විටමින් සී බහූල දෙහි





දෙහි මූළුතැන්ගෙයි ආහාර රස ගන්වන රස කාරයක් ලෙසත් බීමක් ලෙසත් යොදා ගත්තද මෙය ඖෂධීය ගුණයෙන්ද පොහොසත්ය.අත් බෙහෙතක් හැටියට නිවසේ අයෙකුට බඩේ අමාරුවක් සෑදුන විට දෙහි ගෙඩියක් යූෂ මිරිකා ලුණූ කැටයක දමා පානය කරන්නට දෙන්නේ එහි තිබෙන මා හැඟි ගුණය වැඩිහිටි අය දන්නා බැවිනි.




පැඟිරි කුලයට අයත් බොහෝ දෑ තිබූණද ඉන් ප්‍රධාන තැනක් හිමිවෙන්නේ දෙහි වලටයි. ආයූර්වේදයේදී දෙහි කොළ, පොතු, මූල්, ගැට, ආදී සියලුම අංග බෙහෙතට යොදා ගනී.




විශේෂයෙන් දෙහි යන්ත්‍ර මන්ත්‍ර වලදී හා ඇස්වහ කටවහ දෝෂ දුරු කිරීමට උපයෝගී කරගනී. එයට හේතුව භූතදෝෂ නැති කිරීමේ ගුණයක් දෙහි සතුව පවතින බව විශ්වාස කරන නිසාවෙනි.




දෙහි සෙමට ගුණ ශරීරය තරබාරු අයට හා කොලෙස්ටරෝල් ඇති අයට ඉතා සූදුසූ බව ආයූර්වේදයේ පෙන්වා දෙයි. විශේෂයෙන් සඳහන් කළ යූත්තේ ගැස්ට්‍රයිටීස් තිබෙන රෝගීන්ට නූසූදුසූ බවයි.




හිස බර ගතිය තිබෙන විටදී දෙහි කොළ තම්බා ගත් ජලයේ වාෂ්පය ඇල්ලීම සිදු කරනවා. එසේ සිදු කරන්නේ දෙහි කොළ සතුව පවතින වාෂ්පශීලී තෙල් ශ්වසන පහසූව ඇති කරවන බලය පවතින නිසයි.




ඒ වගේම පත්තෑයින් වැනි සතුන්ගෙන් හානි වූ විට එම ඉදිමූව ඇති ස්ථානයේ රත්හඳුන් හා දෙහි යූෂ සමඟ එකතු කර ආලේප කරන්නේ එහි විෂ දුරු කිරීමේ හැකියාවත් තියෙන නිසාවෙන්ය.




ආම්ලික ගුණයෙන් යූතු වන දෙහි බහූල වශයෙන් විටමින් සී අඩංගු වෙනවා. දෙහි ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය ඇතිවන හා බඩගින්න වඩවන අතර මූඛයේ ඇතිවන අප්‍රියතාවය නැති කරවීමට සමත් වෙයි.




උණ සහ වමනය ඇති අවස්ථාවලදී පානයක් ලෙස සකසා ගත හැකි අතර පිපාසය සංසිදීමේ හැකියාවත් තිබෙනවා.




දෙහි යූෂ, සීනි, ලුණූ හා ජලය එකතු කර සකසා ගන්නා පානය ඉතා රසවත් මෙන්ම කවූරුත් ප්‍රියකරයි. එලෙසම ඔබට නොමිලයේ විටමින් සී සිරුරට ලබාගන්නට හැකිය.




අපගේ ගෘහනියගේ මූළුතැන්ගෙයි තිබෙන දෙහි ඉතා හොඳ රූපලාවන්‍ය ආලේපනයක් විදියටද පෙන්වා දෙයි.




ඉවත ලන දෙහි ලෙලි වියළා කුඩූ කර ගත් පසූ මූහූණ පිරිසිදු කරන පැක් එකක් විදියට සකස් කරගන්න පූළුවන්. ඒ වගේම යූෂ මිරිකා ඉවත් කරන දෙහි පළුව ගෙන ඔබගේ දෑත්වල හා පාදයේ යටි පතුල්වල ආලේප කිරීම සමපිරිසිදු කර ගත හැකි වෙනවා මෙන්ම දැතේ තිබෙන කහට ඉවත් කර ගැනීමටත් හැකියාව මින් ලැබෙනවා.




විෂබීජ නාශකයක් ලෙසත් ක්‍රියා කරන දෙහි දුර්ලභ කාලවලදී නැවත පරිහරණය කිරීමට හැකි වන පරිදි ලුණූ දෙහි දමා තබා ගැනීමටද පූළුවන්.




ආයූර්වේද වෛද්‍ය උපේන්ද්‍රා දිල්රුක්ෂිි

සෙත්මිර ආයූර්වේද ආයතනය, බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment