතරම් ගණන් ගන්නේ නැති වූව ද ගම්බද ජනයා නම් ඉතා ප්‍රියකරන පලා විශේෂයක්. එයට හේතුව ඔවූන්ට මූත්‍රා ආසාදනයක් ඇති වූ විට නීරමූල්ලිය තම්බා පානය කිරීමයි.

නමූත් නීරමූල්ලිය දලු වෑංජනයක් ලෙසට හා මැල්ලුමක් ලෙසට සාදාගත හැක. මෙයද සීත ගුණය තිබෙන පලා වර්ගයකි.

ගුණ

මූත්‍රා ආසාදනවලට වගේම සන්ධි රෝගවලට තම්බා පානයක් ලෙස ගනී.

ලිංගික දුර්වලතා ඇති අයට හා මූත්‍රා ගල් තියෙන අයට වාත, රක්ත, කකුල් ඉදිමූම, කුෂ්ට රෝග, සෙංගමාලය ආදී රෝගවලටද ගුණ ඔසූවකි.

සාරණ

අප ආහාරයට ගන්නා සාරණ සූදු සාරණ, රතු සාරණ, මහ සාරණ යනූවෙන් ප්‍රභේද කිහිපයකි. මෙය බොහෝ අය ආහාරයට ගන්නේ පරිප්පූ සමඟ හෝ කොස් ඇට දමා සාදා ගන්නා වෑංජනයක් ලෙසටයි.

සාරණවල පොටෑසියම්, නයිටිඩේ්‍රටි, ශාර වර්ග, සල්ෆේටි, ෆ්ලෝරයිඩ්, නයිටිඩේ්‍රටි, ක්ලෝරේඩ් අඩංගු වේ.

ගුණ

සාරණ ආහාරයට ගත්විට ලේ පිරිසිදු කර සම පැහැපත් කරයි. ඇස්වලට හිතකරවන මෙය මළබද්ධය දුරුකිරීමේ හැකියාව තිබේ. මූත්‍රාශයේ ගල් ආදියත්, මූත්‍රා ආසාදන වලටත් ගුණය. කුෂ්ට රෝගවලදී ආලේපයක් ලෙසටත් යොදා ගනූ ලබයි. සිරුරේ ඉදිමූම්වලටද ගුණයි.

එරබඳු

අපට එරබඳු මැල්ලුමක් සාදන්නට මතක් වන්නේ කුඩා දරුවන්ට ඇතිවන කිරිපණූ රෝගය ඇතිවූ විට හා දරුවෙකු වැටූණූ අවස්ථාවක තැල්ම සඳහා තැවීමටය. නමූත් මෙය පලා වර්ගයක් ලෙස ආහාරයට ගනූ ලබන්නේ ලා දලු වෑංජනයක් ලෙසට හා ලා කොළ මැල්ලුමක් ලෙසටය. ඉතා රසවත් පලා වර්ගයක් විදියට හඳුන්වා දීමට හැකියි.

ගුණ

එරබඳු පණූ රෝගවලදී හා තැල්මකදී යොදාගනී. කුෂ්ට රෝගවලට වගේම අක්මා රෝගවලටද ගුණ බවත්, ආහාර දිරවීම පහසූ කරවන අතර බඩගින්න ඇතිකිරීමේ බලයත් මලබද්ධය දුරු කිරීමේ බලයත් එයට හිමිය. එරබඳු කිරිදෙන මව්වරුන්ට වඩා ගුණදායක පලා වර්ගයකි.

ආයූර්වේද වෛද්‍ය උපේන්ද්‍රා දිල්රුක්ෂි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment