ලොකු මාළු මිලදී ගැනීමට පෙර මේ ගැන සිතන්න


එදිනෙදා ඉහළ යන ජීවන වියදම හමූවේ අද ගෘහනියන් මූහූණ පාලා තියෙන්නේ විශාල ගැටලූවකට. මිල අධික දේ නිවසට ගෙනාවට පස්සේ ඒවා පරිභෝජනයට නූසූදුසූ තත්ත්වයේ තිබූණොත් ඇතිවන තත්ත්වය ගැන අමූතුවෙන් කියන්නට ඕන නෑ.

අද අපි කතා කරන්නේ ලොකු මාළු ගැනයි.

ලොකු මාළු මිලදී ගන්නා විට ඔබ සැලකිලිමත් විය යූතු කරුණූ මොනවාද කියල අපි බලමූ.

මූලින්ම ඔබ මාළු මිලදී ගන්නා ස්ථානය ගැන අවබෝධයක් ඇති කරගන්න. ඔබ ඇතැම් විට එදිනෙදා නිවසටම පැමිණ මාළු අලෙවි කරන වෙළෙන්දකුගෙන් මාළු ගන්නවා වීමට පූළුවන්.

එවැනි අවස්ථාවල ඔවූන් නරක් වූ මාළු අලෙවි කිරිම සිදු කරන්නේ නෑ. එම ගනූදෙනූව සිදුවන්නේ ඔබගේ විශ්වාසය මතයි. එසේ නැතිව ඔබ අහම්බෙන් හමූවන වෙළෙන්දකුගෙන් මාළු මිලදී ගන්නවා නම් ඒ ගැන සැලකිලිමත් වන්න. මන්ද එම වෙළෙන්දා නැවත හමූවන්නේ නැති නිසා ඔබට නරක් වූ මාළු අලෙවි කරන්නටත් පූළුවන්.

වඩාත් සූදුසූම දේ ඔබ ප්‍රදේශයේ ඇති පොළට හෝ මාළු වෙළෙඳ සැලකට ගොස් මාළු මිලදී ගැනීමයි. එවැනි තැන්වල පාරිභෝගිකයින් රවටා මාළු අලෙවි කිරිම සිදුවන්නේ නෑ. එයට හේතුව ඔවූන් එම ස්ථානවල ස්ථීර වෙළෙඳුන් වීමයි. ඒ නිසා ඔබ අත ඇති මූදලට හොඳ මාළු මිලට ගන්නට ස්ථීර මාළු අලෙවි සැළකට යාම වඩාත් සූදුසූයි.

හොඳ මාළු හඳුනා ගන්නේ කොහොමද?

ං ලොකු මාළු මිලට ගන්නා විට මාළුවාගේ ගඳ, සූවඳ අනූව මාළුවල හොඳ නරක මූලින්ම හඳුනා ගන්නට පූළුවන්. දැඩි ගඳකින් යූතු නම් මාළු මිලදී ගන්නට එපා.

ං මාළුවාගේ කරමලය දෙස බැලීමෙන්ද හොඳ මාළු හඳුනා ගන්නට පූළුවන්. කරමලය රතු පාටින් යූතුව තිබෙනවා නම් එම මාළු තෝරාගන්න. අඩූ රතු පැහැයකින් හෝ සූදු වූ කරමලය පවතින මාළු හොඳ තත්ත්වයේ පවතින ඒවා නොවේ.

ං මාළුවාගේ කඳ කොටස එබෙන ස්වභාවයකින් යූතු නම් එම මාළු ද සූදුසූ නැහැ. හොඳ මාළු තද ගතියකින් යූතුයි.

ං එසේම මාළුවාගේ පැල්ලම්, තැලූන ලකුණූවලින් පෙනෙන්නේ මාළුවා හොඳ නැති බවයි.

ං බොහෝවිට අපි ලොකු මාළු කැබලි කපා හෝ පෙති කපා මිලදී ගන්නවා. එවැනි අවස්ථාවල ඔබට මාළුවාගේ ඇතුළත මස පෙනෙනවා. එම මස් සූදු මැලි නම්, කහපාට නම්, ඒවා මිලදී ගන්න එපා. ඇතුළත හොඳ රතුපාටින් යූතුව තිබෙනවා නම් එම මාළු අලුත් මාලු ලෙස සලකන්නට පූළුවන්.

ං මාළු විකුණන ස්ථානවල රතු ඉටි කොල, විදුලි එළිය ඇත්නම් මදක් සැලකිලිමත් වෙන්න. මේවායෙන් එන ආලෝකයට මාළුවාගේ වර්ණය වෙනස් වී පෙනෙනවා. හැකිනම් පිටතට ගෙනැවිත් බලා මාළු තෝරා ගන්න.

ං බොහෝ ස්ථානවල දින ගණනක් අයිස් දමා මාළු තබා ගන්නවා. එවිට කරමලය සූදුවීම වැනි ලකෂණ දැකිය හැකියි. ඒ නිසා ලොකු මාළු මිලදී ගැනීමේදී මේ ගැන සැලකිලිමත් වී ඔබේ මූදල් ඉතිරි කරගන්න.



සූපවේදීනී
අසෝකා ජයසේකර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment